ධනුෂ්ක ගොඩකුඹුර සහ නුවන් කොඩිකාර
ශ්‍රී ලංකාවේ අවසාන මහා පරිමාණ ජල විදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයෙන් ජනවාරී මස අග සිට මෙගා වොට් 75 ක විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක් කෙරේ.
නව වසරේ ජනතා අයිතියට ප්‍රථමයෙන්ම පැවරෙන දැවැන්ත ව්‍යාපෘතිය වන ඉහළ කොත්මලේ බලාගාරය ඉදි කිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 5400 කි.
සමස්ථ විදුලි ධාරිතාව මෙගාවොට් 150 ක් වන එහි දෙවැනි අදියර යටතේ තවත් මෙගාවොට් 75 ක් අප්‍රේල් මස ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා බලාගාරයේ ප්‍රථම දියවර නිකුත් කෙරුණු අතර බලාගාරය විදුලි ඒකක මිලියන 409 ක ධාරිතාවකින් යුක්ත වේ.
http://www.dinamina.lk/2012/01/02/_art.asp?fn=n12010213
No comments:
Post a Comment