Friday, January 20, 2012

ඩෙංගු මර්දනයට යුරෝපා කොමිසමෙන් රු. මිලියන 161.1ක්

නුවන් කොඩිකාර සහ මහින්ද අලුත්ගෙදර

සිවු වසරක ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 1.1 ක (රුපියල් මිලියන 161.7) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා කොමිසම තීරණය කර ඇත.

යුරෝපා කොමිසමේ ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂණය සඳහා ප්‍රයෝජන අත්කර ගත හැකිවන පරිදි ඩෙංගු හා වෙනත් රෝග කාරක පෙර හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ මූලික ආවේක්ෂණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ඉදිරි සිවු වසර වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් මෙය ක්‍රියාවට නංවන අතර ඊට අදාළ යෝජනාව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ලෝකයේ නිවර්තන කලාපීය රටවල වෙසෙන ජනතාවගෙන් සියයට 33 ක් ඩෙංගු ආසාදන අවදානමට ලක්ව තිබෙන හෙයින් එම කලාපයේ රටවල බහු පාර්ශවීය ව්‍යාපෘති ස්ථාපනය කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ.


http://www.dinamina.lk/2012/01/20/_art.asp?fn=n1201208

No comments:

Post a Comment