Showing posts with label Freedom of Expression. Show all posts
Showing posts with label Freedom of Expression. Show all posts

Saturday, November 16, 2013

Factory pollution news issue (1)

කර්මාන්ත ශාලාවකින් පරිසරයට වන හානිය හෙළිදරව් කෙරෙන හෝ ඒ පිළිබද බලධාරින්ගේ අවධානය යොමු කෙරෙන ප්‍රවෘත්ති පළකිරම - ‘රන්දිව’ පුවත් පතට අතුරු තහනමක් පැනවීම ප්‍රතික්ෂේපයි

Tuesday, October 1, 2013

Kaudulla tree felling issue (1)

කවුඩුල්ල වැව් රක්‍ෂිතයේ දැව ජාවාරම හෙළිකළ මාධ්‍යවේදියාට මැර තර්ජන - දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාත් බැණ තර්ජනය කළැයි පොලිසියට පැමිණිලි කරයි

http://www.divaina.com/2013/10/01/provin02.html

Friday, September 6, 2013

Case on demonstrations (2)

උද්ඝෝෂණයෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයා  වන්දි ඉල්ලූ පෙත්සම නොවැ. 12 විභාගයට
http://www.dinamina.lk/2013/09/06/_art.asp?fn=n13090610

Leave to proceed granted in case against student demo

Saturday, December 10, 2011

වෙබ් අඩවි පහකට පැනවූ තහනම ඉවත් කරන්න ගොනු කළ පෙත්සම සලකා බැලේ

සරත් ධර්මසේන

වෙබ් අඩවි 05 කට ශ්‍රී ලංකාවේ පිවිසීම අහුරාලමින් පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන වර්ෂයේ ජනවාරි 24 ට කල් තබන ලදී.

ආර්. කේ. එස්‌. සුරේස්‌ චන්ද්‍ර සහ සත්‍ය හෙට්‌ටිගේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවූ අවස්‌ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් සවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙත්සමට විරෝධයක්‌ මතු කළ අතර ඔහු කියා සිටියේ පෙත්සම්කරුවන්ට පෙත්සම පවත්වාගෙන යැමට නෛතික අයිතියක්‌ නැති බවයි.

පෙත්සම්කරුවන් තහනමට ලක්‌වී ඇති වෙබ් අඩවිවල අයිතිකරුවන් නොවන බවත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ නීති රෙගුලාසි යටතේ සහනයක්‌ ලබාගැනීමේ අයිතියක්‌ නැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

පෙත්සම නැවත කැඳවූ පසුව අදාළ සියලුම පාර්ශ්වවලින් ඉදිරිපත් කෙරෙන කරුණු සලකා බැලීමෙන් පසුව පෙත්සම ගැන විභාගයක්‌ පවත්වනවාද නැද්ද යන්න ගැන තීරණයක්‌ ගන්නා බව විනිසුරු මඬුල්ල සඳහන් කළහ.

නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයයේ කැඳවුම්කරු බව කියන සුනිල් ජයසේකර හා සාමාජික උදය කලුපතිරණ මෙහි පෙත්සම්කරුවෝ වෙති.

අධිනීතිඥ ඡේ. සී. වැලිඅමුණ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ඩී. එස්‌. ජයසිංහ, විදුලි සංදේශ නියාමක කොමිසම වෙනුවෙන් ද අධිනීතිඥ අනූෂ පැල්පිට වෙනුවෙන් අධිනීතිඥ අලි සබ්රිද පෙනී සිටියේය.

http://www.divaina.com/2011/12/10/news28.html