අසේල කුරුළුවංශ
ශ්රී පාද මාර්ගයේ නල්ලතන්නියේ සිට මහගිරිදඹ දක්වා ඇති වෙළෙඳ සල්වල ආහාර පිසීමේදී දර භාවිතය තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පියවර ගෙන ඇත.
දර වෙනුවට ආහාර පිසීමේදී ගෑස් පමණක් භාවිත කරන ලෙස කඩහිමියන් දැනුවත් කිරීමට දිස්ත්රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. දර භාවිතයෙන් ආහාර පිසීමේදී සුළං සමඟ ඈතට ඇදී යන ගිනි පුළිඟු මගින් ශ්රී පාද රක්ෂිතයේ ගිනි ගැනීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව දිස්ත්රික් ලේකම්වරයා පවසයි.
මෙයට අමතරව ඇතැම් වෙළෙඳුන් රක්ෂිතයේ ඇති ගස්වල පොතු ඉවත්කර ගස ක්රමානුකූලව මියයන්නට සලස්වා ඊළඟ ශ්රී පාද වන්දනා සමයේ එහි දර ප්රයෝජනයට ගන්නා බවත් එම වන සංහාරය වැළක්වීමත් අදාළ ක්රියාමාර්ගය හරහා සිදුවන බවත් කුමාරසිරි මහතා කීය.
http://www.dinamina.lk/2012/01/24/_art.asp?fn=n12012412
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment