- ඇමැති ටී. බී. ඒකනායක එස්. එම්. චන්ද්‍රසේන ඇමැතිගෙන් අසයි
අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන හතරක් රට පුරා ඇතිකරනවා
- ඇමැති චන්ද්‍රසේන
පොල්පිතිගම - වීරරත්න
ඔබතුමා වනජීවී ඇමැතිවරයා විතරක් නෙමේ ගොවීන්ගෙත් ඇමැතිවරයා. ඒනිසා මේ ගැටලුව දිහා හොඳින් බලලා විසඳුමක් දෙයි කියලා අපි විශ්වාස කරනවා. වනජිවී දෙපාර්තමේන්තුව මේක හරියට කරන්නේ නෑ. මැලේරියා මර්දන දෙපාර්තමේන්තුව වැහෙයි කියලා. බයට ඒ නිලධාරීන් කටයුතු හරියට කළේ නෑ වගේ වනජීවී දෙපාර්තමේන්තුව වැහෙයි කියල බයටද දන්නෙ නෑ මේ වල් අලි ප්‍රශ්නය ඉවර නොකරන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ තිරසාර විසඳුමක් මේ සඳහා ලබාදෙන්න කියලයි.
සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා වල් අලි ගැටලුව පිළිබඳව විෂය භාර ඇමැතිවරයා දැනුවත් කරමින් මෙම අදහස් පළ කළේ පසුගිය සිකුරාදා (06) දින පොල්පිතිගම ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී වනජිවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදීය.
පොල්පිතිගම, මහව, අඹන්පොල යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගොවීහු ග්‍රාම නිලධාරීහු, ප්‍රාදේශීය ලේකම්වරු, පොලිස් ස්‌ථානාධිපතිවරුන් සහ වනජීවී සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවල නිලධාරීහු විශාල පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවී සිටියහ.
මෙහිදී ගොවීන් තම ප්‍රදේශවල පවතින ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේය. ග්‍රාම නිලධාරීවරු සහ පොලිස් ස්‌ථානාධිපතිවරුද වන අලි තර්ජන නිසා තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු ඉදිරිපත් කළහ. මෙහිදී විසඳුම් පිළිබඳව අදහස් ඉදිරිපත් පත් කළ අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා(-
අපි දැනට දීර්ඝකාලීන විසඳුම් කීපයක් සකස් කරල මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. එයින් එකක් අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන හතරක් රට පුරා ඇති කරල අලි ඒ ගාල් වලට දාලා ආහාර සපයනවා. එයින් එක අලි ගාලක් වයඹ පළාතේ රැස්‌වෙහෙරට ආසන්න රක්‍ෂිතයක ඉදිකරනවා. අලින්ට කෑම දෙන්න ලොකු වියදමක් යනවා. ඒ මුදල හොයන්න අපි ඒ අලි ගාල්වලට සංචාරකයින් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.
කලින් සංරක්‍ෂිත ගාල් තිබුණානම් අලින් විනාශ වෙන්නෙත් නෑ. සියඹලන්ගමුවේ ඇතා, දළ පූට්‌ටුවා එහෙම ඒ ගාල්වලට දාන්න තිබුණා. සියඹලන්ගමු ඇතා මිය ගියෙත් අපේ වරදකින්. අපි ඒක පිළිගන්නවා. ඉතින් දීර්ඝකාලීන විසඳුම් එහෙම තියෙද්දී දැනට ඔබ ඔය ඉදිරිපත් කරන මේ දිනවල පවතින අලි ගැවසීම ඉවත් කරන්න කඩිනම් විසඳුම් ලබා දෙන්නම්. හක්‌වටුනාව ප්‍රදේශයේ දැනට රැඳී සිටින අලි ටික ඒ ප්‍රදේශයෙන් ඉවත් කරන්න පලවා හැරීමක් ඉතා කඩිනමින් කරන්න කියලා නිලධාරීන්ට පවරනවා. අලි වැට අලුත්වැඩියා කරන්නත් පවරනවා. මේ යෝජනාවල ප්‍රගතිය බලන්න මේ මාසෙම 20 වැනිදාට මම අමාත්‍යාංශය ලේකම්තුමා පොල්පිතිගමට එවනවා...
http://www.divaina.com/2012/01/09/news16.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment