Thursday, January 19, 2012

CEB work to rule (2 items)

රජය සමඟ සාකච්ඡා අසාර්ථකයි - විදුලි බල සේවකයෝ අද සිට අකුරට වැඩ
ජල හා තෙල් සේවකයෝත් සම්බන්ධ කර ගැනීමේ තැතක්‌


ශිරාන් රණසිංහ

සියයට හතළිස්‌ පහකින් වැටුප වැඩි කරන ලෙසට බලකරමින් ලංකා විදුලිබල මණ්‌ඩල වෘත්තීය සමිති නායකයෝ ඊයේ (18 වැනිදා) මධ්‍යම රාත්‍රි 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ ආරම්භ කර ඇත.

වැටුප් වැඩි කිරීමට අදාළව ඊයේ (18 වැනිදා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ රජයේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව රැස්‌වූ වෘත්තීය සමිති නායකයෝ මෙම තීරණය ගත් බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා "දිවයින"ට පැවසීය.

මෙම අකුරට වැඩි කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඛනිජ තෙල් සහ ජලාපවහන මණ්‌ඩලයද සම්බන්ධ කර ගැනීමට මේ වන විට සාකච්ඡා සිදුවන බවද ඒ මහතා කීවේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (ඊයේ 18 දා) පැවැති සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු සහභාගී වූහ.

මෙම ආයතන තුනෙහි සේවකයන්ට සියයට විසිපහකින් වැටුප් වැඩි කිරීමට රජය එකඟ වුවද එම ප්‍රමාණයෙන් සෑහීමට පත්විය නොහැකි යෑයි වෘත්තීය සමිති නායකයෝ "දිවයින" ට ඊයේ (18 වැනිදා) දහවල් පැවසූහ.

ඒ අනුව විදුලිබල මණ්‌ඩල සේවකයින් කලින් තීරණය කර තිබූ පරිදිම කොටුව විදුලිබල මණ්‌ඩල මූලස්‌ථානය ඉදිරිපිට උද්ඝෝෂණය ඊයේ (18 දා) දහවල් 12.00 ට පැවැත්වූ අතර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් සමඟ එක්‌වී ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්‌දැයි තීරණය කිරීමට නියමිතව තිබිණි.

විදුලිබල මණ්‌ඩල සේවකයින් සඳහා සියයට හතළිස්‌පහක වැටුප් වැඩිකිරීමක්‌ද, තෙල් සංස්‌ථා සේවකයන්ට සියයට තිස්‌පහකින් හා ජලාපවහන මණ්‌ඩලයට සියයට තිස්‌පහකින්වත් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් මොවුහු වෘත්තීය අරගලවල නිරතව සිටිති.

මෙම වැටුප් වැඩි කිරීමේ ප්‍රශ්නය මත වැටුප් වැඩිකිරීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක්‌ද පත්කළ අතර සියයට 18 කින් වැටුප් වැඩි කිරීමට රජය මුලින් තීරණය කළ අතර සේවක විරෝධය මත එම ප්‍රමාණය සියයට විසිපහ දක්‌වා වැඩි කිරීමට රජය පියවර ගැනිණි.

කෙසේ වෙතත් ඊයේ (18 වැනිදා) අරලියගහ මන්දිරයේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවලදී ද පිළිගත හැකි විසඳුමක්‌ නොලැබුණ නිසා සටන දිගටම කරගෙන යන බවද වෘත්තීය සමිති නායකයෝ කීහ.


http://www.divaina.com/2012/01/19/news01.html


සේවකයෝ අකුරට වැඩ කළත් බාධාවකින් තොරව විදුලිය
චමීර ඇල්ලදෙණිය

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කළත් කිසිදු බාධාවකින් තොරව විදුලිය ලබා දීමට පියවර ගෙන ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

ජනාධිපතිවරයා ලබාදුන් නියෝගය මත විදුලි සේවකයින්ගේ මූලික වැටුපට සියයට 25 කින් වැටුප් වර්ධනය ලබා දී ඇති බවත්, එම තත්ත්වය තිබියදී මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසු නොවන බවත් විදුලිබල අමාත්‍යාංශය අනාවරණය කරයි.

විදුලි පාරිභෝගිකයන් අපහසුතාවට පත්කිරීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බවත් විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.


http://www.dinamina.lk/2012/01/19/_art.asp?fn=n1201195

No comments:

Post a Comment