අධීක්‍ෂණයට රජයෙන් නව චක්‍රලේඛයක්
අජිත් අලහකෝන්
මෙරට ක්‍රියාත්මක වන දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවලින් සියයට පනහකට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම මඟහැර ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ නිසා රාජ්‍ය නොවන සංවිධාන අධීක්‍ෂණය සඳහා රජය නව චක්‍රලේඛයක් කෙටුම්පත් කර ඇත. ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන්ට කෙටි කාලීන වීසා නිකුත් කිරීම සඳහා ද රජය විසින් නව වීසා චක්‍රලේඛයක් කෙටුම්පත් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධාන 1370 ක් පමණ තිබෙන අතර ඉන් සංවිධාන 642 ක් ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්‌වා නැතැයි ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ 2011 ප්‍රගති වාර්තාවේ සඳහන් වේ. රාජ්‍ය නොවන සංවිධාන විසින් 2011 වසර තුළදී රුපියල් පන්සිය අසූ හතර කෝටි දහසය ලක්‍ෂ හැට අටදහස් දෙසිය හතළිස් දෙකක් විවිධ ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කර ඇත. එහෙත් මෙම සංවිධාන විසින් විවිධ ජාත්‍යන්තර සංවිධාන වෙත ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති වාර්තාවන්ට අනුව 2011 දී ඇස්‌තමේන්තු ගත පිරිවැය රුපියල් එක්‌දහස් දෙසිය පනස් දෙකෝටි හැටපන් ලක්‍ෂයක් බව ද ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටී.
http://www.divaina.com/2012/01/02/news22.html
No comments:
Post a Comment