Friday, January 20, 2012

වසා දැමුණු ධම්මකුසල විදුහලේ දරුවන්ට පාසලක්‌ දෙන්න බලධාරීන්ට බැරිවෙලා

- අඩුම ගානේ අස්‌වීමවත් නැහැ

නිලන්ත මදුරාවල

පසුගිය නොවැම්බර් මස හදිසියේ වසා දමන ලද අම්බලන්ගොඩ ධම්මකුසල විදුහලේ දරුවන්ට මෙතෙක්‌ වෙනත් පාසලක්‌ ලබාදීමට අධ්‍යාපන බලධාරීන්ට හැකිවී නැත.

පාසල වසා දැමීම නිසා පසුගිය වසර අවසානයේ පැවැති වාර විභාගයට පෙනී සිටීමටද සිසුන්ට නොහැකිවූ අතර ඔවුන්ගේ අස්‌වීම් සහතිකය ද මෙතෙක්‌ නිකුත් කර නැත.

එම දරුවන්ගේ අස්‌වීම් සහතික නිකුත් කරන ලෙස පළාත් අධ්‍යාපන බලධාරීන් කළ දැනුම් දීම ක්‍රියාත්මක කිරීමට කලාප අධ්‍යාපන බලධාරීන්ට ද හැකි වී නැත.

http://www.divaina.com/2012/01/20/news24.html

No comments:

Post a Comment