පුත්තලම - නලින් හෙන්දුරුගොඩ
විල්පත්තු මායිමේදී වනජීවී හදිසි වැටලීම් ඒකකය මගින් සිදුකරන ලද වැටලීමකදී වන සතුන්ගේ මස් තබාගත් පුද්ගලයන් දෙදෙනෙක් හා කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබූහ.
නොච්චියාගම - කුකුල්කටුව ප්‍රදේaශයේදී අත්අඩංගුවට ගත් පළමු සැකකරු ළඟ තිබී බෝර 12 ගිනි අවියක්, මුව මස් කිලෝ 1 ක්, මුවාට වෙඩි තැබු හිස් පතරොම, ජීව පතරොම් 2 ක්, පුරවන ලද පතරොම් 3 ක්. හිස් පතොරාම් කොපු 12 ක්, වෙඩි බෙහෙත් ලබා ගැනීමට ගෙනා අහස් කූරු 65 ක්‌ද, දෙවැනි සැකකරු ළඟ තිබී තිත් මුවමස්, කිලෝ 3 ක්, තුන්වැනි සැකකාරියගේ නිවසේ තිබී වේලන ලද ගෝන මස් කිලෝ 1 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශයේ පවතින දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් විල්පත්තුවේ ඇති වන සතුන් ජලය සොයාගෙන විල්පත්තු මායිමට පැමිණීමේදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන බව වනජීවී නිලධාරීහු කියති.
මෙම වැටලීම විල්පත්තු හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ විල්පත්තු ඒකකයේ කොමාන්ඩෝ බට පිරිස් විසින් සිදුකරන ලදී.
http://www.divaina.com/2011/09/06/news17.html
No comments:
Post a Comment