ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කැර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල්වල බාහිර රෝගී අංශ, ඖෂධ ශාලා, වෛද්‍ය රසායනාගාර, එක්ස්රේ හා සී.ටී. ස්කෑන් අංශවල සේවා සම්පූර්ණයෙන්ම පාහේ ඊයේ (16) අඩාලව පැවතිණි.
මේ නිසා බාහිර රෝගී අංශයෙන් හා සායනවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරයා ලියා දුන් බෙහෙත් තුන්ඩු රැගෙන රජයේ ඔසුසල්වල දැඩි අසීරුතා මධ්‍යයේ දිගු පෝලිම්වල රැඳී සිටිමින් නොමිලේ බෙහෙත් ලබා ගැනීමට සිදුව තිබිණි.
ජාතික රෝහලේ බාහිර රෝගී අංශය, ඖෂධ ශාලා, වෛද්‍ය රසායනාගාර, එක්ස්රේ හා සී.ටී. ස්කෑන් අංශවල කටයුතුද සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට තිබිණි. ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේන් දිනමිණ කළ විමසුමකදී කියා සිටියේ අසාධ්‍ය රෝගීන්ගේ අත්‍යවශ්‍ය පරීක්ෂණ කටයුතු ජීවිතාරක්ෂක හේතු මත විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය ඇතිව තෝරාගත් පෞද්ගලික ස්ථාන වෙත ගෙන ගොස් සිදුකිරීමට පියවර ගන්නා බවයි.
අනිකුත් කාර්ය මණ්ඩලවල සහයෝගය ඇතිව අපහසුතා මධ්‍යයේ හෝ මේ කටයුතු සිදු කරගෙන යන බවත් සේනාරත්න මහත්මිය පැවසුවාය. වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ සැපයීමට පියවර ගන්නා බවත් පැවසුවාය. ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඊයේ දිනයේ සාමාන්‍ය පරිදි පැවැත්වූ බවද, රෝගීන්ට අවශ්‍ය ඖෂධ සතියක කාලයක් සඳහා ලබාදීමට පියවර ගත් බවද සඳහන් කළාය.
ජාතික රෝහලේ බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම ඊයේ දින ද සිදු නොකෙරිණි. එහෙයින් නොමිලේ ඖෂධ ලබා ගැනීමට බෙහෙත් තුන්ඩු රැගෙන රාජ්‍ය ඔසුසල ඉදිරිපිට රෝගී ජනතාව රැස්වී සිටි අයුරු.
ඡායා - නිශ්ශංක විජේරත්න
http://www.dinamina.lk/2012/03/17/_art.asp?fn=n1203179
No comments:
Post a Comment