භාරදීමට නොහැකි වූ පෙත්සමට ගිනි තබති
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
ගොවි විශ්‍රාම වැටුප් මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් විසින් අත්සන් කරනු ලැබූ පෙත්සමක් භාරදීම සඳහා ගාලු නගරයේ සිට දකුණු පළාත් ආණ්‌ඩුකාර කාර්යාලයට යමින් සිටි විශ්‍රාමලාභීන් පිරිසකට පොලිසිය විසින් මාර්ගය හරස්‌කොට බාධා කිරීම නිසා එම පෙත්සම භාරදීමට නොහැකි වූ ගොවි විශ්‍රාම වැටුප්ලාභීහු පෙත්සම ගිනි තබා විනාශ කරනු ලැබූහ.
මෙහිදී මෙම පිරිස හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක්‌ද ඇතිවිය. සමස්‌ත ලංකා ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ගේ සංගමය මගින් මෙම පෙත්සමට ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ගේ අත්සන් ලබාගෙන තිබුණි. ගාලු නගරයට ඊයේ (18 දා) උදැසන පැමිණි ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගොවි විශ්‍රාම වැටුප් ලාභීහු පන්සියයකට අධික පිරිසක් ධර්මපාල උද්‍යානය අසල සිට පාගමනින් ගාල්ල බස්‌නැවතුම් පළ ඉදිරියට පැමිණ විවිධ සටන්පාඨ හා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
දකුණු පළාත් ආණ්‌ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය වෙත මෙම පෙත්සම භාරදීම සඳහා දකුණු පළාත් ආණ්‌ඩුකාර කාර්යාලයට යැමට විරෝධතාකරුවෝ උත්සාහ කළහ. එහිදී පොලිසිය විසින් විරෝධතාකරුවන්ට දිගින් දිගටම බාධා කළහ.
දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ (ජ.වි.පෙ.), හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී හා සමස්‌ත ලංකා ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ගේ සංගමයේ කැඳවුම්කරු රත්න ගමගේ, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරු පොලිස් අණ නොතකා මෙම පෙත්සම භාරදීමට යැමට උත්සාහ කළහ.
පොලිසිය විසින් විරෝධතා කරුවන්ට ප්‍රකාශ කළේ නියෝජිතයන් පස්‌දෙනෙකුට පමණක් යැමට අවසර ලබාදිය හැකි බවයි. එහෙත් විරෝධතාකරුවන් ඒ සඳහා එකඟ නොවූ අතර පසුව පෙත්සම ගිනි තබා විනාශ කිරීමට විරෝධතාකරුවෝ කටයුතු කළහ.
http://www.divaina.com/2012/01/19/provin01.html
No comments:
Post a Comment