චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
කන්තලේ බෝගස්පිටිය චුන්නන්කාඩු රක්ෂිතයේ දැව ජාවාරමේ යෙදුන පුද්ගලයන් 12 ක් හා රු. ලක්ෂ පහකට අධික හොරට කැපූ දැව කඳන් තොගයක් ඊයේ (5) විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කරත්ත නවයකින් දැව කඳන් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී කරත්ත ද සමඟ සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබේ.
කෝන්, කරඳ, වෙලන්, දඹ, කළුමැදිරිය, කොහොඹ හා ටර්පන්ටයින් වර්ගවලට අයත් දැව කඳන් 23 ක් රක්ෂිතයෙන් කපා මෙසේ ප්‍රවාහනය කරමින් තිබුණු බව විශේෂ කාර්ය බලකාය පැවසීය.
කන්තලේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව පෙරේදා (04) රාත්‍රී රක්ෂිත වනයේ වැටලීම ආරම්භ කර තිබිණි.
එහිදී සොයා ගත් තොරතුරු මත ඊයේ (05) අලුයම සැකකරුවන් කරත්ත හා දැව අත්අඩංගුවට ගෙන ඇත.
http://www.dinamina.lk/2011/09/06/_art.asp?fn=n1109068
No comments:
Post a Comment