Thursday, January 5, 2012

ජංගම බේකරි නිෂ්පාදන බෙදාහැරීමේ රථ ගැන පරිසර කමිටු අවධානය

නාඋල - නිමල් කණහැරආරච්චි

ප්‍රදේශවාසීන් විසින් චූන් පාන් ලෙස හඳුන්වන ජංගම බේකරි නිෂ්පාදන බෙදාහැරීමේ රථවලින් සිදුවන ශබ්ද දූෂණය වළක්‌වාලීම කෙරෙහි නාඋල පරිසර කමිටුවේ අවධානය යොමුව ඇත.

විවිධ වර්ගයේ ශබ්ද සහිත කලා උපයෝගීකර ගනිමින් දිවා රාත්‍රී එහාමෙහා යන එම වාහන මගින් විශාල ශබ්ද දූෂණයක්‌ සිදුකරන බවට ප්‍රදේශවාසීන් සිදුකළ පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ නාඋල ප්‍රාදේශීය පරිසර කමිටුව මෙම තත්ත්වය නවතාලීම පිණිස නාඋල පොලිසියේ අවධානය යොමුකරවීමට තීරණය කොට තිබේ.

මේ අතර ජංගම බේකරි නිෂ්පාදනවල ගුණාත්මකභාවයද බොහෝ අඩුතත්ත්වයේ පවතින බවට ලද පැමිණිලි සලකා සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව දැනුම්වත් කිරීමටද තීරණය කර ඇත.

ජංගම බේකරි නිෂ්පාදකයන් අතර ඇති අධික තරගය නිසා මෙවන් තත්ත්වයක්‌ උද්ගතව ඇතැයිද කමිටුවේ දී සාකච්ඡා විය.

http://www.divaina.com/2012/01/05/news17.html

No comments:

Post a Comment