Thursday, January 12, 2012

Stray dogs issue: new laws and census (2 items)

සුනඛ සංගණනයක්

සන්ධ්‍යා කරුණාරත්න

සුනඛ සංගණනයක් සිදු කිරීම සඳහා සුනඛයන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙරටින් ජලභීතිකා රෝගය තුරන් කිරීම මේ සංගණනයේ අරමුණ බව ද ඇමැතිවරයා කීය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව ඊයේ (11) ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන හා පොලිසිය එක්ව සුනඛයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, මේ වැඩසටහන මඟින් සෑම සුනඛයකුටම හිමිකාරයකු හිමි කර දෙන බවත් ඇමැතිවරයා කීය.

සුනඛ ගහනය පාලනය කිරීම සඳහා සුනඛයන් එන්නත් කිරීමටත්, ගැහැණු සුනඛ සතුන් වන්ද්‍යාකරණය කිරීම සඳහාත් රුපියල් මිලියන 1000ක් මේ වසර සඳහා රජය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇත.

මෙරට සුනඛ ගහනය ලක්ෂ 30ක් පමණ බවට ගණන් බලා ඇති බව ද සුනඛ සපාකෑම්වලට පුද්ගලයන් ලක්වීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

රෝහල්වල නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහනය ඉහළ යාම නිසා ඒවායේ සේවය කරන වෛද්‍යවරුන් පවා සුනඛ සපාකෑම්වලට ලක්ව ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.


http://www.dinamina.lk/2012/01/12/_art.asp?fn=n1201129


New law soon: owners must register dogs with PCs

Nadira Gunatilleke

The Health Ministry will make arrangements to make dog owners register their dogs with Provincial Councils to control the dog population and the spread of rabies.

“All dog owners have to register their dogs with the Provincial Council and the Provincial Council can take action against dog owners who do not follow this system,” Health Minister Maithripala Sirisena said.

Addressing the ministry’s monthly press briefing in Colombo yesterday, Minister Sirisena said that every dog should have an owner under the new system.

“Discussions have been conducted with organizations which protect animals’ rights. There will be a tag around every dog’s neck,” he said.

Minister Sirisena pointed out that the total dog population in the country at the moment is around three million while there are stray dogs everywhere, including state hospitals.

“Sometimes stray dogs bite doctors and health staff. The government spends a significant amount to treat dog bites. Around 2,000 dog bites are reported from all parts of the country daily,” he said.

“The ministry has received Rs. 1,000 million this year to address this issue. The ministry will make arrangements to sterilize dogs. The vaccination programme will be strengthened and treatment for dog bite victims will be further improved,” Minister Sirisena added.

http://www.dailynews.lk/2012/01/12/news12.asp

No comments:

Post a Comment