Thursday, January 19, 2012

පිරිමැසුම්දායක ගොඩනැඟිලි තාක්ෂණයක් ඉදිකිරීම් කේෂත්‍රයට හඳුන්වා දෙයි

ජා–ඇළ මධ්‍යම ලෙස්ලි පෙරේරා

ජා-ඇළ ඒකල ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) හඳුන්වා දී තිබෙන පිරිමැසුම්දායක ගොඩනැඟිලි තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් එම මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණ. කොමිෂන් සභාවේ සහයෝගයෙන් ක්‍රියාත්මක වූ එම අඩු වියදම් - පිරිමැසුම්දායක ගොඩනැඟිලි තාක්ෂණය දිවයින පුරාම ව්‍යාප්ත කිරීමේ මූලික අරමුණ පෙරදැරි කරගෙන මෙය හඳුන්වාදෙන ලදී.


ඉංජිනේරු ඩී. ඩී. ආනන්ද කමල් මහතා උත්සව සභාව අමතමින්
ඡායාරූපය - ජා-ඇළ මධ්‍යම


නර්ඩ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. ඒ. ආනන්ද කමල් මහතා මෙසේ කීවේය.

මේ සඳහා යොදා ගැනෙන්නේ අපේම අමුද්‍රව්‍යයි. ගොඩනැඟිලි ශක්තිය ඉහළ වන අතර වියදම අඩුයි. එමෙන්ම ගොඩනැඟිලි ඉදිකිරීම යොදාගන්නා සම්පත් අත්‍යවශ්‍ය පරිදි නාස්තියට ලක් නොවේ. පිරිමැසුම්දායක ගොඩනැඟිලි ඉදිකිරීමේ කර්මාන්තයේ පෙරළියක් කළ හැකි නර්ඩ් තාක්ෂණය රට පුරා ව්‍යාප්ත වුණේ නෑ. මේ ආයතනයේ සිටින පර්යේෂණ ඉංජිනේරුවරුන්ගේ වෙළෙඳ පොළ ගැන අවබෝධයක් නොමැතිකම ඊට බලපෑවා.

මේ තත්ත්වය උඩ මුදල් කොමිෂන් සභාවේ සහයෝගයෙන් පළාත් සභා ලේකම්වරු ඇතුළු පළාත් සභා නිලධාරීන් මගින් දිවයිනේ පළාත් සභාවන්හි ජනතාවට මේ නවීන තාක්ෂණ හඳුන්වාදීමට තීරණය කළා.

මුදල් කොමිෂන් සභාවේ සභාපති ආරියරත්න හේවගේ මහතා. - මේ වැඩසටහන ඉතිහාසගත වැඩ සටහනක්. ගොඩනැඟිලි ඉදිකිරීම් හා පරිහරණය ප්‍රශස්ථ මට්ටමින් සිදුවනවාද කියා පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදී ජනාධිපතිතුමාගේද අවධානයට යොමු වුණා. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමගත් මේ ගැන කථාකරද්දී ඔහු පැවසුවා ගොඩනැඟිලි ඉදිකිරීමේදී පිරිවැසුම් දායක තත්ත්වයක් යොදාගැනීමේ වැදගත්කම. මෙම පිරිමැසුම්දායක ගොඩනැඟිලි තාක්ෂණය නර්ඩ් ආයතනය ප්‍රගුණ කර තිබෙනවා.


http://www.dinamina.lk/2012/01/19/_art.asp?fn=r1201195

No comments:

Post a Comment