අනුර බාලසූරිය
යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අයකළ ප්‍රවේශ ගාස්තුවලින් පමණක් මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අට තුළදී රුපියල් දහසය කෝටි හැටපන් ලක්ෂ පහළොස් දහස් හයසිය අනූහයක ආදායමක් ලබා ඇතැයි වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
යාල වනෝද්‍යානයේ පසුගිය 4 වැනිදා නිරීක්ෂණ චාරිකාවක යෙදුනු ඇමැතිවරයා මාධ්‍ය හමුවේ මෙම කරුණු අනාවරණය කළේය.
මෙම ආදායම ලබා ඇත්තේ යාල වනෝද්‍යානයේ පළටුපාන මූලස්ථාන පිවිසුම් දොරටුවෙනි.
ආදායම් ලබනවා වගේම වනෝද්‍යාන තුළ ජීවත් වන සතුන්ගේ අවශ්‍යතා මෙන්ම ඒවා නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ද ලබාදිය යුතු බව අවධාරණය කළ ඇමැතිවරයා මෙරට තිබෙන සියලුම ජාතික වනෝද්‍යාන 2012 වන විට සංචාරකයන් සඳහා අංගසම්පූර්ණ වනෝද්‍යාන බවට පත්කෙරෙන බව සඳහන් කළේය.
එමෙන්ම වනෝද්‍යාන තුළ වෙසෙන සතුන්ගේ ජල අවශ්‍යතා සඳහා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ද පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ඇමැතිවරයා වන සත්ව සංරක්ෂණ අරමුදලින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව පැවැසීය.
යාල වනෝද්‍යානය නිරීක්ෂණය කළ ඇමැතිවරයා මණ්ඩාගල වැව, අතුරුමිතුරු වැව, ඌරළුවැව ආදී වැව් ප්‍රතිසංස්කරණය කිරීමටත් යාල මුහුදු වෙරළ ආශ්රිත පට්ටනංගල නිවාඩු නිකේතනයක් ගොඩනැගීමටත් පියවර ගන්නා බවත් පැවැසීය.
යාල ජාතික වනෝද්‍යානයේ අඩුපාඩු අවශ්‍යතා පිළිබඳ උද්‍යානභාරකරු ඩබ්ලිව්. ඒ. ඒ. ඩී. යූ. ඉන්ද්‍රජිත් මහතාගෙන් සියලු කරුණු විමසා බැලූ ඇමැතිවරයා එම අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවද කීවේය.
http://www.divaina.com/2011/09/06/news02.html
No comments:
Post a Comment