නුවන් කොඩිකාර, මහින්ද අලුත්ගෙදර
මෙගාවොට් 500 ක ධාරිතාවකින් යුත් ගල් අඟුරු බලාගාරයක් ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ඉදි කිරීමට රජය තීරණය කරයි.
මේ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් (රුපියල් කෝට් 5500) වැය කෙරෙන අතර ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ මහතා මේ බව අනාවරණය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
2008 අංක 14 දරණ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අදාළ බදු සහනයන් ලබාදීම පිණිස ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙන අතර ඊට අදාළ යෝජනාව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇමැති මණ්ඩල වෙත ඉදිරිපත්කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියාවේ ජාතික තාප බලාගාර සංස්ථාවේ හවුල් ව්‍යාපෘතියක් ලෙස මෙම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බවද අදාළ නීතියේ විධිවිධාන යටතේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කොට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
http://www.dinamina.lk/2012/01/20/_art.asp?fn=p1201203
No comments:
Post a Comment