Monday, January 9, 2012

සතොසට කෝටි 1600ක ආදායමක්

විජයානි එදිරිසිංහ සහ රක්ෂණ ශි‍්‍රයන්ත

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලයේදී විකිණීමට සූදානම් කර තිබූ (සතොස) සමුපකාර තොග වෙළඳ සංස්ථාව යළි ගොඩගැනීමෙන් පසු 2011 වර්ෂයේදී කෝටි එක්දහස් හයසීයක (1600) ආදායමක් උපයා තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසු 2005 වර්ෂයේදී සතොස යළි ගොඩගැනීමට රජයෙන් මූල්‍යමය ණය ආධාර ලබා දී තිබුණි.

තොසට අහිමිව තිබුණ ගොඩනැගිලි ආදිය පවා යළි බේරාගනිමින් සතොස එක් තැනකට එකතු කිරීමට වසර කිහිපයක්ම ගතවිය. ඒ අතර සතොස ශාඛා ගණනාවක් ද යළි පිහිටුවනු ලැබිණි.

සතොස ණය වී තිබූ කෝටි ගණනක මුදල් ක්‍රමයෙන් ගෙවීමට ද පියවර ගැනිණි.

අහිමි කර තිබූ සතොස සේවකයන් තුන්දහස් පන්සීයකගේ වන්දි ද ගෙවමින් සතොස 2011 වසරේදී මෙතරම් විශාල ආදායමක් ලබාගැනීම රජයේ අතදීම තුළින් ලබා ගත් ජයග්‍රහණයක් බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාරිභෝගිකයාට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දෙයි. පෞද්ගලික ව්‍යාපාරිකයන් භාණ්ඩ මිල ඉහළ දමන අවස්ථා ගණනාවකදී මිල පාලනය කරමින් එම ආහාර ද්‍රව්‍ය සතොස හරහා ලබා දීමට රජය පියවර ගෙන ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2011 වසරේ උත්සව කාලවලදී සහන මිලට භාණ්ඩ ලබාගැනීමට පාරිභෝගිකයාට ඉඩකඩ සැලසුණි.

මේ අතර සතොස ඉදිරියට එන අලුත් අවුරුදු සමයේදී ද, පාරිභෝගිකයාට සහන සැලසීමේ සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.


http://www.dinamina.lk/2012/01/09/_art.asp?fn=n1201093

No comments:

Post a Comment