2011 වර්ෂය තුළ අලුතින් වාහන ලක්ෂ පහක් ලියාපදිංචි කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. වසරක් තුළ මෙතරම් වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි වූ ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි. මේ අනුව මෝටර් රථ දෙපාර්තමේන්තුවට 2011 වසර තුළ පමණක් රුපියල් කෝටි 500ක ආදායමක් ලැබී තිබේ.
වසර තිහක යුද්ධය අවසන් වී රට තුළ සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ වීම මෙසේ වාහන වැඩි වීමට ප්‍රධාන හේතුව වෙයි. මෙසේ වාහන ලියාපදිංචිය වැඩිවීමට පහත සඳහන් කරුණු ද හේතුවී තිබේ.
- මාර්ග පද්ධතිය දියුණුවීම.
- ආයෝජකයන්ගේ වැඩිවීම.
- සංචාරක ව්‍යාපාරය දියුණුවීම.
- බැංකු ණය පහසුකම් වැඩි කිරීම.
- මූල්‍ය ආයතන ජනතාව ළඟටම ගොස් ණය පහසුකම් සැලසීම.
ලියාපදිංචි කළ වාහන අතරින් වැඩි ප්‍රමාණයක් යතුරු පැදි වෙයි. එම ප්‍රමාණය දෙලක්ෂ තිස්දහසකි. ත්‍රිරෝද රථ එක් ලක්ෂ විසිහය දහසකි. මෝටර් රථ හැට දහසකි. කෘෂිකර්මයට යොදා ගන්නා වාහන ද විශාල ප්‍රමාණයකි.
නව වාහන ලියාපදිංචිය තුළින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රජයට ලබාදෙන ආදායමට අමතරව වාහන ආනයනය තුළින් තීරුබදු ගාස්තුව හරහා රේගුවෙන් ද විශාල ආදායමක් ලැබී තිබේ.
http://www.dinamina.lk/2012/01/02/_art.asp?fn=n1201021
No comments:
Post a Comment