Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Thursday, September 8, 2011
රජයේ වී සංචිත සහල් කරයි
දේශීය ගොවියා රැකගැනීමේ පියවරක්
විජයානි එදිරිසිංහ
රජය සතුව පවතින වී සංචිත සහල් කිරීමට රජය තීරණය කර තිබේ. මේ වන විට රජය සතුව වී මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිඅට දහසක සංචිතයක් පවතී. රජය මඟින් සකසන සහල් තොග විශාල වශයෙන් සහල් පරිභෝජනය කරන ත්‍රිවිධ හමුදාව,බන්ධනාගාරය, සමෘද්ධි ප්‍රතිලාභීන් සහ රෝහල් වෙත ලබාදීමට ද පියවර ගෙන තිබේ. පසුගිය කාලයේ වෙළෙඳපොළේ සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මේ වී සංචිතවලින් සුළු වශයෙන් සහල් සකසා වෙළෙඳපොළට සපයනු ලැබිණි. රජයේ වී සංචිත සහල් බවට පත්කරමින් විදේශීය සහල් ආනයනය සීමා කිරීමටත්, දේශීය ගොවියාගේ නිෂ්පාදන මිලදී ගනිමින් නව වී සංචිතයක් සකස් කර ගබඩා කර තැබීමටත් තීරණය කර තිබේ.
මෙවර යල කන්නයේ වී අස්වැන්න ඉතා ඉහළ තත්ත්වයක පවතින බව වී අලෙවි මණ්ඩලය පවසයි. මේ වන විට වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික්ටොන් හැත්තෑ පන්දහසක් මිලදී ගෙන තිබේ. වී මිලදී ගැනීම සඳහා රජය රාජ්‍ය බැංකු හරහා බිලියන 5.5 ක ණය මුදලක් වෙන්කර තිබේ. සහල් තොග අලෙවි කිරීමෙන් රජයට තවත් විශාල ආදායමක් ලැබෙන අතර ඒවාද වී මිලදී ගැනීමට යෙදවීමට තීරණය කර තිබේ. වී සංචිත සහල් කිරීමෙන් යල කන්නයේ වී සංචිත තැන්පත් කිරීමට ගබඩා පහසුකම් ද සැලසෙයි. දැනට සම්බා වී කිලෝවක් රුපියල් තිහටත්, නාඩු වී කිලෝවක් රුපියල් 28 මිලදී ගනු ලබයි.
පොලොන්නරුවෙන් වී මෙට්‍රික් ටොන් පහළොස් දහසක්, අනුරාධපුරයෙන් පහළොස් දහසක්, අම්පාර දාහත්දහසක්, දකුණ දසදහසක්, වයඹ දොළොස්දහසක්, උතුර හාරදහසක්, නැඟෙනහිර දෙදහසක් වශයෙන් ද වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ. 2006 වසරේ සිට ක්‍රියාත්මක වන පොහොර සහනාධාරය වී නිෂ්පාදනය වැඩිවීමට හේතු වී ඇති බව රජය පවසයි. මේ නිසා ගොවීන්ට පොහොර වෙනුවෙන් ගිය වියදම සියයට අනූවකින් අඩු වී තිබේ. http://www.dinamina.lk/2011/09/07/_art.asp?fn=n11090712
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment