Wednesday, January 18, 2012

සංචාරකයන් වෙනුවෙන් "කොකෝ ටුවරිසම්"

ලසිත දුමින්ද

දිවයිනට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් "කොකෝ ටුවරිසම්" නමැති ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය එක්‌ව මෙම ව්‍යාපෘතිය මේ වසරේ පාසිකුඩා ප්‍රදේශයෙන් ආරම්භ කරන බව ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා "දිවයින"ට පැවැසීය.

අප රට කෙරෙහි සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක්‌ ඇති බැවින් පොල් කර්මාන්තයෙන්ද සංචාරක ක්‍ෂේත්‍රය වෙනුවෙන් දායකත්වයක්‌ ලබාදීමේ අරමුණින් මෙම පරිසර හිතකාමී "කොකෝ ටුවරිසම්" ව්‍යාපෘතිය ආරම්භ කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ක්‍රමය දැනට ඉන්දුනීසිවේ ක්‍රියාත්මක වෙමින් පවතින බව කී ඇමැතිවරයා "කොකෝ ටුවරිසම්" ව්‍යාපෘතිය හරහා සංචාරකයන් නවාතැන් ගන්නා ස්‌ථානයේ සිට කෑමබීම ඇතුළු අනිකුත් පහසුකම් පොල් හා ඒ ආශ්‍රිතව ලබා දීම ප්‍රධාන අරමුණ වන බවද කීවේය.

සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක්‌ සහිත පාසිකුඩා ප්‍රදේශයෙන් ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය අනිකුත් පළාත්වලත් ව්‍යාප්ත කිරීමට අදහස්‌ කරන බවද ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2012/01/18/news17.html

No comments:

Post a Comment