Tuesday, January 3, 2012

බස්නාහිර පාසල් 135කට ද්විතීයික ලේබලය

මැදකොළඹ සමූහ වයිමන් හෙට්ටිආරච්චි

ප්‍රාථමික පාසල් ජාලයක් සඳහා ද්විතීයික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ මධ්‍යම රජයේ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ පාසල් 135ක් ද්විතීයික පාසල් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව එම පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

2010 සිට ක්‍රියාත්මක වන සුපසන් නිම්තෙර වැඩසටහන යටතේ අධ්‍යාපන කොට්ඨාස මට්ටමින් ප්‍රාථමික පාසල් 114 ක්ද සංවර්ධනය කෙරේ.

පළාතේ රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට පිළියම් සෙවීමේ අරමුණින් උපාධිධාරී 9935 ක් මේ වසර ඇතුළත ලියාපදිංචි කර ඇත. ඔවුන්ට රජයේ හෝ වෙනත් අභිමත ක්‍ෂේත්‍රයක රැකියාවට යොමුවීමට අවශ්‍ය හැකියා වර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 25 ක් වැය කර පුහුණු වැඩසටහන් 30 ක් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්විණි. මේ වැඩසටහන් මාලාවේ අවසන් සැසිය සඳහා රැකියා විරහිත උපාධිධාරීන් 8000 ක් සහභාගි වූ බවද ප්‍රධාන ඇමැතිවරයා කියයි.

http://www.dinamina.lk/2012/01/03/_art.asp?fn=r1201032

No comments:

Post a Comment