වසර 50ක් සිරවී තිබූ සෞඛ්‍ය අණ පනත් ඉදිරි තෙමසේ දී සම්මත කර ගන්නවා
- ඇමැති මෛත්‍රීපාල සිරිසේන
සන්ධ්‍යා කරුණාරත්න
වසර පනහක් තිස්සේ සිරවී තිබූ සෞඛ්‍ය අණපනත් කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෙරට ජනතාව වසර පනහක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි එම පනත් සම්මත කරගැනීමෙන් පසුව 2012 වසරේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළ හැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ඒ අනුව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඇතුළු පනත් කිහිපයක් මේ වන විට කෙටුම්පත් කර ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
2012 නව වසර වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි ඇරඹීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා ඊයේ (02) මේ බව පැවැසුවේය. නව වසරේ රාජ්‍ය සේවයට කැපවීමේ ප්‍රතිඥාව ද සියලුම කාර්ය මණ්ඩලය විසින් මෙහිදී ලබාදීම සිදුකෙරිණ.
නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කර ගුණාත්මක සේවාවක් ජනතාවට ලබාදීම මේ පනත් සම්මත කිරීමේ අරමුණ වේ.
සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස තමාගේ කාර්ය උපරිමයෙන් ඉටු කිරීමට තමා කැප වී කටයුතු කරන බවත්, තමන්ගේ කාර්ය ඉටු කිරීමේදී කිසියම් අඩුපාඩුවක් සිදු වී ඇත්නම් එය නිවැරදි කර ගන්නවා මිස අනුන් කරන දෙය කුමක්ද යන්න සොයා බැලීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවත් ඇමැතිවරයා කීය.
තමාට පැවැරී ඇති රාජකාරිය, වගකීම හා යුතුකම් ප්‍රශස්ත ලෙස ඉටු කිරීමට කටයුතු කරනවා වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුදෙනාමත් තම තමන්ට පැවැරී තිබෙන වගකීම් හා යුතුකම් ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසීය.
පැය අටකට සීමා නොවූ රාජකාරියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෑම නිලධාරියකුම සිදු කරන බවත්, මේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු බොහෝ නිලධාරින් රාත්‍රි 10 වනතුරු අමාත්‍යාංශය තුළ රැඳෙමින් තම රාජකාරිය මහජනතාව වෙනුවෙන් ඉටු කරන බවත් ඇමැතිවරයා කීය.
මෙරට රෝහල් පද්ධතිය ගත්තත් එහි සේවය කරන කාර්ය මණ්ඩලය පැය අටකට සීමා නොවී පැය 24 පුරාම සේවය කරන බව ද ඇමැතිවරයා පැවැසුවේය.
මේ අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය රවින්ද්‍ර රුබේරු, අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහත්වරු සහභාගි වූහ.
http://www.dinamina.lk/2012/01/03/_art.asp?fn=n1201033
Work on Bills, amendments completed: New Acts to boost health sector
Nadira Gunatilleke
Several Acts and amendments related to the health sector that were long overdue will be presented to Parliament within the next two months, Health Minister Maithripala Sirisena said.
According to minister Sirisena, the new Acts and amendments will make this year a revolutionary year in the health sector.
”Work on all such Bills and amendments have been completed. The new Bills and amendments will see drastic changes in the health sector,” he said.
Minister Sirisena pointed out that the main objective of the proposed Acts and amendments is to further strengthen the free health service and offer the best service to the public through the state hospital system.
He said he is doing his best for the health sector as the Health Minister and expects officials and health staff to follow his example.
“No health sector employee can be bound by an eight hour duty.
They should carry out their duties round the clock,” minister Sirisena added.
http://www.dailynews.lk/2012/01/03/pol01.asp
No comments:
Post a Comment