ප්‍රියදර්ශන ලියනගේ
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවකයන් 75 කට අධික ප්‍රමාණයක් සතියේ රාජකාරි දිනයක් වූ ඊයේ (20 දා) දින තුනක විනෝද චාරිකාවක් සඳහා පිටත්ව යැම නිසා ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වෙත පැමිණි ජනතාවට හිස් අතින් ආපසු හැරී යැමට සිදුවූ බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙම නිලධාරීන් සහ සේවක පිරිස ඉඩම් අමාත්‍යාංශයෙන් විනෝද චාරිකාව සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ අලුයම පහට පමණය.
මේ සඳහා අමාත්‍යාංශයේ වාහන තුනක් ඔවුන් යොදාගෙන ඇත.
http://www.divaina.com/2012/01/21/news19.html
No comments:
Post a Comment