Friday, March 9, 2012

පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණු පාණදුරේ හෝටල් හිමියන් 7කට දඩ

වාද්දුව සමූහ එස්. රූපරත්න පියදාස

මැස්සන්ට හා කුණු දූවිලි රැඳීමට විවෘතව අපිරිසුදු ආහාර අලෙවි කළ පාණදුර නගරයේ හෝටල හා බේකරි හිමියන් හය දෙනෙකුට සහ ශීතකරණයක් තුළ බිස්කට් රෝල්ස් කේක් ආදිය සමග මස් වර්ග අහුරා තැබූ හෝටල හිමිකාරියකටද රුපියල් තුන්දහස (රු. 3000) බැගින් හත් දෙනාට රුපියල් විසිඑක්දහස (රු. 21000) කද දඩ නියම කළ පාණදුර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කල් ඉකුත් වන දිනද සඳහන් නොවන බනිස් වර්ග අලෙවි කළ බේකරි හිමියකුට රුපියල් හය දහසක (රු. 6000) දඩයක් නියම කරන ලදී.

මෙසේ දඩ නියම වූයේ පාණදුර නගරයේ හෝටල සහ බේකරි හිමියන් වන අබ්දුල් සලාම්, මොහොමඩ් ෆයිසර්, සුප්පයියා විජයකුමාර්, මොහොමඩ් රසාක් මොහොමඩ් නවුෆර්, තිලකසිරි සල්ගාදු පිටියකර පවිත්‍ර කන්නන්ගර කෝරාලගේ දයානන්ද ශීතකරණයක මස් හා කෑම වර්ග කලවමේ අසුරා තැබූ රන්මැණිකේ සහ නිෂ්පාදිත හා කල් ඉකුත් වන දින සඳහන් නැති බනිස් අලෙවිකළ කත්‍රිආරච්චිගේ දොන් මහේන්ද්‍ර සරිවර්ධන යන අයවළුන්ටය.

පාණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්. සිවකුමාරන් මහතාගේ උපදෙස් පරිදි පාණදුර බණ්ඩාරගම හොරණ ඉංගිරිය සහ මදුරාවල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් කණ්ඩායමක් පාණදුර නගරයේ කරන ලද සෝදිසියකදී මේ බේකරි හා හොටල් හිමියන් අත්අඩංගුවට ගෙන තිබුණි.

පාණදුර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගී කියනගේ මහතාගේ උපදෙස් පරිදි පාණදුර නගරයේ වැඩ බලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන නිශ්ශංක විජේකෝන් සහ ලාල් වික්‍රමතන්ත්‍රි මහත්වරු ආහාර ආඥාා පනත යටතේ එම හෝටල සහ බේකරි හිමියන්ට විරුද්ධව පාණදුර අධිකරණයේ මේ නඩුව පවරා තිබුණි.


http://www.dinamina.lk/2012/03/09/_art.asp?fn=r1203093

No comments:

Post a Comment