වටිනාකම ලක්ෂ 40ක්
ඌව වෙල්ලස්ස විශේෂ ඩී. එස්. ගුණතිලක
හම්බෙගමුව පොලිසිය මගින් පෙරේදා (7) සවස අරඹේකෙම හා අන්නාසිගල ප්‍රදේශයේ රජයේ රක්ෂිත වනයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අක්කර එකහමාරක් පමණ වූ ගංජා හේන් දෙකක් සොයාගෙන තිබේ. ගංජා හේන රැක බලාගනිමින් සිටි පුද්ගලයින් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මහ වන මැද වගා කැර තිබූ ගංජා හේන්වල රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා ගංජා ගස් තිබී ඇත.
ගංජා හේන් කපා පුළුස්සා විනාශ කළ පොලිසිය ගංජා ගස්වලින් කොටසක් ද පොලීසියට ගෙනැවිත් තිබේ.
ගංජා සහ සැකකරුවන් ඊයේ (8) වැල්ලවාය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මොනරාගල සහකාර පොලිස් අධිකාරි 111 අශෝක විජේරත්න මහතාගේ උපදෙස් මත හම්බෙගමුව පොලිස් ස්ථානාධිපති එල්. රණතුංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම් සිදු කර ඇත.
http://www.dinamina.lk/2012/01/09/_art.asp?fn=u1201095
No comments:
Post a Comment