තුෂාරී කළුබෝවිල
ජන හා නිවාස සංගණනයේ දී නිවසක් හෝ හිසට වහළක් නොමැතිව පදික වේදිකාවල, ගස්‌යට, බෝක්‌කුවල වෙනත් ස්‌ථානවල ජීවත් වන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු රැස්‌කිරීම මෙම මස 19 වැනිදා සිදු කෙරෙන අතර ඒ සඳහා ම විශේෂ පුහුණුවක් සංගණන නිලධාරීන්ට ලබාදී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එච්. ආර්. ගුණසේකර මහතා පැවසීය.
සංගණනයට තොරතුරු රැස් කිරීම 19 වැනිදායින් අවසන් වන අතර 20 හා 21 යන දිනවලදී අඩුපාඩු සොයා බැලීම හා අවශ්‍ය සංශෝධන සිදු කෙරෙන බව හෙතෙම පැවසීය.
http://www.divaina.com/2012/03/10/news20.html
No comments:
Post a Comment