ජගත් කණහැරආරච්චි
දකුණු ඉන්දීය ධීවරයන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරන මහා පරිමාණ මත්ස්‍ය සංහාරය වහා අත්හිටුවීමට පියවර ගන්නැයි උතුරේ ධීවරයෝ රජයෙන් ඉල්ලා සිටිති.
සඳුදා, බදාදා සහ සෙනසුරාදා යන දිනවල සතියකට තෙදින බැගින් ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකාව ආසන්නයේ මසුන් මැරීම සඳහා ඉන්දීය රජය අවසර ලබාදී ඇතත්, එම දිනවල දී ඉන්දීය බහුදින යාත්‍රා දෙසීයකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් උතුරු මුහුදේ මසුන් මරණ බව "දිවයින ඉරිදා සංග්‍රහය" විසින් කරන ලද විශේෂ ගවේෂණයකදී හෙළිදරව් විය.
ඉන්දීය ධීවරයන් විසින් භාවිතයට ගනු ලබන සුවිශාල මාළු දැල් හේතුවෙන් ශ්‍රී ලංකානු නොගැඹුරු මුහුදු කලාපයට අයත් සියලුම මුහුදු සම්පත් සම්පූර්ණයෙන්ම පාහේa විනාශයට පත්වන බවද මෙම ගවේශණයේදී හඳුනාගත හැකි විය.
මේ පිළිබඳ අප උතුරේ ධීවර සංගම් නියෝජිතයන් කිහිපදෙනකුගෙන්ම කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ මෙම නීති විරෝධී මසුන් මැරීම හේතුවෙන් උතුරේ ධීවරයන් බරපතළ අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.
නුදුරේදීම උතුරු මුහුදු කලාපය මත්ස්‍ය සම්පතවලින් තොර "මළ" මුහුදක් බවට පත්වීමේ අවදානමක් පවතින බවද දැනටමත් තමන්ගේ ආර්ථීක තත්ත්aවය පහත වැටී ඇති බවද ධීවර නියෝජිතයෝ කියා සිටියහ.
http://www.divaina.com/2012/01/08/news01.html
No comments:
Post a Comment