ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය කියයි
රනිල් ධර්මසේන
අධික වර්ෂාව සහිත කාලගුණය තවදුරටත් පැවතියහොත් නුවරඑළිය, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල යම් යම් ප්‍රදේශවල නායයැමෙහ් හෝ ගල් පෙරලීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.
විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන, නෝර්ටන් බ්‍රිඡ්, මස්කෙළිය ප්‍රදේශ ඇතුලත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට යන පදේශීය ලේකම් කොට්ඨාසවලත් මේ තත්ත්වය වැඩි වශයෙන්ම ඇතිවිය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නායයැම් අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආර්. එම්. එස්. බණ්ඩාර මහතා "දිවයින"ට පැවසීය.
ඊයේ පෙරවරුවේ ඉහත ප්‍රදේශවල අධික වැසි පැවති බවත් සවස් හා රාත්‍රි කාලයේ අධික වැසි ඇතිවුවහොත් ඉවුරු කැඩීම්, ගල් පෙරළීම් හා නාය යැම් වැනි ආපදාවන් ඇතිවිය හැකි බවද හෙතෙම කීය.
http://www.divaina.com/2011/09/14/news29.html
No comments:
Post a Comment