අජිත් අලහකෝන්
සුනාමියෙන් අසරණ වූ දරුවන්ට ආධාර කිරීම සඳහා 2005 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇති රුපියල් කෝටි 3.2 ක මුදලින් රුපියල් එක්කෝටි අසූ දෙලක්ෂ හතළිස් හත්ලක්ෂයක මුදලක් වියදම් නොකර ඉතිරිවී ඇතැයි විගණකාධිපතිවරයාගේ 2008 වාර්තාවේ සඳහන් වේ.
එතරම් මුදලක් ඉතිරිවී තිබියදීත් මුදල් ප්‍රතිපාදන නොමැති බව පවසමින් ළමා හා යෞවන මධ්‍යස්ථාන පහක් වසාදමා තිබෙන බවද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ දක්වා තිබේ.
වසා දමනු ලැබූ මෙකී මධ්‍යස්ථානවල තිබූ රුපියල් විසි දෙලක්ෂයක් පමණ වටිනා ස්ථාවර වත්කම් තොගයක්ද විවිධ ආයතන වෙත බෙදා දී ඇත. අදාළ මධ්‍යස්ථාන පවත්වාගෙන යැම සඳහා 2007 වසරේදී රුපියල් හතලිස් නව ලක්ෂයක්ද 2008 වසරේදී රුපියල් හතලිස් ලක්ෂයක්ද වියදම් කර ඇතැයි විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අදාල විගණකාධිපති වාර්තාව සහිත ජාතික ළමා රක්ෂක අධිකාරියේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
http://www.divaina.com/2012/02/26/news05.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment