Showing posts with label Protected areas. Show all posts
Showing posts with label Protected areas. Show all posts

Friday, April 20, 2012

පාසිකුඩා වෙරළ තීරයේ හෝටල් හදන්න පස්‌ ලබාදීම කඩිනමින්

පාසිකුඩා වෙරළ තීරයේ හෝටල් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන පස්‌ කියුබ් හාරදහස ඉක්‌මනින් ලබාදීමට කටයුතු කරන ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (18 වැනිදා) නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

හෝටල් ඉදිකිරීම සඳහා පස්‌ කියුබ් හයදහසක අවශ්‍යතාවක්‌ පැවැති අතර ඉන් කියුබ් දෙදහසක්‌ ලබාදීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. ඉතිරි පස්‌ කියුබ් හාරදහස ලබාදීම කාලයක සිට ප්‍රමාදව පැවැති අතර, ඊයේ (18 වැනිදා) ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ප්‍රමාදව පැවැති පස්‌ තොගය ලබා දීමට නිලධාරීන් එකඟ වී ඇත.

මෙම පස්‌ ලබාදීමට භූ විද්‍යා පතල් කාර්යාංශය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකඟතාව පළ කළ බව ද සංචාරක සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ හේමන්ත විඡේකෝන් මහතා පැවැසීය. පාසිකුඩා වෙරළ තීරයේ කාමර දහසකින් යුක්‌ත හෝටල් දහහතරක්‌ ඉදිකෙරෙන අතර, ඉන් දෙකක වැඩ මේ වන විට අවසන් කර ඇතැයි ද හේමන්ත මහතා කීය. හෝටල් සියල්ලේ ඉදිකිරීම් මේ වසරේ දෙසැම්බර් අවසන් වීමට පෙර සිදුකළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2012/04/19/news29.html

Saturday, April 14, 2012

Comprehensive report on jumbos mysteriously delayed

By Ifham Nizam

The Wildlife Department has failed to submit the comprehensive report on the first national survey of Sri Lanka’s wild elephants which took place in August 2011.

The report was to be handed over to President Mahinda Rajapaksa last September but is yet to be completed.

Wildlife Department Director Operations H. D. Ratnayake told The Island yesterday that the report was delayed due to the absence of one of the key conservationists.

He said that Professor Charles Santhiapillai would soon return to the country to put the final touches and the last chapter.

"This is going to be an important document. We have been already working on some of the recommendations in it," he added.

The initial report showed an elephant population of more than 5,800.

The survey revealed that Sri Lanka had 5,879 wild elephants. The figure includes 122 tuskers – male elephants with tusks – and 1,107 calves.

Ratnayake said the previous population estimate was 5,350.

"These statistics show that Sri Lanka’s elephants are in good health and that their population is growing," he said.

Ratnayake said the information gathered would be used to devise plans to protect the endangered species.

About 20 wildlife groups had protested against the count, accusing the government of using it as a "smokescreen" for capturing the endangered animals and domesticating some of the young for use in tourism, labour and religious activities.

On average around 250 elephants are killed annually, mostly by farmers defending their crops or villages.

The survey was conducted using the method known as a "water hole count".

About 4,000 wildlife workers, farmers and villagers were deployed on three days at more than 1,500 locations across the country to survey the elephants as they came to drink at water holes.

Previous elephant counts were confined to specific regions. One such census, in 1993, found 1,967 elephants, but it excluded the island’s north and east, where the civil war was raging at the time.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=49531

Wilpattu records tourist influx

Records Rs. five m income in three months

Nimal Wijesinghe, Anuradhapura Additional District Group Correspondent

The Wilpattu National Park has become a major attraction among local and foreign tourists. The sanctuary has brought in an income of around Rs. five million from tourists between the period from January to March 2012, said Wild Life Conservation Minister S.M. Chandrasena.

“In comparison, the total revenue from the Wilpattu National Park last year was Rs. eight million,” the minister said.

Minister Sirisena said Rs 600 million has been allocated to provide more facilities, such as,lodgings, campsites,better transportation facilities, security etc for the benefit of tourists.

“Tourist arrivals has surged since a new road network was constructed connecting the Deyata Kirula- -2012 exhibition site at Oyamaduwa with the roads linking the North and South close to Wilpattu.

He said tenders have been called for the construction of four holiday bungalows for the Wilpattu National Park, in addition to the four existing resorts. A new road is being constructed to enable tourists to reach areas in the park which have so far remained unexplored.

Minister Chandrasena said traffic conjestion to the park has greatly eased with the recent opening of a new entrance close to Tanthirimale.

The Wilpattu National Park which consists of 140,000 hectares of forested landscape belongs to the Puttalam. Anuradhapura and Mannar districts. The Weerakkulichola and Eluwankulama forest reserves and the Thabbowa park are located within the landscape of this national park which also houses about dozen tanks and 42 shallow lakes.

Sanctuary sources said 140 foreigners visited Wilpattu in January 2011 while around 500 foreign and local tourists visited in January 2012.

In contrast, around 2,000 tourists visited the Wilpattu sanctuary last month.

Regular raids are conducted to nab hunters from poaching in the Wilpattu National Park and several suspects were taken in by the wild life authorities on March.

http://www.dailynews.lk/2012/04/12/news53.asp

දර කැබැල්ලක්‌වත් කපන්න ඉඩ නොදුන් ආරච්චිකට්‌ටුව කුරුලු අභය භූමියේ ගස්‌ හොරෙන් කපාගෙන යනවා

ප්‍රා. සභා සභාපති ජගත් සමන්ත

දුම්මලසූරිය - සෝමවීර ගම්ලත්

ආනවිලුන්දාව කුරුලු අභය භූමිය තෙත් බිම් ප්‍රදේශයක්‌ ලෙස නම් කොට තිබෙනවා. විවිධ පක්‍ෂීන් ගැවසෙන මේ ප්‍රදේශය තුළින් පසුගිය කාලවල දර කෑල්ලක්‌වත් කපන්න අවසර දුන්නේ නැහැ. පක්‍ෂීන්ට ආහාර පිණිස දර කැබැලිවල කෘමීන් ජීවත්වන නිසයි එලෙස දර කැපීමට ඉඩ ලබා නුදුන්නේ.

නමුත් අද වන විට රහසිගතව මෙම කුරුලු අභය භූමියෙන් ගස්‌ කපාගෙන ගෙනියන තත්ත්වයක්‌ උදාවී තිබෙනවා. ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි මෙම කුරුලු අභය භූමිය නැරඹීමට විදේශීය සංචාරකයන් පවා එනවා. දැනට මෙම අභය භූමියෙන් ගස්‌ හතකට වැඩි ප්‍රමාණයක්‌ වරින් වර කපා ගෙන ගොස්‌ තිබෙනවා. මේ සම්බන්ධව විෂය භාර ඇමැතිවරයාටත් අනුරාධපුරය වනජීවී නිලධාරි කාර්යාලය වෙතත් දැනුම් දිය යුතුව ඇතැයි ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා පැවැසීය.

පසුගියදා පැවැති ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමේදී ඒ මහතා මේ බව පැවැසීය. ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රධාන රැස්‌වීම් ශාලාවේදී මෙම රැස්‌වීම පැවැත්විණි.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්‌වීමේදී කතා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජානක උපුල් එදිරිසිංහ (එජනිස) මහතා මෙසේ කීය.

ආනවිලුන්දාව කුරුලු අභය භූමිය ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා තිබෙන වටිනා සම්පතක්‌ ලෙස සැලකෙනවා. ඉදිරි කාලයේදී සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙලා ප්‍රාදේශීය සභාවට ආදායම් මාර්ගයක්‌ බවට පත්විය හැකියි. අපේ ප්‍රදේශයේ තිබෙන සම්පත් වෙන ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් විනාශ කරනවා නම් එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. අභය භූමිය තුළින් ගස්‌ කපාගෙන පිටට ගෙන යන තුරු ඒ පිළිබඳව වනජීවී නිලධාරීන් දන්නේ නැහැ කියල කියන කතාව අපිට පිළිගන්න බැහැ.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා - නල්ලදරන්කට්‌ටුව දේවාලය ආසන්න ඉඩම පිළිබඳව දිස්‌ත්‍රික්‌ ලේකම්තුමිය මගින් පරීක්‍ෂණ ආරම්භ කොට තිබෙනවා. ජල ගැලීම් අවස්‌ථාවලදී පවුල් 400 ක්‌ පමණ ඒ ස්‌ථානයෙන් නිසි පරිදි ජලය බැස නොයැම නිසා අපහසුතාවට පත්වෙනවා. ජලය බැස යැම සඳහා විධිමත් වැඩපිළිවෙළක්‌ නැහැ. මේ ස්‌ථානයේ අඩි 15 ක්‌ පළලට ඇළක්‌ කපන්න කියල ඉංජිනේරුවරයා කියා තිබුණා. මෙම ඇළ කැපීම සඳහා එම ඉඩමෙන් අඩි 18-20 ක්‌ පමණ ප්‍රමාණයක්‌ ප්‍රාදේශීය සභාවට පවරාගන්න ඕනෑ.

එච්. එම්. කැලුම් නිශාන්ත (එජාප) මහතා(- පසුගිය කාලය තුළ මෙය ලොකු ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබුණා. ඒ ප්‍රදේශය යටවෙන්නේ හරියාකාරව කාණු පද්ධතියක්‌ නොමැතිකම නිසයි.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා - ඇළ සකස්‌ කෙරෙන කොටස ඔප්පුවක්‌ මගින් ප්‍රාදේශීය සභාවට පවරාගෙන ඇළ කැපීම සිදුකරන්න ඕනෑ. රජය මගින් ප්‍රතිපාදන වෙන්කරන අවස්‌ථාවේදී එය බැඳීම සිදුකරන්න ඕනෑ. නැත්නම් උඩින් පස්‌ කඩාගෙන වැටෙනවා. කොන්ක්‍රීට්‌ බැම්මක්‌ බැඳීමෙන් එය අඩුවෙනවා. පසුව එය කරන්න පුළුවනි.

බත්තුළුඔය සිට උඩප්පුව දක්‌වා කොටසට තාර දැමීම සිදුකොට අවසන් වූ පසුව බොරළු දැමීම ආරම්භ කරන්න ඕනෑ.

කේ. හෙව්වනාමූර්ති (උප සභාපති) මහතා(- තාර දමා පාර හදල තිබෙන තැන සිට ඉතිරි කොටස හැදිය යුතුයි කියල මා යෝජනා කරනවා. ඉතා ඉක්‌මනින් මේ කටයුත්ත කරන්න කියල සඳහන් කරන්න කැමතියි.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- හැම ග්‍රාම සේවා වසමක්‌ම සංවර්ධනය කිරීමට රුපියල් ලක්‍ෂ 10 කට වැඩියෙන් ප්‍රතිලාභ ලැබී තිබෙනවා.

එම්. ප්‍රභාත් ප්‍රනාන්දු (එජනිස) මහතා(- මේ වන විට කුරුක්‌කුපනේ හා හලාවත ධීවරයන්ට ගැටලු කීපයක්‌ මතුවී තිබෙනවා. මේ ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට නයාරු ප්‍රදේශයේ ධීවර රැකියා කිරීමට ඉඩ ලැබුණා. වාරකන් පවතින කාලවලට ධීවරයන්ට මුහුදු යැමට නොහැකි වී තිබෙනවා. එනිසා මෙම ධීවරයන්ට යම් සහනයක්‌ ලබාදෙන්න කියල ඉල්ලීමක්‌ කරන්න කැමතියි.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- ධීවරයන්ට රැකියාව කරන්න බැරි තත්ත්වයක්‌ තිබෙනවා නම් එයට විසඳුමක්‌ ලබා ගැනීමට වයඹ පළාත් සභාවේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා වෙත ඉල්ලීමක්‌ කරන්න.

එච්. එම්. ඇනිසිටස්‌ සිල්වා (එජාප) මහතා(- හලාවත ප්‍රදේශයේ ධීවරයෙක්‌ තෙල් ප්‍රශ්නය නිසා පසුගිය කාලයේ ජීවිතක්‍ෂයට පත්වුණා. ඇන්ටනී ප්‍රනාන්දු වන ඔහුගේ පවුලේ අයට සහයෝගය දක්‌වන්න එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණා. බෝට්‌ටු තුනක්‌ දැල් ආම්පන්න ආදියත් අනෙක්‌ අයටත් ලබා දුන්නා. එනිසා එතුමාට ප්‍රණාමය පුදකර සිටිනවා.

ආරච්චිකට්‌ටුව සිඟිති උයන අසල තිබෙන විදුලි ට්‍රාන්ස්‌ෙµdaමරය නිසා අනතුරුදායක තත්ත්වයක්‌ මතුවී තිබෙනවා. මේ නිසා එය අසල ඉඩමේ කඩ ටික හදන්න බැරි තත්ත්වයක්‌ද තිබෙනවා. මා ගියවර ඉදිරිපත් කළ යෝජනා පළගැන්වෙයි කියල මා සිතනවා.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- ක්‍රීඩා පිටියේ කටයුතු මේ වසර අවසන් වෙන්න කලින් කරන්න බලාපොරොත්තු වෙනවා. පැවිලියන් එක පසුව හදන්න පුළුවනි. ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීම අපහසු වී තිබෙන්නේ බිම මඩ වෙන නිසයි. එය සකස්‌ කිරීමට සියයට පනහකට වඩා ශ්‍රම දායකත්වයක්‌ අරගෙන කරන්න පුළුවනි. ඒ අනුව හොඳ ක්‍රීඩාපිටියක්‌ හදාගන්න පුළුවන් වෙයි.

ජානක උපුල් එදිරිසිංහ (එජනිස) මහතා(- විල්පත ප්‍රදේශය තුළ ජල හිඟයක්‌ පවතිනවා. විශේෂයෙන් බීමට ජලය ලබා ගැනීමේ අවදානම් තත්ත්වයක්‌ තිබෙනවා. ප්‍රාදේශීය සභාව මගිනුත් මෙයට විසඳුම් ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයක්‌ තිබෙනවා. රණවිරුවකුගේ අවසන් කටයුතු සිදුකරන අවස්‌ථාවේදී ප්‍රාදේශීය සභාව මගින් ජල බවුසරයක්‌ ලබාදීමට ක්‍රියා කළා.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- ග්‍රාමසේවා වසම් 43 ක්‌ මේ බල ප්‍රදේශය තුළ තිබෙනවා. මෙම ග්‍රාම සේවා වසම්වල මාර්ගවලට බොරළු දැමීමට ගමේ ට්‍රැක්‌ටර්, ගමේ ශ්‍රම දායකත්වය ලබාගෙන කරන්න ඕනෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට බොරළු ලබාදීම සීමා කරල තිබෙනවා. හලාවත ආසනය සඳහා බොරළු ලබා ගැනීමට ස්‌ථානයක්‌ නැහැ. ඉඩමක්‌ වෙන් කරල දෙන්න කියල කීවත් ආසන සංවිධායකවරයකුගේ අනුමැතිය ඇතිවයි එය සිදුවෙන්නේ.

ජානක උපුල් එදිරිසිංහ (එජනිස) මහතා(- ආණමඩුව ආසනය තුළින් තමයි අපිට බොරළු ප්‍රවාහනය කරන්න සිදුවෙලා තිබෙන්නෙ. මෙයට විකල්පයක්‌ හැටියට ආසන සංවිධායකවරුන් තිදෙනා සමග සාකච්ඡා කර තීරණයක්‌ ගන්න ඕනෑ.

සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා(- සංවර්ධන වැඩකටයුතු කරගෙන යැමේදී යම් බාධාවන් ඇතිවෙනවා නම් ඒවා ඉවත්කර ගන්න ඕනෑ.


http://www.divaina.com/2012/04/12/news04.html

Wednesday, April 11, 2012

Hantana land allocation suspended

By Cyril Wimalasurendre

KANDY: The allocation of land, from the Plantation Industries Ministry owned Hantana Estate, has been suspended to prevent the invaluable mountain range, including Kandy’s National Forest Reserve, being destroyed by money makers, co-chairman of the Kandy District Co-ordinating Committee and Sports Minister Mahindananda Aluthgamage said.

Presiding over the Kandy DCC, meeting on Monday (09), jointly with the Central Province Chief Minister Sarath Ekanayaka, Minister Aluthgamage disclosed that he objected to a proposal embodied in a Cabinet paper recently for the allocation of at least 300 acres of land for two hotels and a university from the Hantana Plantation.

Demanding land from Hantana has turned out to be a serious problem. This is the only land available in Kandy. If the mountain range is fragmented and given out to different individuals and groups, Kandy will be threatened by environmental disaster, Minister Aluthgamage said.

Central Provincial Council Member Mahinda Abeykoon told the meeting that land to the extent of 200 acres was earlier promised for the resettlement of the families who lost their homes in the Uduwela area due to landslides last year. But only 87 acres were issued and now the re-settlement of the troubled families has posed a problem.

Chief Minister Sarath Ekanayaka said that any allocation of land from Hantana should be made known to the Kandy District Co-ordinating Committee.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=49475

Crocodiles issue in Nilwala River (4 items)

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලා අල්ලන්න විශේෂ මෙහෙයුමක්‌

අනුර බාලසූරිය, සිරිමන්ත රත්නසේකර

මාතර නිල්වලා ගඟේ සිටිනා මිනීමරු කිඹුලා ඇල්ලීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගෙන ඇතැයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) එච්. ඩී. රත්නායක මහතා පැවසීය.

මෙම කිඹුලා අල්ලා ගැනීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගෙන් සමන්විත විශේෂ කණ්‌ඩායමක්‌ දැනට එහි ගොස්‌ ඇතැයිද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහි ගොස්‌ සිටින මෙම කණ්‌ඩායම විසින් මේ වනවිට මෙම මිනීමරු කිඹුලා හඳුනාගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය 4 වැනිදා පාසල් සිසුවියක්‌ ඩැහැගෙන ගිය ස්‌ථානය අවට ගඟ ප්‍රදේශයේ අඩි 12 ක්‌ පමණ වන විශාල කිඹුලකු සිටින බව වනජීවී නිලධාරී කණ්‌ඩායම විසින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද හෙටම මෙම මිනීමරු කිඹුලා අල්ලා ගැනීමට හැකිවනු ඇතැයි වනජීවී නිලධාරීහු විශ්වාස කරති.

කෙසේ වෙතත් මාතර නිල්වලා ගඟේ කිඹුලන් සියයකට ආසන්න විශාල ප්‍රමාණයක්‌ සිටින බැවින් ගඟේ අවදානම් ස්‌ථානවලට බැසීමෙන් දියනෑමෙන් වළකින ලෙසත් දිය නෑමට රජය මගින් සකස්‌ කර තිබෙන ආරක්‍ෂිත ස්‌ථාන පමණක්‌ පරිහරණය කරන ලෙසත් ජනතාවට දන්වා සිටී.

මෙම මිනීමරු කිඹුලා අල්ලා ගැනීමෙන් පසු කිඹුලන් සිටින වනෝද්‍යානයකට මුදාහැරීමට බලාපොරොත්තු වේ.


http://www.divaina.com/2012/04/11/news22.html


කිසියම් නිරීක්‍ෂණයක්‌ කර නිල්වලා ගඟේ මිනීමරු කිඹුලන් අල්ලන්න පුළුවන්
- වන ජීවි අධ්‍යක්‍ෂ එච්. ඩී. රත්නායක


මාතර චන්ද්‍රදාස කොඩිතුවක්‌කු, කේ. එච්. පියසේන

කිඹුලන් ඇල්ලීම ඉතාමත් සීරුවෙන් කළ යුතු කාර්යයක්‌ වගේම ඒ සඳහා සාමාන්‍ය ජනතාව සම්බන්ධකර ගැනීම එතරම් සුබදායක දෙයක්‌ නොවේ. මුතුරාජවෙල ඇතිවූ සිද්ධිය එයට හොඳ උදාහරණයක්‌ යයි නියෝජ්‍ය වනජීවි අධ්‍යක්‍ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පෙරේදා (09 දා) පැවසීය.

මාතර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් නිල්වලා නිම්නයේ කිඹුල් උවදුර සහ එයට ගත හැකි ඉක්‌මන් පිළියම් සම්බන්ධව පැවැති රැස්‌වීම අමතමින් ඒ මහතා එසේ පැවසීය.

කිඹුලන් ඇල්ලීමට එක්‌තරා උපකරණයක්‌ අප ළඟ තිබෙනවා යයිද හෙතෙම පැවසීය.

වනජීවි අධ්‍යක්‍ෂ එච්. ඩී. රත්නායක මහතා -

zzනිල්වලා ගඟ බොහෝ කාලයක සිට කිඹුලන් ගේ නිජබිමක්‌ මෙම ගඟ දෙපස හෙලි පෙහෙලි කිරිම කළ යුතුයි. ආරක්‍ෂිත කිඹුල් කොටු වලින් හැර අනාරක්‍ෂිත ප්‍රදේශවලින් ගඟට නොබසින ලෙස ජනතාව දැනුවත් කිරීම වැදගත්. අපට කිසියම් නිරීක්‍ෂණයක්‌ කොට මිනීමරු කිඹුලන් අල්ලන්න පුළුවන්. දෙපාර්තමේන්තුවට ඒ සඳහා වැඩපිළිවෙළක්‌ තිබෙනවා.

මාතර ආපදා කළමනාකර මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ සමන් බාලසූරිය මහතා -

මේ වන විට නිල්වලා ගඟ දෙපස ආරක්‍ෂිත කිඹුල් කොටු 80 ක්‌ තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 12 ක්‌ වැය කොට තිබෙනවා. මෙතෙක්‌ එම කොටු ඇතුළතට කිඹුලන් පැනලා මිනිසුන් ඩැහැ ගෙන නැහැ.

ඩග්ලස්‌ අලහප්පෙරුම මහතා -

කිඹුල් ප්‍රශ්නය ඉතා සංවේදී ප්‍රශ්නයක්‌ දරුවො දෙන්නා බලා සිටියදී කිඹුලෙක්‌ අම්මා ඇදගෙන ගියා. මවගේ දෑස්‌ ඉදිරියේ දුව කිඹුලෙක්‌ ඇදගෙන ගියා. මෙවැනි ප්‍රශ්නවලදී මාධ්‍ය ඉතාමත් වගකීමෙන් හා ඉවසීමෙන් ක්‍රියාකරන්න ඕන.

මාතර දිස්‌ත්‍රික්‌ ලේකම් ඩබ්. කේ. කේ. අතුකෝරාල මහත්මිය ද අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් සිල්වා මහතා ද කතා කළහ. මාතර පුරපති එස්‌. හඳුන්ගේ මහතා ඇතුළු කීප දෙනෙක්‌ම අදහස්‌ දැක්‌වූහ.


http://www.divaina.com/2012/04/11/news08.html


Moves to capture, translocate killer crocs

By Ifham Nizam and Cyril Basnayake, Our Anuradhapura Corr.

Plans are afoot to capture and translocate the killer crocodiles responsible for human fatalities in the Akuressa police area.

With the assistance of Disaster Management Centre, Government Agent and other officials, the Wildlife Department would capture the crocodiles, Wildlife Director, H. D. Ratnayake said.

He said that they suspect two crocodiles in the Nilwala Ganga of being responsible for four deaths reported this year.

Ratnayaka also said that they would conduct awareness programmes on the standards of the crocodile pens built by individuals. "Garbage and other meaty stuff in the vicinity attracts more crocs, apart from it, other huge objects in the river give a good hiding places for the animals," he added.

He said that most of the personally built pens were not up to the recommended standards.

Youth Affairs and Skills Development Minister and Senior Advisor to the President Dullas Alahapperuma yesterday said that 30 pens would be set up in the crocodile attack prone areas in the Nilwala River.

He said that money would be allocated by Disaster Management Minister Mahinda Amaraweera.

Leading herpetologist Anslem de Silva, who recommended the importance of having more pens told The Island yesterday that investigations had revealed that in all cases of crocodile attacks, the fault was on the part of humans.

He said that many used insecure crocodile pens for bathing and washing.

Meanwhile, Wildlife and Agrarian Services Minister S. M. Chandrasena yesterday, at a special conference in Anuradhapura, said that steps would be taken to translocate the killer crocodiles to the Crocodile Centre in Muthurajawela.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=49484


First ever croc park

Matara Group Corr and Akuressa Central Special Corr

The country's first ever crocodile park is to be set up on a 50 acre plot of land in Kiralakelle belonging to the Wild Life Conservation Department on the banks of the Nilwala Ganga to prevent the crocodile-human conflict by restricting the reptiles to an encircled area.

This follows a proposal made by Youth Affairs and Skills Development Minister Dallas Alahapperuma which was adopted at a meeting held at the Matara District Secretariat recently to discuss measures to overcome the crocodile threat in the Nilwala Ganga.

Since two women fell victim to crocodiles in the Nilwala Ganga during the past two weeks alone it was decided to build two enclosures in the Nilwala Ganga to trap in crocodiles as a short term measure. The Matara GA Mrs W K K Athukorale agreed to release a sum of Rs 40,000 to the Wild Life Conservation Department immediately to put up one of these enclosures without delay.

It was also decided to conduct public awareness campaign about the crocodile threat as proposed by Director General of Wildlife S D Ratnayake.

It was also decided to clear up the river banks in the crocodile infested area by cutting and removing branches of trees hugging the river banks and over grown vegetation so that crocodiles lying in wait to prunce on humans could be easily visible to the naked eye. Furthermore owners of animal husbandry farms on the banks of the river would be requested to desist from discarding offal and other farm refuse into the river.

Meanwhile, the Disaster Management Centre has taken steps to set up public stand pipes to supply water to families living beside the Nilwala Ganga and set up another 30 common bathing enclosures in the Nilwala Ganga to protect bathers from crocodile attacks.

http://www.dailynews.lk/2012/04/11/news13.asp

Friday, April 6, 2012

පාරිසරික සංචාරක කර්මාන්තය අපේ ජෛව උරුමය වළ පල්ලට යවයි ද?


වසර තිස්‌ ගණනක්‌ තිස්‌සේ අප රට වෙළාගෙන තිබූ ශාප ලත් ත්‍රස්‌තවාදී යුද්ධයෙන් අනතුරු ව මෙරට සංවර්ධනයේ අරුණලු සොයා යැමට කටයුතු ආරම්භ වී ඇති බව නො කිවමනා ය. මෙරට සංවර්ධනය කිරීමේ පදනම ලෙස සංචාරක කර්මාන්තයේ විභවයන් හඳුනාගෙන ඇති රජය අද වන විට නොයෙකුත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඔස්‌සේ මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පදනම ලෙස අප රටට උරුම අග්‍රගණ්‍ය ජෛව උරුමය සේ ම වසර දෙ දහස්‌ පන් සියයකට එහා ගිය ප්‍රෙෘඪ ඉතිහාසය භාවිත කිරීමට අපට ඇත්තේ, ඉතා විශාල විභවයකි. පාරිසරික සංචාරක කර්මාන්තය වැනි නවීන තාක්‍ෂණික වදන් පවා අද වන විට මෙරට සංචාරක ව්‍යාපාරයේ වාග් කෝෂයට අඩුවක්‌ නොමැති ව එක්‌ ව ඇත්තේ, එහෙයිනි. එහෙත්, දීර්ඝකාලීන සැලසුම්සහගත වැඩපිළිවෙළින් හෝ නියමාකාර නියාමනයකින් තොර ව අද වන විට සිදු කෙරෙමින් පවත්නා පාරිසරික සංචාරක කර්මාන්තය අපේ ජෛව උරුමය තවදුරටත් කබලෙන් ලිපට ඇද දැමීමට හේතු වේ දො යි යන සැකය අද වන විට අප තුළ මතු ව ඇති බව අවධාරණය කළ යුතු ය.

සිංහරාජය වැනි අතිශය වැදගත් සදාහරිත වැසි වනාන්තර පියසෙහි ම ජාන පර්යේෂණාගාර තනන්නට කටයුතු කෙරුණු රටක සිට අප අප ගේ පාරිසරික උරුමයන් විදේශ විනිමය ඉපයීම සඳහා දඩමීමා කරගැනීමට වෙර දරන බව නො කියා ම බැරි ය. එවැනි පසුබිමක දී පසුගිය දා ඉතිහාසයේ මුල් ම වතාවට විදෙස්‌ රටවල් වැඩි ම ගණනක ජාන හොරුන් පිරිසක්‌ ලක්‌ දෙරණ මත දී නීතියේ

රැහැනට හසු වීම තුළ අපට යළි යළිත් විමසා බැලීමට ඇති ප්‍රශ්නය වන්නේ පාරිසරික සංචාරක කර්මාන්තයේ නාමයෙන් අප ගේ ජෛව උරුමයන් දංගෙඩියට යැම වැළැක්‌විම සඳහා අප සතු ව නිශ්චිත, වඩාත් විද්‍යාත්මක වැඩපිළිවෙළක්‌ ඇති ද යන්න ය.

පසුගිය වසර 50-60ක පමණ කාල පරාසය තුළ දී සිදු වූ ප්‍රවාහන සහ සන්නිවේදන පහසුකම්වල වර්ධනයත් සමග ම තම විවේක කාලය විවිධ සංචාරයන් වෙනුවන් වැය කිරීම සඳහා ජනතාව වැඩි නැඹුරුවක්‌ දක්‌වන්නට වූ හ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට සංචාරක ව්‍යාපාරය සෙසු කර්මාන්ත බොහොමයක්‌ අභිබවා ලොව විශාලතම කර්මාන්තයක්‌ බවට වර්ධනය වී හමාර ය. ලෝකයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 10%ක්‌ පමණ ජනනය කරන මේ කර්මාන්තය සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ආහාර සඳහා කරන වියදමට පසුව ලෝක ජනතාව ගේ විශාලතම වැය ශීර්ෂය බවට පත් වී ඇත. සංචාරක ව්‍යාපාරයේ මෑතකාලීන විකාශනය හා වර්ධනය දෙස බැලූ කල පෙනී යන්නේ, සංචාරකයන් ගෙන් බහුතරය විවිධ විශේෂ අරමුණු සඵල කරගැනීම සඳහා සංචාරයෙහි නියෑළෙන බව ය. විවිධ විනෝදකාමී ක්‍රියා, ක්‍රීඩා, විවිධාකාර සංස්‌කෘතීන් හැදැරීම, ස්‌වාභාවික පරිසරය නැරඹීම සහ හැදැරීම මින් ප්‍රධාන තැනක්‌ ගනී. ශ්‍රී ලංකාවේ ද ජාතික ආර්ථිකයට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය අතිමහත් බව නො කිව මනා ය.

1995 වසරේ දී සකස්‌ කරන ලද සංචාරක කර්මාන්තය සඳහා වූ මහා සැලැස්‌ම මඟින් සංචාරක කර්මාන්තයේ උන්නතිය සඳහා වැදගත් විය හැකි යෝජනා ගණනාවක්‌ ගෙන එන ලදී. ඒ සඳහා සංචාරක අංශයේ නිෂ්පාදන සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණ දියුණු කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය, නව සංචාරක ආකර්ෂණ හඳුන්වා දීම යනාදී ක්‍රමෝපායයන් යෝජනා විය. එමෙන් ම එම සැලැස්‌ම මඟින් ද රටේ සංස්‌කෘතිය, ස්‌වාභාවික සෞන්දය්‍ය හා විවිධත්වය පදනම් කරගෙන සංචාරක කර්මාන්තය දියුණු කිරීම ද අවධාරණය කර ඇත. එහෙත්, 1982 සිට මෑතක්‌ වන තුරු ම ලංකා සංචාරක මණ්‌ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවලට අනුව විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීම සැලකිය යුතු වර්ධනයක්‌ පෙන්වා නො තිබිණි. ඊට ඉකුත් යුධමය වාතාවරණයට ද යම්කිසි බලපෑමක්‌ එල්ල කරන්නට ඇත. එමෙන් ම සෘජු හා වක්‍ර රැකියා උත්පාදනය සම්බන්ධයෙන් ද ඉකුත් දශකයක පමණ වාර්තා එපරිදි ය.

මේ තත්ත්ව වෙනස්‌ කර මෙරටට පැමිණෙන විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා අප රට සතු ව ඇති ඉතා ම සරල සහ පහසු ම ක්‍රමවේදය පාරිසරික සංචාරක කර්මාන්තය බව නො කිව මනා ය.

පාරිසරික සංචාරක කර්මාන්තය ඉතා සරල ව පරිසරය පදනමෙහි පවත්වාගෙන සිදු කරන සංචාරක කර්මාන්තයක්‌ ලෙස හැඳින්විය හැකි ය. මේ පිළිබඳ ව විවිධ අර්ථකථන රැසක්‌ ඇත. එය ස්‌වාභාවික පරිසර පද්ධතීන් තුළ සිදු කරන වගකීමක්‌ සහිත සංචාරයක්‌ විය යුතු අතර එම සංචාරයෙන් පරිසර සංරක්‍ෂණයටත් එම ප්‍රදේශයේ සිටින ප්‍රජාව ගේ සුබ සිද්ධියටත් දායකත්වය ලැබිය යුතු ය. තව ද, එමඟින් පරිසර පද්ධතීන් පිළිබඳ ව දැනුවත් වීම හා එම පරිසර පද්ධති තිරසාර ලෙස කළමනාකරණය ද සිදු විය යුතු ය. මේ අනුව තවදුරටත් විග්‍රහ කළ හොත් පාරිසරික සංචාරක කර්මාන්තය යනු, ස්‌වභාවධර්මය පාදක කරගත් හා ස්‌වාභාවික පරිසර පද්ධතිවල තිරසාර පැවැත්මට ද දායක වන සංචාරක කර්මාන්තයක්‌ විය යුතු ය.

එහෙත්, ශ්‍රී ලංකාව තුළ අද වන විට ස්‌වාභාවික පරිසර පද්ධතීන් සිසාරා සිදු කෙරෙන සංචාරක කර්මාන්තයෙන් මෙකී සියලු අරමුණු ඉටු වනවා ද යන්න ගැටලුසහගත ය. ඒ වෙනුවට වර්තමානයේ දී සිදු වන්නේ, පාරිසරික සංචාරක කර්මාන්තය යන වදන දඩමිමා කරගෙන අතළොස්‌සක්‌ පිරිස එහි ප්‍රතිලාභ ලබාගැනීම සහ දිනෙන් දින ම මෙරට ස්‌වාභාවික උරුමයන් වළ පල්ලට යැම නො වේදැ යි නො විමසා ම බැරි ය.

සංචාරකයන් ගේ පැමිණීම ඉහළ යැමත් සමග ම ඔවුන්ට අවශ්‍ය වන නේවාසික පහසුකම් සැපැයීම සඳහා හෝටල් හා සංචාරක බංගලා ඉදි කිරීම ද අනිවාය්‍ය කාරණයකි. එහෙත්, මෙහි දී අප ගේ ස්‌වාභාවික පරිසර පද්ධතින් විනාශ විය හැකි අයුරින් මෙකී ඉදි කිරීම් සිදු නො කිරීමට අප වග බලා ගත යුතු ය. එහෙත්, අද වන විට මෙය එම ආකාරයෙන් ම සිදු වනවා ද යන්න විමසිය යුතු ව ඇත. විමතියට කරුණ නම් මෙකී විනාශකාරී ඉදිකිරීම් පාලනය කිරීමට කටයුතු කරනු වෙනුවට මෙරට වනසතුන් හා වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීම සඳහා ප්‍රතිපාදන සලසා ඇති අණ පනත් ද සංශෝධනය කරමින් මේ විනාශයට මඟපෑදීමට ඇතැම් පාලක කාරකාදීන් යෝජනා කිරිම ය. 2009 අංක 22 දරන (සංශෝධිත) පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥ පනත සංශෝධනය කර මෙරට වනජීවී රක්‍ෂිතවල ස්‌වාරක්‍ෂක කලාපවල සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු පසුගිය කාලයේ කටමැත දෙඩවීම මෙකී කාරණය මොනවට පහදා දෙන්නකි. සංචාරක කර්මාන්තයේ නාමයෙන් මෙවැනි අනර්ථකාමී ක්‍රියා සිදුවීම මෙරට ස්‌වාභාවික පරිසරය වැනසී යැමට ආකාර කිහිපයකින් ම බලපෑ හැකි බව අප ගේ වැටහීමයි. මෙමඟින් වන ජීවීන් ගේ ස්‌වාභාවික හැසිරීම් රටාවලට බාධ එල්ල වීම, වනජීවී රක්‍ෂිතවලට සිදු වන අනවසර ඇතුළු වීම් ඉහළ යැම, ඝන අපද්‍රව්‍ය සම්බන්ධ ගැටලු ඇති වීම, වනෝද්‍යාන ආශ්‍රිත ව දඩයම් හා අනවසර සත්ත්ව හා ශාක කොටස්‌ එකතු කිරීම් ඉහළ යැම, අලි-මිනිස්‌ ගැටුම ඉහළ යැම වැනි දැ නිතැතින් ම සිදු විය හැකි ය.

එසේ ම, සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා වන සතුන්ට ආහාර ලබා දීම වැනි අමනෝඥ ක්‍රියාකාරකම් සිදු වීම මඟින් වන සතුන්ටත් මේ පරිසර පද්ධති ආශ්‍රිත ව ජීවත් වන මිනිසුන්ටත් බලපෑම් එල්ල වීම අක්‍රමවත් (පාරිසරික) සංචාරක කර්මාන්තයේ ගැටලු ලෙස හඳුනාගත හැකි ය. මීට ආසන්නතම උදාහරණයක්‌ ලෙස ඉකුත් කතරගම වන්දනා සමයේ දී යාල වනෝද්‍යානය හරහා කතරගමට ගමන් කළ පාද යාත්‍රිකයකු, කොටියකු ගේ ප්‍රහාරයකින් මරණයට පත් වීම දැක්‌විය හැකි ය. එහි අනෙක්‌ පසින් අසන්නට ලැබෙන්නේ යාල ජාතික උද්‍යානයේ කඳවුරු බිම් පාලනය කරන එක්‌තරා පෞද්ගලික සමාගමක්‌ විසින්a එම කඳවුරු බිමට සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා කොටියකුට මස්‌ ලබා දී ඇති බව ය. මෙකී පාද යාත්‍රාවේ යෙදුණු කාන්තාව කොටියකුට ගොදුරු ව ඇත්තේ ද එම ආසන්නයේ දී බව කියති.

එසේ ම, මේ ආකාරයෙන් සංචාරකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සඳහා නකල්ස්‌ සංරක්‍ෂිත වනාන්තරයට අයත් අයත් පිටවල පතන ප්‍රදේශය යොදා ගැනීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ද කටයුතු කිරීම කා හට වත් රහසක්‌ නො වන බව සිතමු. ඔවුන් ඒ සඳහා වනසා දැමීමට කටයුතු කළේ, 2007 IUCN රතු දත්ත ලේඛනය අනුව දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ දී සිටින (Critically eudangered) ලංකාවට ආවේණික දුම්බර ගල්පර මැඩියා ගේ (Nannophrys mamorat) අතිශය සීමිත ක්‍ෂුද්‍ර වාසස්‌ථාන අතරින් එකක්‌ බව නො කියා ම බැරි ය. සංචාරකයන් විශාල වශයෙන් ස්‌වාභාවික පරිසර පද්ධති වෙත ආකර්ෂණය වීම නිසා එහි ජීවත් වන ඉතා දුර්ලභ වන ජීවීන් විනාශයට පත් වීම සම්බන්ධයෙන් ද දුම්බර ගල්පරමැඩියා අතීතයේ විශාල වශයෙන් හුවා දක්‌වන ලදී. එවැනි, පසුබිමක දී වැටත් නියරත් ගොයම් කන්නාක්‌ සේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ද ඉතා මුග්ධ ලෙස මේ ආකාරයෙන් දුම්බර ගල්පර මැඩියා ගේ ප්‍රකට වාසස්‌ථානයක්‌ වූ පිටවල පතන උන් ගෙන් උදුරා ගැනීම ඉතිරි කරන්නේ, ඉච්ඡා භංගත්වයක්‌ ම පමණකි.

නිසි ආකාර නියාමනයකින් තොර පාරිසරික සංචාරක කර්මාන්තය හරහා අප රටට උරුම ඉතා වැදගත් ජාන සම්පත් මුළු ලොවට ම හොරා විදේශීය මංකොල්ලකරුවන්ට නතු වීම ද නො සලකා හැරිය හැකි නො වේ. ශ්‍රී ලංකාවට පමණක්‌ ආවේණික ජීවීන් හා ජාන සම්පත් දේශීය ඒජන්තයන් ගේ ද ඇප උපකාර ඇති ව විදෙස්‌ රටවලට ගලා යන්නේ ද ඒවාට හොර රහසේ ම පේටන්ට්‌ බලපත්‍ර පවා ලැබෙන්නේ ද මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. එසේ ම, මේ ජාන සම්පත් පෙරළා අප ගේ ජෛවවිවිධත්වය විනාශ කිරීම සඳහා ද යොදා ගැනීමට ඇති ඉඩ ප්‍රස්‌ථාව සුළු පටු නො වන බව කිව මනා ය. 2009 වසරේ දී අවසන් වරට සංශෝධනය කෙරුණු වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥ පනත මඟින් ද මෙකී ජාන මංකොල්ලයට වැට බැඳීම සඳහා ශක්‌තිමත් පියවර ගෙන ඇති ද යන්න ගැටලුසහගත ය.

ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය ජීවියකු ඇසුරින් සිදු කළ ජෛව මංකොල්ලයක ප්‍රථම සාCෂ්‍ය සහිත නිදසුන වන්නේ, 1980.10.06 වැනි දින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පිරිනැමුණු US 4293546 අංක දරන පේටන්ට්‌ බලපත්‍රයයි. මෙයින් යාපනයෙන් සොයාගත් Streptosporangium fragile නම් දිලීරයෙන් ලබා ගන්නා ප්‍රතිජීවක කාණ්‌ඩය ආවරණය කර ඇත. ඉන් පසු ව මේ වන විට ශ්‍රී ලංකාව ජෛව මංකොල්ලයට ලක්‌ කර පේටන්ට්‌ බලපත්‍ර 300කට වැඩි ප්‍රමාණයක්‌ ලබාගෙන ඇති බව සොයාගෙන ඇත. මේ හැර තවත් නිෂ්කාශනය වන බලපත්‍ර 100කට වැඩි ගණනකට පේටන්ට්‌ බලපත්‍ර ලද හොත් ඒවා මඟින් ද තවදුරටත් සිදු වන්නේ, ශ්‍රී ලංකාවේ ජාන සම්පත් මංකොල්ලයට ලක්‌ වීමකි. මෙරටට පාරිසරික සංචාරක කර්මාන්තයේ නාමයෙන් පැමිණෙන බොහොමයක්‌ පිරිස්‌ පැමිණෙන්නේ අප ගේ ස්‌වාභාවික පරිසරය විඳගැනීමේ සද්භාවයෙන් යෑයි අප නො සිතිය යුතු ය. නිසි ආකාර නියාමනයකින් තොර ව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් තවදුරටත් සිදු වන්නේ ද අප ගේ ජාන සම්පත් කොල්ලකෑමට නොරටුන්ට ඉඩ ප්‍රස්‌ථා ව ලැබීම ය. අද වන විට අප රට තුළ ඇති තාක්‍ෂණික පසුගාමීත්වය තුළ අපට මෙකී ජාන සම්පත් විශ්ලේෂණය කර එහි නියම ඵල ප්‍රයෝජන ලබාගත නො හැකි වුව ද අනාගතයේ දිනයක තාක්‍ෂණය අප හිමි කර ගත්ත ද එදිනට අපට සිදු වන්නේ ද වර්තමානයේ දී මෙන් දත නියවාගෙන සිටීමට ය. ඒ වන විට අපේ වටිනා ජාන සම්පත් සියල්ලක ම හිමිකම නොරටුන් හිමි කරගෙන සිටීමට ඉඩ ඇති බැවිනි.

පාරිසරික සංචාරක කර්මාන්තයේ හරයන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ, එයින් එම පරිසර පද්ධති අවට වෙසෙන ග්‍රාමීය ප්‍රජාවට ද ආර්ථික වාසි සැලසිය යුතු බව ය. එහෙත්, අද වන විට මෙරට තුළ සිදු කෙරෙන සංචාරක ව්‍යාපෘති බෙහොමයකින් එකී ප්‍රධාන පරමාර්ථය ඉටු වනවා ද යන්න ගැටලුසහගත ය. සැබෑ ලෙස ම මෙරට ස්‌වාභාවික පරිසර පද්ධති ආරක්‍ෂා කර ගැනීමට ඒ අවට ප්‍රජාව ගෙන් ලැබෙන දායකත්වය ඉමහත් ය. එබැවින් එහි ආර්ථික වාසි එකී ග්‍රාමිය ප්‍රජාවට ද හිමි විය යුතු ය. එහෙත්, වර්තමාන සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ සපුරා ම මධ්‍යගත වීම නිසා ග්‍රාමීය ප්‍රජාව පරිසර පද්ධති කෙරෙහි ද්වේශසහගත වීම ද ඇතැම් අවස්‌ථාවල දැකගත හැකි ය.

එසේ ම, විදේශීය සංචාරකයන් මත ම කේන්ද්‍රගත වූ සංචාරක කර්මාන්තය තුළින් දේශීය සංචාරකයන්ට මෙරට ස්‌වාභාවික පරිසර පද්ධතීන් අත්විඳීමට ඇති ඉඩ ප්‍රස්‌ථා අහිමි වීම ගැටලු ඇති කරන්නකි. විශේෂයෙන් සංචාරක කර්මාන්තය මත යෑපෙන ඇතැම් තැරැව්කරුවන් වැඩි ආදායමක්‌ ලබාගැනීම සඳහා විදේශීය සංචාරකයන්ට ප්‍රමුඛතාව ලබා දීම නිසා දේශීය සංචාරකයන් අසාධාරණයට ලක්‌ වූ අවස්‌ථාවන් ද හඳුනාගත හැකි ය.

ශ්‍රී ලංකාවේ වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු වනජීවී රක්‍ෂිත වෙත පැමිණෙන නරඹන්නන් ප්‍රමාණය පාලනය කිරීම සඳහා ද අප සතු ව නිශ්චිත වැඩපිළිවෙළක්‌ නොමැති බව කිවමනා ය. විශේෂයෙන් මෙරට ජාතික උද්‍යාන සියල්ලක ම දක්‌නට ලැබෙන එම තත්ත්වය වන ජීවීන් ගේ පැවැත්මට ප්‍රබල තර්ජනයකි. අප ගේ වනජීවී සම්පත් ප්‍රවර්ධනය කර එමඟින් මුදල් උපයා ගැනීමේ වරදක්‌ නැතත් මෙකී ජාතික උද්‍යාන වනාහී වන සතුනට උරුම නිජබිම් විනා මිනිසුන් ගේ අයිතියක්‌ නො වන බව අප වටහා ගත යුතු ය. එබැවින් මේ වනජීවී රක්‍ෂිතවලින් මුදල් උපයා ගැනීම සිදු කළ යුත්තේ, වනජීවීන් ගේ නිදහස්‌ හා සාමකාමී දිවිපෙවෙතට බාධා එල්ල නො වන පරිදි ය. එහෙත්, අද වන විට වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවා සංරක්‍ෂණයේ නාමයෙන් කොන්ක්‍රීට්‌ වනාන්තර (සංචාරක මධ්‍යස්‌ථාන, බංගලා) වනජීවී රක්‍ෂිතවල ඉදි කරනු විනා සැබෑ සංරක්‍ෂණයට යොදන දායකත්වය විරල ය. මෙවැනි වනජීවී රක්‍ෂිත වෙත ඇතුළු කරන නරඹන්නන් හා රථ වාහන ප්‍රමාණය එහි වපසරිය හා වසරේ එක්‌ එක්‌ කාලය අනුව නියාමනය කළ යුතු ව ඇතත්, මෙරට එවැන්නක්‌ සිදු නො වේ. ඒ වෙනුවට සිදු කරන්නේ, ආර්ථික වාසි පමණක්‌ සලකා කටයුතු කිරීම බවට කදිම නිදසුනක්‌ ලෙස යාල ජාතික උද්‍යානය වියළි කාලයේ දී පවා සංචාරකයන්ට අඛණ්‌ඩ ව විවෘත කර තැබීම දැක්‌විය හැකි ය. සාමාන්‍යයෙන් වියළි සෘතුවේ දී මසක පමණ කාලයක්‌ එකි වනෝද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙන්නේ වන ජීවීන්ට යම් අස්‌වැසිල්ලක්‌ ලබා දීම ද අරමුණු කරගෙන නමුත්, පසුගිය කාලයේ එවැන්නක්‌ සිදු නො වී ය. එසේ ම, ඉතා අමනෝඥ ආකාරයෙන් මින්නේරි ජාතික උද්‍යානය ද රාත්‍රී සංචාර (Night Safari) සඳහා විවෘත කිරිමට කටයුතු කිරීම ම මෙවැනි අගතිගාමී ක්‍රියාවකි. එහි අවාසනාවන්ත ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය කාලයේ එම කලාපයේ දුම්රිය අනතුරු නිසා මිය ගිය වන අලින් ප්‍රමාණය ද ඉහළ ගිය බව තතු දන්නෝ දනිති. ඊට හේතුව රාත්‍රී සංචාර සඳහා යොදාගන්නා අධිබල ආලෝක ධාරාවලට හුරු වූ වන අලි ඇතුන් දුම්රියවල ආලෝක ධාරාවන් ද නො සලකා හැරීම බව සිතිය හැකි ය. මේ බව ප්‍රමාද වී හෝ වටහාගත් බලධාරීන් අද වන විට මෙය නවතා දැමීමට කටයුතු කිරීම සතුටට කරුණකි. එසේ ම, ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව සලකා වැඩි ආදායමක්‌ ලැබෙන ජාතික උද්‍යානවලට වැඩි පහසුකම් සපයා දීම ද අඩු ආදායම් ලබන ජාතික උද්‍යාන (උදා(-මාදුරුඔය) නො සලකා හැරීමට ද රේ‚ය දෙපාර්තමේන්තුව නිල නො ලත් ආකාරයෙන් කටයුතු කළ බව අපි දනිමු.

මෙකී සියලු කාරණා සලකා බැලීමෙන් පෙනී යන්නේ, පාරිසරික සංචාරක කර්මාන්තයේ නාමයෙන් අපේ ජෛව උරුම වළපල්ලට යැමට පටන්ගෙන තිබීම නො වේ දැයි විමසා බැලිය යුතු ය. එබැවින් ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලද අප ගේ මාතෘ භූමිය නුදුරේ දී ම ඉන්දු සයුරේ කඳුළු බිංදුව බවට පත් වීම වැළැක්‌වීම සඳහා අප වඩාත් විද්‍යාත්මක, දීර්ඝකාලීන හා තිරසාර වැඩපිළිවෙළකට අවතීරණය විය යුතු බව ඉතා අවධාරණයෙන් ලියා තැබිය යුතු වේ.


අද සතියේ විමසුම
සුපුන් ළහිරු ප්‍රකාශ්
ඡායාරූප තාරක කුසුමින්ද

http://www.vidusara.com/2012/04/04/feature1.html

Wednesday, April 4, 2012

හේනානිගල අභය භූමියේ ඝාතනය - වනජීවියේ සැක තිදෙනා 16 දා තෙක්‌ රිමාන්ඩ්

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග



සැකකරුවන් වූ වනජීවී නිලධාරීන් තිදෙනා අධිකරණයට රැගෙන ආ අයුරු.

හේනානිගල වනජීවී අභය භූමිය ප්‍රදේශයේදී දඩයක්‌කරුවකුට වෙඩි තබා ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් වනජීවී නිලධාරීන් තිදෙනා දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා විසින් මේ මස 16 දින දක්‌වා බදුල්ල රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (3 දා) නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ලක්‍ෂ්මන් මුල්ලේගම මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඔවුනට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර වෘක්‍ෂලතා හා වනජීවී අංක 22 දරන පනතින් ඔවුන් වනජීවී සම්පත් ආරක්‍ෂා කිරීමට කටයුතු කර ඇති බව ද කීය.

මෙම සැකකරුවන් 23 දින අම්පාර මහාධිකරණයට කැඳවා ඇප ලබාදීමට හැකිද යන්න සොයා බැලීමට තීරණය කර ඇත.


http://www.divaina.com/2012/04/04/news08.html

Monday, April 2, 2012

ආරචිච්කට්ටුව ආනවිලුන්දාව කුරුලු අභය භූමියේ දැව ජාවාරමක්

වැව හාරා වැලි ගොඩ දැමීමත් ජයටම

මුන්නේශ්වරම සමූහ – ඊ. සී. ප්‍රනාන්දු

ජත්‍යන්තර තෙත් කලාපයට අයත් ආරච්චිකට්ටුව කුරුලු අභය භූමියට නීතිවිරෝධී ලෙසින් පිවිස එහි ඇති ඉතා පැරැණි කුඹුක්, මාර හා කොහොඹ වෘක්ෂයන් කපා ගෙන යාම හා මේ දිනවල සිඳී ගිය වැව් හාරා වැලි ගෙන යාම නිසා එම කුරුලු අභය භූමියේ පැවැත්මට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ඈත අතීතයේ පටන් යුරෝපා රටවලට බලපාන ශීත කාලවලදී එම රටවල ජීවත්වන දහස් සංඛ්‍යාත පක්ෂීන් මෙම අභය භූමියට පැමිණ මාස තුනක පමණ කාලයක් මෙම වැව් ආශ්‍රිත තෙත් බිම් කලාපය තුළ ජීවත් වී යළි තම නිජබිම කරා යනු ලබන බවත් කියති.




සිඳී ගිය වැවකි



ගොඩ දැමූ වැලි ගොඩ ගසා ඇති අයුරු



අත්අඩංගුවට ගත් කුඹුක් කඳන් තොගයක්

මේ තෙත් බිම 2001 දී අභය භූමියක් ලෙස පත්කර තිබේ.

ඒ අනුව මෙම භූමියෙහි වාසය කරන වන සතුන් පක්ෂීන් ඇල්ලීම දඩයම් කිරීම හා බිත්තර හෝ කුඩු එකතු කිරීම ගස් කැපීම, වැලි ඉවත් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන් ප්‍රකාශ කර ඇත. මෙම බිමේ ආරක්ෂාව පිණිස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ උප කාර්යාලයක්ද මේ බිමෙහි පිහිටා ඇත.

මරියාව - ආනවිලුන්දාව සුරුවිල යන වැව් මෙම අභය භූමිය තුළ පිහිටා ඇත. සෙංගල් ඔය ව්‍යාපෘතිය යටතේ ඒවාට අවශ්‍ය ජලය ලැබී තිබුණි. මේ නිසා විවිධ පක්ෂීන් පැමිණ ප්‍රදේශය පුරා සුවිශේෂ පාරිසරික ලක්ෂණයක් පෙන්නුම් කරති. පුත්තලම දිසාවට මෙන්ම මුළු රටම මෙම අභය භූමිය ජාතික සම්පතක් වී ඇති බවත් කියති.

මෙවන් තත්ත්වයක් තුළ මේ දිනවල බලපාන උග්‍ර නියගය නිසා ආනවිලුන්දාව කුරුලු අභය භූමියේ ජලයද සිඳී ගොස් ඇත. මේ නිසා ගත වූ වසරක පමණ කාලයක සිට මෙම භූමියට සංචාරක පක්ෂීන්ගේ සම්ප්‍රාප්තියත් නිසි ලෙසින් සිදුවී නැති බවත් කියති.

මේ අතර මෙම අභය භූමියේ ජලය සිඳී ගිය වැව් වල ඇති වසර 100 ට වඩා වැඩි කුඹුක් ගස් රැසක් කපා ඉවත් කරගෙන ගොස් ඇති බව දැක හැකිවිය. ඊට අමතරව කොහොඹ මෙන්ම මාරා ගස් ද කපා ඉවත් කරගෙන ගොස් ඇත. මෙම ගස් කැපීම් කර ඇත්තේ යන්ත්‍රානුසාරයෙනි. තමන්ට දර කැබැල්ලක් කඩා ගැනීමට අවසර නැති වූවත් සංවිධානය වූ පිරිසක් මෙම අභය භූමියට ඇතුළු වී යෝධ ගස් කපා ගෙන යාමට හැකිවීම අබිරහසක් බවත් කියති.

ඊට අමතරව ජලය සිඳී ගිය වැව් පතුල හාරා වැලි ඉවත් කරන බවත් දැක ගත හැකිවේ. මේ අතර මේ කුරුලු අභය භූමියෙන් නීති විරෝධීව කපාගෙන ගොස් නල්ලදරන් කට්ටුව හැළඹටවක ප්‍රදේශයේ නීතිවිරෝධී වඩු පට්ටලයකින් ඉරා ගැනීමට දී තිබූ යෝධ කුඹුක් කඳන් කිහිපයක් ජංගම ඉරුම් යන්ත්‍රයක් ද සැකකරුවන් දෙදෙනකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ වනවිටත් එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවෙහි නඩුවක්ද පවරා ඇත.

ආතවිලුන්දාව කුරුලු අභය භූමියේ පිහිටි වනජීවි සංරක්ෂණ කාර්යාලයේ නිලධාරියකුගෙන් මෙම අභය භූමියට හානිකරන ක්‍රියාවක් ගැන විමසීමේදී අභය භූමිය තුළ එවැන්නක් සිදුනොවන අතර දිරාපත් කුඹුක් ගසක් කපා ඉවත් කරන බවට ලද තොරතුරක් මත කළ වැටලීමේ දී කපා කුට්ටිකර තිබූ කුඹුක් කොට කිහිපයක් තමන් අත්අඩංගුවට ගත් බවත් කීවේය.


ඡායාරූප – මුන්නේශ්වරම සමූහ

http://www.dinamina.lk/2012/04/02/_art.asp?fn=r1204021

මියගිය මවට තනි රකින අලි පැටවා

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද

රෝගී තත්ත්වයකින් මියගිය අලි මවකගේ පැටවෙකු ත්‍රිකුණාමලය, මොරවැව ගුවන් හමුදා කඳවුර අසලින් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය අඩවි කාර්යාලය කියයි.


රෝගී තත්ත්වයෙන් ඇවිදගත නොහැකිව වැටී සිටි අලි මව අසල පැටවා සිටි අතර මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් මේ බව දැනුම් දුන් බව වනජීවී අඩවි ආරක්ෂක එන්. සුරේෂ් කුමාර් මහතා පැවැසීය.

අලි මවට වනජීවී පශු වෛද්‍ය ඩබ්. එම්. ධර්මකීර්ති මහතා විසින් ප්‍රතිකාර කළද අලි මව බේරා ගැනීමට නොහැකි විය. පශු වෛද්‍ය ධර්මකීර්ති මහතාගේ උපදෙස් මත අලි පැටවා රිටිගල ඇත් අතුරු සෙවණට භාර දුන් බව සුරේෂ් කුමාර් මහතා පැවැසීය.

වනජීවී අඩවි ආරක්ෂක එන්. සුරේෂ් කුමාර මහතා සමඟ මෙම අලි පැටවා ඇත් අතුරු සෙවණට භාරදීමට වනජීවී නියාමකවරුන් වන පූර්ණ නවරත්න, අයේෂ් හසිත, රොෂාන් ලක්මාල් යන මහත්වරු ද දායක වූහ.

මෙම අලි පැටවා හමුනොවූයේ නම් කැලයේ අතරමං වී ජීවිත අවධානමකට ලක්වීමට ඉඩ තිබුණි. අලි මවට ප්‍රතිකාර කිරීමේ සිට අලි පැටවා බේරා ගැනීමට මොරවැව ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් හා ගුවන් භටයන් දැක්වූ සහය ද මෙහිදී අඩවි ආරක්ෂක සුරේෂ් කුමාර් මහතා සිහිපත් කළේය.

http://www.dinamina.lk/2012/04/02/_art.asp?fn=n12040211

Sunday, April 1, 2012

‘Lost’ shrub frog turns up after 100 years

By Malaka Rodrigo

A tiny shrub frog that was first spotted and identified 100 years ago was rediscovered in 2005 by two Sri Lankans.

The Tiny-Red Shrub-Frog – Pseudophilautus semiruber


The Tiny-Red Shrub-Frog – Pseudophilautus semiruber – is one of the smallest frog species in the world. Out of a total of 5,000 plus species of frogs in the world, only 46 species are 15 millimetres in length and under. These diminutive species are so small they can comfortably rest on the tip of your small finger. This is the third such species found in Sri Lanka; the others are Pseudophilautus simba and Pseudophilautus tanu.

In 1911, a scientist named N. Annandale found a 12mm frog in Pattipola, at an elevation of 1,850 metres above sea level. The creature, of undetermined sex, was formally described in 1913, using this single specimen. The tiny creature remained elusive for the next 95 years. In 2005, Dr. Madhava Meegaskumbura of the University of Peradeniya and Mohamed Bahir found a single female in wet leaf litter in a misty montane forest near the Horton Plains National Park.

The rediscovery was announced and a new description given in the March 2012 issue of the journal ZOOTAXA. The tiny red frog is at the edge of extinction. Sri Lanka has been described as an “amphibian hotspot”. Many species new to science have been found in Sri Lanka; meanwhile, 21 species have become extinct.

http://www.sundaytimes.lk/120401/News/nws_034.html

Saturday, March 31, 2012

DWC officers hand over firearms (2 items)

පොලිසියට විරෝධය පා පොළොන්නරුව වනජීවී නිලධාරීහු රාජකාරී ගිනි අවි භාර දෙති

ගාමිණී ඔබේසේකර - පොළොන්නරුව විශේෂ

හෙනානිගල ආදිවාසි පුද්ගලයෙකු වෙඩි වැදී මිය යෑමේ සිද්ධියේදී දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ නිලධාරීන් වන ජීවීන් මරණ අපරාධකරුවන්ට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමට එරෙහිව මාදුරුඔය, මින්නේරිය, වස්ගමුව හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල නිලධාරීන් සිය

රාජකාරී ගිනි අවි පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට ගෙනවිත් (30) ඊයේ පෙරවරුවේ භාර දුන්හ.

මේ නිලධාරීන් විසින් කාර්යාලයට ගෙනවිත් තිබූ රිපීටර් 11 පතරොම් තුවක්කු 20 ට බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් වූ අතර මේ තුවක්කු කාර්යාලයේ කාමරයක ගොඩගසා තිබූ නමුත් ඒවා ලිඛිතව භාරනොගත් බව වනජීවී කාර්යාලයේ නිලධාරියකු දිනමිණට කීය.

පසුගියදා මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළදී මිය ගිය පුද්ගලයා හමුදා ඇඳුම් හැඳ මිය ගොස් සිටි ඔහු ආදිවාසියකු බව පවසමින් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය ඒකපාක්ෂිකව පරීක්ෂණ කටයුතු සිදු කළ බවත්, මේ නිසා වනජීවී නිලධාරීන්ට සිය රාජකාරී නියමාකාරයෙන් සිදු කිරීමට නොහැකිවී ඇතැයි වනජීවී ආරක්ෂක නිලධාරීන්ගේ වනහඬ සංගමයේ ලේකම් ජී. ලයනල් මහතා පැවසීය.

මාදුරුඔය මින්නේරිය වස්ගමුව හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන වල රාජකාරියේ නියුතු වනජීවී නිලධාරීන් සිය රාජකාරී ගිනි අවි පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යාලයට ගෙනවිත් භාරදුන් අවස්ථාව මෙහි දැක්වේ


ඡායාරූප ගාමිණි ඔබේසේකර
පොළොන්නරුව විශේෂ

http://www.dinamina.lk/2012/03/31/_art.asp?fn=n1203315


මහවැලි කලාපයේ වන නිලධාරීහු ගිනි අවි භාවිතය අත් හරිති

පොලොන්නරුව - කරුණාරත්න ගමගේ

මහවැලි වනජීවී කලාපයට අයත් ජාතික වනෝද්‍යානවල සහ ඒ අවට පිහිටි වනජීවී අඩවි හා බීට්‌ටුවල රාජකාරි කරන වනජීවී නිලධාරීහු ඊයේ (30 වැනිදා) සිට තම රාජකාරි කටයුතු කිරීමේදී රාජකාරි ගිනි අවි භාවිතය අතහැරීමට තීරණය කර තිබේ.

මේ අනුව මාදුරුඔය, වස්‌ගමුව, කවුඩුල්ල, මින්නේරිය යන ජාතික වනෝද්‍යානවල සහ ඒ අවට පිහිටි වනජීවී අඩවි හා බීට්‌ටුවල රාජකාරි කරන වනජීවී නිලධාරීහු තමන් සතු රාජකාරි ගිනි අවි මහවැලි කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලයට ඊයේ (30 වැනිදා) උදේ රැගෙන ආහ.

තම කලාපයේ වනජීවී නිලධාරීන් වෙත වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති රාජකාරි ගිනිඅවි ආපසු භාර ගැනීමට තමන්ට කිසිදු උපදෙසක්‌ ලැබී නැතැයි මහවැලි කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ එච්. ඒ. සුමනසේන මහතා "දිවයින" ට පැවසීය.

එසේ වුවද වනජීවී නිලධාරීන් විසින් රැගෙන එනු ලැබූ රාජකාරී ගිනි අවි සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලයට අයත් කාමරයක තැන්පත් කර තිබෙනු දක්‌නට ලැබිණි.


http://www.divaina.com/2012/03/31/news09.html

රෝගී අලි මවට ප්‍රතිකාර කොට පැටවා ඇත් අතුරු සෙවණට භාර දෙති

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

හඳුනාගත නොහැකි රෝගයකින් ඉතාමත් අසාධ්‍යව මොරවැව අක්‌කර 80 ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරක්‌ අසල ලඳු කැලෑවක වැටී සිටි අලි අම්මා කෙනකු හා අවු. 2 ක්‌ පමණ වයසැති අලි පැටවකු පිළිබඳ පෙරේදා (29 දා) තොරතුරු වාර්තාවීමෙන් පසු එම ස්‌ථානයට ගිය වනජීවී නිලධාරීන් මවට ප්‍රතිකාර කොට පැටවා රැගෙන පැමිණ තිබේ.

වනජීවී පශුවෛද්‍ය ඩබ්. ධර්මකීර්ති, ත්‍රිකුණාමලය හා කන්තලේ වනජීවී අඩවි ආරක්‍ෂක නිලධාරීන් වන සුරේෂ් කුමාර හා රත්නායක යන මහත්වරුන් ඇතුළු වනජීවී අඩවි ආරක්‍ෂක නිලධාරීහු මෙම ස්‌ථානයට ගොස්‌ අසාධ්‍යව බිම වැතිරී සිටි අලි මවට එන්නත් හා ප්‍රතිකාර ලබාදී කුඩා පැටවා රිටිගල ඇත් අතුරු සෙවණට භාරදීමට පියවර ගත්හ.

අලි පැටවා ඡායාරූපයේ වෙයි.


http://www.divaina.com/2012/03/31/provin02.html

රත්නපුරයෙන් ලෝකාන්තයට නව මාර්ගයක්

නිවිතිගල සමූහ - කුමාරසිරි විල්වලආරච්චි

රත්නපුර ප්‍රදේශයේ සිට ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට පහසුවෙන් පිවිසීම සඳහා මාර්ගයක් තැනීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. කි.මී. 09 ක් දුර මේ මාර්ගය මගින් බෙලිහුල්ඔය නන්පේරියල් හරහා ලෝකාන්තයට පිවිසිය හැක.

නන්පේරියල් වතු අධිකාරිවරයාගේ කැමැත්ත මේ සඳහා ලැබී ඇති අතර රුපියල් මිලියන 06 ක වියදමින් මාර්ගය පිළිසකර කෙරේ. කි.මී. 03ක දුරක් පාගමනින් යා හැකි පරිදි වනජීවී හා වන සංරක්ෂණ ආයතන වලට අයත් පරිසරයට හානි නොවන පරිදි මාර්ගය පිළිසකර කරන බව පළාත් සංචාරක ඇමැති කුමාර රාහුබද්ධ මහතා ප්‍රකාශ කෙළේ ය.

බෙලිහුල්ඔය සංචාරක කලාපය සංවර්ධනය කිරීමේ වැඩසටහනට අනුබද්ධව මෙය ක්‍රියාත්මක කරයි. දකුණු හා සබරගමු කලාප භාර නියෝජ්‍ය වන සංරක්ෂක ලාල් අබේගුණසේකර අමාත්‍යාංශ ලේකම් දේවපි‍්‍රය විජේරාජ, විෂයභාර නිලධාරි නිශාන්ත සමරතුංග, දියඇළි සභාපති අසිත ඉන්දික වීරවර්ධන යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.


http://www.dinamina.lk/2012/03/31/_art.asp?fn=n1203314

Tuesday, March 27, 2012

පසුගිය සතියේ නුවරඑළියේ කැලෑ ගිනි තැබීම් 10 ක්‌

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය තුළ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පසුගිය සතිය තුළ පමණක්‌ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කැලෑ ගිනි තැබීම් 10 කට අධික ප්‍රමාණයක්‌ වාර්තා වී ඇති බව නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්‌වන හේමවර්ධන මහතා පවසන්නේ ඇතැමුන් තම විනෝදය තකා මෙවැනි කැලෑ ගිනි තැබීම් සිදුකරන බවත් මෙයින් විශාල හානි සිදුවීමේ අවදානමක්‌ පවතින බවත්ය. මෙම තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ රක්‍ෂිත වනාන්තර, කැලෑ ආසන්නයේ පිහිටි විකාශන කුලුනු, නිවාස, ගොවිපළ හා පාසල් ආදී සියලු දේපළ වටා ගිනි වැටවල් ඉදිකර ගින්න පැතිර යැම වළක්‌වන ලෙසත් තම දේපළ ආරක්‍ෂා කරගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.


http://www.divaina.com/2012/03/27/provin02.html

Monday, March 26, 2012

Second fence coming up inside Uda Walawe Park

Kataragama pilgrims lose opportunity of making unique wayside stop to feed jumbos

By Kumudini Hettiarachchi

A fence within a fence to sever a unique bond between human and wild animal, which is probably never seen anywhere else in the world. In a ‘crackdown’ that many see as an exercise in futility and a waste of public money, the Department of Wildlife Conservation (DWC) is erecting an electric fence, costing Rs. 10 million 17km long, about 50m inside the Uda Walawe National Park from the boundary fence bordering the Thanamalwila Road, the Sunday Times learns.

This is in a bid to prevent thousands of men, women and children on pilgrimage to Kataragama or for some other work making a brief stop to buy bananas and komadu (water melon) from the wayside stalls that have sprung up to feed the majestic elephants, all males, and go their way.

It is a dangerous thing, pointed out a DWC source, explaining that it is their duty to protect the animals and the humans. Those opposed to this second fence are the people who send their
cattle to graze inside the National Park. The cattle eat up much of the elephants’ food here, according to the source.

However, conservationists point out that if one fence does not stop cattle even two will not. If the DWC is serious about addressing this issue, it could easily prosecute the offenders as the cattle trails from the ‘gala’ to the park are like major thoroughfares.

Relating what he had seen last week, Dr. Prithiviraj Fernando of the Centre for Conservation and Research said that “a lorry stops on the road at Uda Walawe, three men in their thirties get out, buy three bunches of bananas and ‘offer’ them to the mighty jumbos who in turn accept them with dignity, jump back into their vehicle and resume their journey”.



These were ordinary men in sarong, like the many thousands of people who have a wonderful and unforgettable experience with the mighty wild giants, he said, explaining that for some it would be the only interaction they would have with a wild animal.

This phenomenon of wild elephants standing at the fence and people feeding them has been going on for about 10 years, the Sunday Times understands. This may be the only place in the world where wild bull elephants stand docilely and take food from passers-by, said Dr. Fernando.

Conservationists pointed out that such large amounts of public money spent on putting up the fence should be channelled to more burning issues with regard to the human-elephant conflict (HEC).
“Elephants being fed at the Uda Walawe fence seem to be a non-issue while the DWC is not grappling with the bigger issues,” said Dr. Devaka Weerakoon, a Senior Lecturer at the Colombo University who has been involved in elephant conservation.

Both Dr. Weerakoon and Dr. Fernando, along with many other conservationists, were of the view that there were two schools of thought on the Uda Walawe fence elephants. A minority, along with the DWC, seem to think it is a bad thing, while the thousands who feed the elephants and the fruit-stall owners on the park boundary as well as the elephants themselves think it is a good thing.

Another argument for, is that the Uda Walawe Park is losing revenue as foreigners and locals who see these elephants do not buy tickets and enter the park. Conservations, however, point out that foreigners come on pre-planned tours and if they were visiting a National Park that would be pre-arranged. It would not change even if they see elephants at the fence.

With regard to locals, most of those who feed the elephants never have and never will visit a park. Those who visit parks will do so anyway as it is an entirely different experience. So the assumption of loss of revenue for the park is erroneous, a source pointed out and asked how many people would need to visit the park to generate the millions of rupees spent on constructing the second fence.

Another contention is that feeding wild animals changes their behaviour or they may fall ill and die. But, argue conservationists, these “fence elephants” feed in the park at night and come for “human food” only during the day as an additional titbit.

“The elephant numbers increase during the holiday season and decrease when there is no food as in the night and when the road was being repaired,” said Dr. Fernando, adding that the numbers are directly linked to the food available.

“There has been no evidence of elephants falling sick after eating these fruits, which are very nutritious,” says Dr. Weerakoon, while Dr. Fernando adds that elephants on all the other sides of the Uda Walawe Park itself eat “human food” raiding homes and fields without anyone having fed them.

“In those areas the elephants do it by force, killing people, breaking down their homes and getting killed in the process, so is it a bad thing that here they accept what people willingly give them,” asked
Dr. Fernando, also pointing out that just half a km away, wild elephant babies are bottle-fed at the Elephant Transit Home by the DWCitself in a much more ‘intensive’ human-elephant interaction.

The most negative is that humans can get injured during this interaction, the Sunday Times learns, and the DWC has not only put up boards warning against feeding and threatening prosecution but has also regularly thrown fire-crackers at the animals and even shot them with rubber bullets to chase them away from the fence, with no impact.

Although there is a potential danger, there has been no incident where a fence elephant has attacked a human in the past 10 years, pointed out both Dr. Fernando and Dr. Weerakoon. A much simpler and far less costly remedy would be to draw a strand of barbed wire three metres outside the fence, suggests Dr. Fernando.

Other conservationists said it was a laughing matter that Sri Lanka seems to be the only country in the world where there are fences between protected areas of the DWC and the Forest Department which make ‘no sense’. Now we go a step further and build fences within fences inside DWC areas themselves.

Why can’t these million of rupees be used to protect the communities around the rest of the park and who suffer from elephant issues daily, a source asked. Usually, people in remote areas view elephants as trouble-makers or devils because the only interaction they have is with raiding elephants, said Dr. Fernando, a view echoed by Dr. Weerakoon, but in this interaction a unique relationship has come about.

This would also be a good chance to link conservation to the people living around the park by mobilizing the stall owners to keep an eye on those feeding the elephants and even in maintaining the fence, in return for gaining an economic benefit from conservation for a change, a source said.

This perfect example of human-elephant co-existence could also be taken to a different level by establishing a small leisure area here like along the waterfront in Colombo. People could stop, feed the wild elephants, have a picnic and go on their way. The elephants would be happy, so would the people, the source added.

It will be a positive human ‘brush’ with the largest wild animal on land which could even turn out to be a major tourist attraction.

http://www.sundaytimes.lk/120325/News/nws_46.html

ජාතික නාමල් උයනට වසර 21 යි


ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත වසර මිලියන දසලක්‌ෂ පන්සිය පනහකට වඩා පැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳු වැටිය ජාතියට හඳුන්වා දී එය ජාතිය වෙනුවෙන් සංරක්‌ෂණය කොට ආරක්‌ෂා කොට තැබීමේ ජාතික මෙහෙවර ආරම්භ කොට මෙම මස 28 වැනිදාට වසර විසි එකක්‌ (21 ක්‌) සම්පූර්ණ වෙයි.

එය නිමිතිකරගෙන මේ ජාතික මෙහෙවරට ආරම්භයේ සිට මේ මොහොත දක්‌වා උරදුන් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල සේවයේ යෙදී සිටිමින් මියගිය මාධ්‍යවේදීන්ට සහ අනිකුත් සියලු මාධ්‍යවේදීන්ටත් ජාතික නාමල් උයන ආරම්භයේ සිට වර්තමානය දක්‌වා සහාය දෙන සැමටත් සෙත් ප්‍රාර්ථනා කිරීමේ පිංකම මේ මස 28 වැනිදා සවස 7 ට ජාතික නාමල් උයනේ දී සිදුකරන බව ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.


http://www.divaina.com/2012/03/26/news17.html

Wednesday, March 21, 2012

පුත්තලම අවට ප්‍රදේශ කිහිපයකට වල්අලි තර්ජන: භවබෝග විනාශයි

* පවුල් 1000ක් අසරණයි: ජීවිත හානි 4ක්
* නිවාස 21කට අලාභ කරලා


පුත්තලම දිස්ත්‍රික් සංචාරක ඇන්ටනී ප්‍රනාන්දු

පුත්තලම දිසාවට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ක වල් අලි තර්ජන නිසා ගම්වැසියෝ පීඩාවට පත්වී සිටිති. මේ තත්ත්වය නිසා ජීවිත හානි 4 ක් සිදුවී තිබේ. නිවාස 21 කටද හානි සිදුවී ඇති අතර බෝග වගා අක්කර 100 ක් පමණ වල් අලින්ගේ ග්‍රහණයට හසුවී තිබේ.පුත්තලම කරුවලගස්වැව වනාතවිල්ලුව සහ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේ වල් අලි උවදුර දැඩිව පවතී. ගැමි පවුල් 1000 ක් පමණ මේ නිසා පීඩා විඳිති.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්අඩිය, එකඩපිටිය, ගල්කුලම, මදුරුගම, ඇතුළු ප්‍රදේශ රැසක වැසියෝ දැඩි අසීරුවට පත්වී සිටිති. ළඟ එන උත්සව සමයට ආදායම් උපයා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව තමන් වගා කළ බෝග වගා සියල්ලම වල් අලි විසින් විනාශ කර දමා ඇතැයි ඔව්හු මැසිවිලි නගති. වයඹ අලි මිනිස් ගැටුම් විසඳුම් ව්‍යාපාරියේ කැඳවුම්කරු ඩබ්ලිව්. සී. චන්ද්‍ර කුමාර මෙසේ කීය

ලංකාවේ පුත්තලම් දිස්ත්‍රික්කයෙන් වැඩිම හානි සිදුවී ඇත්තේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. වන අලි 40කින් යුත් රංචුවකින් මෙලෙස පීඩා සිදුවෙනවා. පවුල් දහසකට පමණ මේ නිසා කරදර ඇතිවී තිබෙනවා. වනජීවී නිලධාරීන්ට කීවත් නිසි විසඳුමක් ලැබී නෑ.

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික සෙනරත් බණ්ඩාර මහතා - පොල්වගාකරුවන් කුඹුරු සහ වෙනත් බෝග වගා කරන ගොවීන් ඒ වෙනුවෙන් බැංකුවලින් ණය ගන්නවා. ඔවුන්ගේ වගාබිම් අලි විනාශ කළාම ණය ගෙවන්නෙ කොහොමද? සවස 7 පමණ වන විට වල් අලි ගම් වදිනවා. සමහරදාට උදේ 8 වන තුරුත් පාරවල්වල සිටිනවා.

බෝධිරාජපුර පදිංචි චන්ද්‍රමාලි ද සිල්වා - අපේ තාත්තා මිය ගියා. මදුරුගමේදී අලි ප්‍රහාරයකින් අපි හැමදෙනාම නඩත්තු කළේ ඔහු දැන් අපි අසරණ වෙලා.

මෙරියකුලම පදිංචි ලාල් කුමාරසිංහ - අපේ නිවස පිටුපස වහලය කඩා දමලා. බිත්තියකුත් කැඩුවා. රාත්‍රියට දරුවන් සමග ඉන්නේ හරිම බයෙන්.



වල්අලි ප්‍රහාරයකින් කැඩීගිය නිවෙසක බිත්තියක්  

 
පොල් වගාවක් විනාශ කර දමා ඇති අයුරු

Monday, March 19, 2012

Henanigala incident (3 items)

ආදිවාසී තරුණයාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් තිදෙනා රක්‍ෂිතයට
දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග

දෙහිඅත්තකණ්‌ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේ අභය භූමියේදී වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ආදිවාසි දෙදරු පියෙකු ඝාතනය කළ බවට වනජීවී නිලධාරීන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන දෙහිඅත්තකණ්‌ඩිය වැඩබලන මහෙස්‌ත්‍රාත් බී. කේ. එස්‌. කේ. සුමතිපාල මහතා වෙත 16 වැනි දින ඉදිරිපත් කිරීමෙන් පසු 19 වැනිදා (අද) දක්‌වා බදුල්ල රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රේමලාල් රණගල, මහඔය සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රියංකර ද සිල්වා, දෙහිඅත්තකණ්‌ඩිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයශාන්ත යන මහත්වරු පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු වන සත්ත්ව අඩවි සහකාර එම්. එම්. කරුණාරත්න, සත්ත්ව නියාමක ආර්. එම්. ශාලික ගිහාර, සිවිල් ආරක්‍ෂක නිලධාරී ඒ. එම්. අත්තනායක ජයතිස්‌ස යන අය මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. වනජීවී නිලධාරීන් ළඟ තිබූ පතරොම් තුවක්‌කු 2 ආදිවාසින් පාවිච්චි කළ වෙඩි බෙහෙත් කොටන තුවක්‌කු 01 ත් සමග උපකරණ අධිකරණයට ඉදිරිපත් කෙරුණි. අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති සුමනරත්න, පො.සැ. (28350) සරත්, පො.සැ. (2236) නිමලසිරි, පො.සැ. (27726) බණ්‌ඩාර, පො.කො. (33965) උපසේන, පො.කො. (19370) ස්‌වර්ණ බණ්‌ඩාර, පො.කො. (36745) නිශ්ශංක, (43822) කුමාරසිංහ යන මහත්වරු මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.


http://www.divaina.com/2012/03/19/news10.html


කැලේ රකින්නේ ආදිවාසීන් මිස වනජීවී නිලධාරීන් නොවේ
හේනානිගල ආදිවාසී නායක තලාවරිගේ ගුණබණ්‌ඩා කියයි


දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග

අපේ කිරි අත්තලා, මී මුත්තලා කාලේ සිට කැලේට යන එක අපේ පරම්පරාවේ සිරිතක්‌. කැලේ ආරක්‌ෂා කළේ ආදිවාසී ජනතාව මිසක්‌ වනජීවී නිලධාරීන් නොවේ. වනජීවී නිලධාරීන් කැලේ ගස්‌ කපනවා. නිධන් හාරනවා. සත්තු දඩයම් කරලා බ්‍රොaකර්ලා මගින් විකුණනවා. සත්තු දඩයම් කරන්න අපිට පතරොම් තුවක්‌කු නැහැ. අපේ සංස්‌කෘතියට අනුව තමයි අපි දඩයම් කරන්නේ. වනජීවී නිලධාරීන් ආවට පසුව තමයි කැලේ ගස්‌ කැපීම, නිධන් හෑරීම සත්තු දඩයම් කිරීම වැඩියෙන් සිදුවන්නේ."

හේනානිගල, මාදුරුඔය කැලේ ආශ්‍රිතව පැවැති හේනානිගල ආදිවාසීන්ගේ උද්ඝෝෂණයේදී හේනානිගල ආදිවාසී නායක තලාවරිගේ ගුණබණ්‌ඩා පෙරේදා (17 දා) එසේ පැවැසීය.

හේනානිගල ආදිවාසී නායකයා වැඩිදුරටත් මෙසේ ද කීය.

මාදුරුඔය ජලාශයේ මාළු අල්ලන්න, මී කඩන්න දෙන්නේ නැහැ. ආදිවාසීන් කැලේ ආරක්‌ෂා කළා. නිධන් හෑරුවේ නැහැ. නිධන් තිබෙන තැන අපි දන්නේ නැහැ. වනජීවී නිලධාරීන් විසින් ආදිවාසී තරුණයන් පස්‌ දෙනකුට මේ වනවිට වෙඩි තියලා මරලා දාලා තුවාල සිදුකරලා තිබෙනවා. කිසිම ලෙඩක්‌ හැදෙන්නේ නැතිව ආදිවාසීන් මියගියත් අද වනජීවී නිලධාරීන් පතරොම් තුවක්‌කුවලින් වෙඩි තියලා මරලා දානවා. වෙඩි තියල ආදිවාසීන් මරන්න වනජීවී නිලධාරීන්ට බලපත් දුන්නේ කවුදැයි ජනාධිපතිතුමාගෙන් වනජීවී ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කරන බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

http://www.divaina.com/2012/03/19/news02.html


ස්‌වභාවිකව මිනිස්‌සු මැරෙනවා - ඒත් අයාලයේ මිය යන එක දුකක්‌
- ඌරුවරිගේ වන්නිලැඇත්තෝ


වෙඩි ප්‍රහාරයකට ලක්‌ව මියගිය ආදිවාසී තරුණයාගේ අවසන් කටයුතු සිදුකෙරේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ව මියගිය දෙහිඅත්තකණ්‌ඩිය, නවමැදගම, හේනානිගල ආදිවාසී ගම්මානයේ තරුණයකු වූ තලාවරිගේ සුනිලා (29) නමැති දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (17 වැනිදා) දෙහිඅත්තකණ්‌ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේ පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මේ අවස්‌ථාව සඳහා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් ඇතුළු දඹාන ආදිවාසී ගම්මානයේ පරපුර හා හේනානිගල ආදිවාසී ගම්මානයේ පරපුර එක්‌ව සිටියහ.

මෙම අවස්‌ථාවට රජයේ පාර්ශ්වයෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශයේ සහකාර ලේකම් විජිත හපන්ගම මහතාද සහභාගි විය. මෙහිදී විජිත හපන්ගම මහතා හා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරත විය. එහිදී ඌරුවරිගේ වන්නිලෑඇත්තන් මියගිය දෙදරු පියාගේ පවුලට රජය පාර්ශ්වයෙන් වන්දි යක්‌ හා මියගිය සුනිලාගේ දරු දෙදෙනාට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උදව් කරන්නැයිද රජයෙන් ඉල්ලා සිටියේය.

මෙම අපරාධයට වගකිවයුතු අයට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ද ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ මෙහිදී රජයෙන් ඉල්ලා සිටියේය.

"පරම්පරාවේ නායකයා හැටියට අද දවස මගේ හිතට බොහොම අමාරු දවසක්‌. ස්‌වභාවිකවම මිනිස්‌සු මැරෙනවා. හැබැයි මේ වගේ අකාලේ මිනිස්‌සු මැරෙන එක දුකයි. වනජීවී අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂතුමා හා අමැතිතුමා හා මම එකඟතාවයකට ආවා. පරම්පරාවේ සිරිත් විරිත් අනුව ආදිවාසීන්ගේ අවශ්‍යතාවන්ට කැලෑවට යැමට අවසර දෙන්න. ඒත් අද වෙනකොට ඒ දීපු අවසරය වලංගු වෙලා තියෙන්නේ දවල් කාලයට විතරයි. රාත්‍රියට ආදිවාසීන්ට බඩගිනි වෙන්නේ නැද්ද? රැකියාවක්‌ කරන්න බැරිද? මේක මහා විශාල ගැටළුවක්‌. මේ ගැන පෙරේදා ඉඳලම ඇමැතිවරයාට කතා කළා. ජනාධිපති ලේකුම්තුමාට කිව්වා.

ඒ අයව දැනුවත් කළා. අද වෙනකොටත් මේකට විසඳුමක්‌ දීලා නැහැ" යෑයි අවමංගල්‍ය සභාව ඇමතූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැඇත්තෝ පැවැසීය.

අවමංගල සභාව තුළදී පක්‍ෂ, විපක්‍ෂ දේශපාලන නායකයන්, ගම්වාසී හිතමිතුරෝද රැසක්‌ ගුණකථනයන් සිදු කළහ.

මෙම මරණය අහස පොළොව නුහුලන අපරාධයක්‌ බවත්, ආදිවාසීන්ට උරුම කැලයේ අයිතිය ගිනි අවි අමෝරාගෙන සිටින වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අතට පත්වී ඇති බවත්, මෙහි වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් අවමංගල උත්සවයට සහභාගිවූ ආදිවාසී පරපුරේ සාමාජිකයෝ කීප දෙනෙක්‌ම පැවසූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, මහියංගණය - රංජිත් කරුණාවීර සහ දෙහිඅත්තකණ්‌ඩිය රණතුංග

http://www.divaina.com/2012/03/19/news14.html

Sunday, March 18, 2012

ඉතිරි වනාන්තර හා වන සතුන් කා වෙනුවෙන්ද?

හෙන්නානිගල වැදි තරුණයාගේ මරණය අපට කියන කතාව



පසුගිය 14 වැනිදා රාත්‍රියේදී මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අයත් හෙන්නානිගල (හෙනානිගල) වනජීවී සංරක්‍ෂණ අඩවිය තුළදී වැදි තරුණයකු වෙඩි වැදී මියගියේය. වනජීවී නිලධාරීන් හා දඩයක්‌කරුවන් පිරිසක්‌ අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මෙසේ හෙනානිගල ගම්වැසියකු වූ 29 හැවිරිදි උඩමලුවේ සුනිල් ජයසිරි නමැත්තා මියගිය බව වාර්තා විය. එසේ නම් මෙසේ මිය ගිය ජයසිරි නියෝජනය කරනු ලබන්නේ දඩයක්‌කරුවන්ගේ පාර්ශ්වයයි. වනජීවී නිලධාරීන් කියන පරිදි මෙසේ වෙඩි හුවමාරුවක්‌ වීමට හේතුව උද්‍යානය තුළ නීති විරෝධීව ගැවසුණු දඩයක්‌කරුවන් පිරිසක්‌ යටත් කර ගැනීමට යැමේදී දඩයක්‌කරුවන් විසින් තමන්ට වෙඩි තැබූ අවස්‌ථාවේදී තමන්ද පෙරළා වෙඩි තැබීමයි. මාර්තු මස 24 වැනිදා රාත්‍රි 10 ට පමණ හෙනානිගල වනජීවී අඩවි ආරක්‍ෂක කාර්යාලයට නුදුරු වනාන්තරය තුළින් වෙඩි හඬක්‌ ඇසුණු බවත් වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් වෙඩි හඬ ඇසුණු ප්‍රදේශයේ රැකවල්ලා සිටීමේදී මාර්ගය දිගේ ආ විදුලි පන්දම් එළි දෙකක්‌ ගැන සුපරික්‍ෂාවෙන් හිඳ, වැටලීම් කණ්‌ඩායමට සමීප වූ අටදෙනකුගෙන් යුත් පිරිසකට වහාම යටත් වන ලෙස අණදුන් බවත් වනජීවී නිලධාරියකු සඳහන් කළේය.

එහෙත් යටත්වීම වෙනුවට පැමිණි කණ්‌ඩායමෙන් තමන් වෙතට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල වූ බවද, ආත්මාරක්‍ෂාව සඳහා තම කණ්‌ඩායම ද පෙරළා වෙඩි තබා තිබූ බවත් උද්‍යාන නිලධාරියා සඳහන් කළේය. දඩයක්‌කරුවන් අත ගිනිඅවි 4 ක්‌ තිබූ බවට හඳුනාගත් බවද ඔහු කීය.

සිද්ධිය හා ඊට පසුබිම් වූ කරුණු කාරණා කෙසේ වෙතත්, අවසානයේදී හෙනානිගල වැදි තරුණයා මෙසේ ජීවිතයෙන් සමුගත්තේය. සිද්ධිය පිළිබඳ පොලිස්‌ සහ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ ද පැවැති අතර වෙඩි වැදීමකින් සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර ඇත.

මේ වූකලී මෙරට පරිසර සංරක්‍ෂණය පිළිබඳ තවත් එක්‌ පැතිකඩක්‌ කියවන්නකි. අලි - මිනිස්‌ ගැටුම මෙන්ම විශේෂයෙන්ම මාදුරුඔය කලාපයේ වැදි ජනයාගේ සහ වනජීවී සංරක්‍ෂණයේ චිරාත් කාලයක ගැටුමේ එක්‌ ඵලයක්‌ මේ බව අපට පහදා දෙන්නකි.

මාදුරුඔය ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්වූයේ 1983 දීය. ඒ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මාදුරුඔය, රත්කිඳ, උල්හිටිය වැනි ජලාශ ඉදිවීමත් සමග වනගහනය හා වනසතුන් වෙනුවෙන් රක්‍ෂිත වනාන්තරයක්‌ පවත්වාගෙන යැම සඳහාය. එහෙත් එහිදී තවත් සුවිශේෂී දෙයක්‌ද සිදුවිය. එනම්, පාරම්පරික වැදි ගම්මාන වන දඹාන සහ හෙනානිගල ගම්මානද ඉවත් කර වනෝද්‍යානයෙන් පිටත පිහිටුවීමට. එහෙත්, එකල දඹාන වැදි නායකයා වූ තිසාහාමිගේ දැඩි විරෝධතාව හේතුවෙන් දඹාන ගම්මානය ප්‍රමුඛ වැදි ජනාවාස කලාපය (කොටබකිනිය, ගුරුකුඹුර යනාදී) මාදුරුඔය වනෝද්‍යානයට සීමාකර ඉතිරි කරන්නට එවක බලධාරීන්ට සිදුවිය. එහෙත් අද අප කතාකරන හෙනානිගල වැදි ගම්මානයේ නායකයා ප්‍රමුඛ වැදි රැහේ තම ගම්මානය ඉවත්කර ගැනීමට කටයුතු කළහ. ඒ අනුව මහවැලි සී කලාපයේ තැනෙක ස්‌ථානගත වූ හෙනානිගල වැසියන්ට මහවැලියෙන් ඉඩම් ලැබිණි. එපමණක්‌ නොව අප දන්නා හැටියට කොත්මලේ, තෙල්දෙණිය ඇතුළු විවිධ ප්‍රදේශවල මහවැලි අවතැන් වූවන්ටද මෙහි ඉඩම් ලැබිණි. 1983 දී මෙසේ ස්‌ථාපිත කළ මහවැලි ගම්මාන වැසියන්ගේ ආර්ථික දියුණුව මෙන්ම ඉඩකඩම් ප්‍රශ්නයද බොහෝ දුක්‌ඛදායක බව අපට පිළිගන්නට සිදුවන්නේ එදා ජනගහනයට සාපේක්‍ෂව ලබාදුන් ගොඩමඩ ඉඩකඩම් පරම්පරා දෙකතුනක්‌ ගෙවා දමා ඇති ඔවුන්ට තවදුරටත් නොසෑහෙන බව පිළිගත යුතුව ඇති නිසාය. ඒ හෙයින් ආර්ථික දරිද්‍රතාව මෙම ප්‍රදේශවල අතිශය බහුල තත්ත්වයක්‌ බවද අපට පිළිගන්නට සිදුවේ.

එහෙත් එවන් ආර්ථික දරිද්‍රතාවන් රටේ නීතිය උල්ලංඝනය කිරීමකට සාධාරණය කළ හැකි නොවේ. හෙනානිගල සිදුවූ මරණයද අපට විග්‍රහ කරන්නට සිදුවන්නේ එවන් පසුබිමක්‌ තුළ සිටය. දඹාන, හෙනානිගල, රතුගල, නිල්ගල, පොල්ලේබැද්ද වැනි වැදි ජනාවාසවල ජනයා සාම්ප්‍රදායිකව දඩයමේ යැමෙන් හා වනජ ද්‍රව්‍ය එකතු කර ගැනීමෙන් දිවි ගෙවූවන් පිරිසක්‌ බව අප පිළිගනිමු. එහෙත් උත්තරීතර වනජීවී (වන සත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත) නීතිය අනුව මෙරට වනාන්තර හා වන සතුන් මැරීම තහනමකට ලක්‌කර සංරක්‍ෂණයට භාජන කර ඇත්තේ කාලයේ තාලය මෙය බව සඵත කරමිනි. එවන් විටෙක අතීතයේදී හා සාම්ප්‍රදායිකව දඩයමෙන් දිවි ගෙවූ බවට වන කුමන හෝ අයිතිවාසිකමක්‌ ඉදිරිපත් කළ ද නැවතත් දඩයම නීතිගත කළ හැකි තරමට රටේ වනජීවී සම්පතක්‌ නොමැති බව කවුරු කවුරුන් විසින් ද තේරුම්ගත යුතුය. එනිසා වැද්දාටද යළිත් දඩයම යා නොදේ.

එහෙත්, පාරම්පරික භාවිතය සලකා සහ පෙර කිව් පරිදි මෙම වැදි ගම්මානවල ආර්ථික තත්ත්වය නංවාලීම පිණිස වනජ ද්‍රව්‍ය ලබා ගැනීමටත්, ඔවුන්ගේ හුදු චාරිත්‍ර සඳහා ගරු කිරීමක්‌ ලෙස සලකා පූජනීයත්වයෙන් සැලකූ ස්‌ථානවෙත යැම සඳහාත් මාදුරුඔය ආශ්‍රිත (දඹාන, හෙන්නානිගල) වැදි ජනයව විශේෂ අවසරයක්‌ ලබාදීමට පසුගිය කාලයේදී වනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය. ඒ අනුව විශේෂ හැඳුනුම්පතක්‌ නිකුත් කළ අතර අප දන්නා පරිදි එවන් හැඳුනුම්පත් 30 කට ආසන්න සංඛ්‍යාවක්‌ නිකුත් කෙරිණි. මේ අනුව කලක පටන් තිබූ බාධකයක්‌ මඟහරිමින් වැදි ජනයාට මෙසේ විශේෂ අවසර පතක්‌ මගින් හෝ මාදුරුඔය වනෝද්‍යානයට ඇතුළුවීමට අවස්‌ථාව උදාවිය.

එහෙත්, වැදි නායකයින් නිරතුරුව මැසිවිලි නඟන්නේ මෙම බලපත්‍රය හුදු හිස්‌ ලියෑවිල්ලක්‌ පමණක්‌ බව හා වනජීවී නිලධාරීන් තමන්ට උද්‍යානය තුළ ගැවසීමට නිසි අවසරයක්‌ මේ මගින් ලබා නොදෙන බවයි. එහෙත්, ශ්‍රී ලංකාවේ වැඩිම වනජීවී අපරාධ සිදුවන වනෝද්‍යානයක්‌ ලෙස මාදුරුඔය පිළිබඳව වැඩි සුපරික්‍ෂාවකින් කටයුතු කිරීමත්, වනෝද්‍යානයේ ආරක්‍ෂාව තමන් පළමු කොට සලකනු ලබන බවත්ය. නිධන් හෑරීම, සතුන් දඩයම, හොර හරක්‌ ජාවාරම, දැව හෙළීම ඇතුළු ජාවාරම්වලට නම් දරා ඇති මෙම උද්‍යානය තුළ මීට ඉහතදීද අවස්‌ථා කිහිපයකදී දඩයක්‌කරුවන් හා වනජීවී නිලධාරීන් අතර ගැටුම් ඇතිවිය. එක්‌ අවස්‌ථාවකදීද මෙසේ ජීවිත හානි සිදුවිය.

වනජීවී නිලධාරීන් පවසන පරිදි මාදුරුඔය වනෝද්‍යානය රැක ගැනීම සඳහා විශාල සටනක්‌ කරන්නට අද සිදුව තිබේ. නිරන්තරයෙන් උද්‍යානයට රහසේ ඇතුළුවන දඩයක්‌කරුවන් අහිංසක වන සතුන් දඩයම් කරන බැවින් සංචාරකයින් නොවන බාහිරයෙන් ඇතුළුවන්නන් උද්‍යානයට දැඩි තර්ජනයක්‌ බවද ඔවුහු කියති.

වැදි ජනතාව සඳහා මාදුරුඔයේ සහ උල්හිටිය ජලාශයේ මාළු බෑමට අවසර ලබාදී ඇතත්, ඒ අවසරයෙන් පැමිණෙන පිරිස්‌ දඩයම්වල නිරතවන බවට ඕනෑතරම් පැමිණිලි ලැබේ.

එවන් විටෙක උද්‍යානයේ ආරක්‍ෂාව ගැන සලකා නොසිටීම කෙතරම් සාධාරණ ක්‍රියාවක්‌ද? මහ දවල්ටත් උද්‍යානයේ දඩයම් ගැන වාර්තාවන විට රාත්‍රී කාලයේදී සිදුවන දඩයම් ගැන කුමන කතාද? සීමිත නිලධාරීන් පිරිසක්‌ සේවය කරන මෙවන් උද්‍යානවල තත්ත්වය දඩයක්‌කරුවන්ට හබන් කුකුළන්ට රජ මඟුල් කීවා සේ ප්‍රීතිජනක කාරණාය. හෙනානිගල සිදුවීම්ද එවන් තත්ත්වයක්‌ සේ අපි දකිමු. ප්‍රදේශයේ ධනවතුන්, බලවතුන් දේශපාලන හෙංචයියන් අහිංසක වැදි තරුණයින් යොදා ගනිමින් උද්‍යානය තුළ නීති විරෝධී කටයුතු කරන බවට ඕනෑ තරම් තොරතුරු ලැබේ. ඒවා අතර නිධන් හෑරීමත්, දඩමස්‌ ජාවාරමත් ප්‍රධාන වේ. ඒ නැතිව මෙවන් අහිංසක වැදි තරුණයින් ගිනි අවි දරා මෙවන් ව්‍යාපාරයන්හි ස්‌වෝත්සාහයෙන්ම යෙදී සිටින බව පැවසීම සත්‍යයක්‌ නොවේ. මේ අහිංසකයින්ගෙන් අනියත ප්‍රයෝජන ගනිමින් වැජඹෙන්නේ මෙවන් ජාවාරම්කරුවන්ය. හෙනානිගලදී සිදුවූ උඩමලුවේ සුනිල් ජයසිරිගේ බිලිදීමත් එවැන්නක්‌ද? ඒ නැතිව වැදිනායකයින් කියන පරිදි දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වැදි රැහේ සහ වනජීවී නිලධාරීන් අතර පවතිනවා යෑයි කියන ගැටුම මීට වගකිවයුතු යෑයි අපි විශ්වාස නොකරමු. මන්ද එම නිලධාරීන් කියන පරිදි මේ අහිංසක ජනතාවත් ඔවුනුත් අතර එවන් ගැටුමක්‌ හෝ ගැටලුවක්‌ නැත. වනජීවීයට ඇත්තේ වන සත්ව ජාවාරම්කරුවන් පිළිබඳ ගැටලුවකි. එහි ඉත්තන් වී නීති විරෝධී කටයුතුවල නිරත නොවන්නැයි නිලධාරීහු වැදි ජනයාගෙන් ඉල්ලීමක්‌ කරති. "අපට වැදගත් වන්නේ උද්‍යානය රැක දීමයි. අපගේ දරු පවුල් දමා අපි සැතපුම් සිය ගණන් ගෙවා මදුරුවන් තළමින් අලින්ගෙන් බැටකකා මේ උත්සාහ කරන්නේ රටේ වනාන්තර හා ඉතිරි වන සතුන් ටික රැකගන්නයි. අපට වෙනත් න්‍යාපත්‍ර නැහැ" යෑයි මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ උද්‍යාන නිලධාරියෙක්‌ සඳහන් කළේය. එහෙත් වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින් කියා ඇත්තේ තමන්ගේ අනාගතය උදෙසා වනජීවී නිලධාරීන් සඳහා සටනක්‌ ඇරැඹීමට සිදුව ඇති බවයි. හෙනානිගල වැදි නායක තලාවරිගේ ගුණබණ්‌ඩියා කියන්නේ පරිදි තම පාරම්පරික අයිතිවාසිකම් මාදුරුඔය වනෝද්‍යානයෙන් ලැබිය යුතු බවයි. එහෙත් අපට කිව යුත්තේ වැදි ජනයාගේ ජීවත්වීමේ අයිතිය අප පිළිගන්නා නමුත් දැන් ඔබ සටන් කළ යුත්තේ දැහැමිව දිවි ගෙවිය හැකි කුඹුරු, වතුපිටි, වැව් අමුණු දිනා ගැනීමේ උත්සාහයකට බවයි. ඒ නැතිව ඉතිරි වනාන්තර ටික හෝ ඉතිරි වනසතුන් හෝ නුඹලාට ජීවත්වීම පිණිස ලබාදිය නොහැකි බවයි.


ජගත් කණහැරආරච්චි
අතිරේක තොරතුරු සහ ඡායාරූප දිඹුලාගල ප්‍රසන්න සිල්වා