කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ
නීත්‍යනුකූල බලපත්‍ර නොමැතිව මී ගවයන් 72 දෙනකු රැගෙන එමින් සිටි පුද්ගලයන් 8 දෙනකු (16 දා) රාත්‍රියේ කන්තලේ කිතුල්උතුව රක්‍ෂිතයේදී අත්අඩංගුවට ගැනීමට සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සමත්වූහ.
16 දා රාත්‍රියේ කන්තලේ මූලස්‌ථාන පොලිසියට භාරදෙන ලද මී ගවයන් 72 දෙනකු ඊයේ (17 දා) උදැසන බලන විට 73 ක් වී තිබීම පොලිස් නිලධාරීන්ට මහත් ගැටලුවක් වී තිබූ අතර පසුව සොයා බැලීමේදී එදින රාත්‍රි පොලිස් භූමිය තුළදීම එක් මී වැස්‌සියක් පැටවකු ප්‍රසූත කොට ඇති බව සොයා ගත හැකි වී තිබේ.
කන්තලේ හා මූන්දල ගව පට්‌ටි හිමියන් දෙදෙනකු සඳහා ගලෙන්බිඳුණුවැව, මැදවච්චිය යන ප්‍රදේශවලින් මිලදී ගත් මෙම මී ගවයන් නිසි බලපත්‍රයක් නොමැතිව රැගෙන එමින් තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද මී ගවයන් රුපියල් ලක්‍ෂ 19 කට මිලදීගෙන ඇති සැකකරුවන් ඊයේ (17 දා) කන්තලේ දිසා අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.
http://www.divaina.com/2012/01/18/provin.html
No comments:
Post a Comment