වසර අවසානයේ ජනතා අයිතියට
සුභාෂිනී සේනානායක
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම් 50%කින් පමණ නිමකර ඇතැයි සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ධාවන පථයේ ඉදිකිරීම් මේ වනවිට සියයට අනූවකින් පමණ අවසන් කර ඇති බවත් මේ වසරේ අවසාන වන විට ගුවන් තොටුපළ ආරම්භ කිරීමට කටයුතු සූදානම් බවත් සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා පැවැසීය.
ගුවන් මඟී පර්යන්තය හා සෙසු ගොඩනැඟිලි, මාර්ග පද්ධතියේ ඉදිකිරීම් මේ දිනවල සිදුකරන බව කී ඇමැතිවරයා චීන ජාතිකයන් සහ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් දහසකට වැඩි ප්‍රමාණයක් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන බවද කීය.
ලෝකයේ නවීනතම ගුවන් තොටුපළක ගොඩබැස්සවිය හැකි නවීනතම ගුවන් යානය මෙම ගුවන්තොටුපළට ගොඩබෑ හැකි වේ.
පරිසර හිතකාමී මේ ගුවන්තොටුපළ මෙරට ඉදිවෙන දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළ වන අතර මේ ගුවන්තොටුපොළ සංචාරකයන් විශාල ප්‍රමාණයකගේ ආකර්ශනය දිනාගනු ඇතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
http://www.dinamina.lk/2012/01/03/_art.asp?fn=n1201034
No comments:
Post a Comment