අක්කර පන්දහස් දෙසිය පනහකින් පමණ සමන්විත මෙහි ශාක අනවසරෙන් කැපීම කලක සිට හොර රහසේ සිදුවේ. මේ නිසා වනාන්තරයේ පිහිටි යටි වගාව ද විනාශ වී යෑමේ තත්ත්වයක් උද්ගතව ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක හා හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මෙම රක්‍ෂිතය අයත් වේ.
කළු ගඟ හා කැලණි ගඟ අතර කලාපයේ දැනට ඉතිරිව ඇති පහත රට තෙත් කලාපීය විශාලතම වනාන්තරය මෙය වේ. මෙයට ආවේනික භූගෝලීය පිහිටීම නිසා මෙහි ජෛව විවිධත්වයේ අගය ඉතා විශාලය.
අවුරුදු එකසිය විසිපහකට වැඩි ඉතිහාසයක් ඇති කලටුවාව ජලාශයත් ඉන්පසුව ඉදිවුන ලබුගම ජලාශයත් මෙම රක්‍ෂිතයේ පිහිටා ඇත.
No comments:
Post a Comment