වී අලෙවි කිරීමට කදුරුවෙල වී අලෙවි මණ්ඩලයේ ගබඩාව ඉදිරිපිට නවත්වා ඇති ලොරි පෝලිම. ඡායාරූපය- පොළොන්නරුව විශේෂ
මෙවර යල කන්නයේ පොළොන්නරුවේ ගොවීන් නිෂ්පාදනය කරන ලද වී අස්වැන්න වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගැනීමට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණත් ගොවීන් වෙනුවට වී මුදලාලිලාගේ වී තොග මිලදී ගන්නා බවට ගොවීහු මැසිවිලි නගති.
මේ දිනවල මෙසේ අලෙවි කිරීමට රැගෙන යන ලද වී ලොරි සිය ගණනක පෝලිම් පොළොන්නරුවේ කදුරුවෙල වී අලෙවි මණ්ඩලයේ ගබඩා ඉදිරිපිට නවතා ඇති අන්දම දැක ගන්නට පුළුවන.
මහවැලි ‘බී’ කලාපයේ අරලගන්විල සහ වැලිකන්ද ප්‍රදේශවල මුදලාලිලා ලොරි වලින් පොලොන්නරුවේ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට වී රැගෙන ඒම නිසා පවත්නා තදබදය හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන්ට වී අලෙවි කර ගැනීමට දින ගණන් පෝලිමේ සිටින්නට සිදුවී ඇතැයි ඔව්හු කියා සිටිති.
වී අලෙවි කර ගැනීම සඳහා වී කිලෝ 2500 ක් සඳහා කෘෂිකර්ම නිලධාරීන්ගේ සහතිකය අනිවාර්යය කොට ඇති නමුත් මේ වී මුදලාලිලා එම සහතිකපත් ගොවීන්ගෙන් රුපියල් 1000 බැගින් මිලදී ගෙන ඇතැයි පැවසේ.
වී අලෙවි මණ්ඩලයට වී භාරදීමේදී ගොවියා අවශ්‍ය නොවන අතර ගොවීන්ගෙන් අඩු මිලට වී ලබාගත් මුදලාලිලා තවත් මුදලක් ගෙවා එම සහතිකයද ලබාගෙන වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කරති.
පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන්ට වී අලෙවි කර ගැනීමට මේ වන විට කදුරුවෙල පමණක් වී ගබඩාවක් විවෘත කොට ඇති අතර එම ගබඩාව ප්‍රමාණවත් නැතැයි ගොවීහු කියා සිටිති.
ගොවීන්ගේ වී මිලදී ගැනීමට ජංගම සේවාවක් ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එම වැඩපිළිවෙළ මෙතෙක් ක්‍රියාත්මක කර නැත.http://www.dinamina.lk/2011/09/08/_art.asp?fn=n1109085
No comments:
Post a Comment