Wednesday, January 4, 2012

කැස්බෑවන් දෙදෙනකු මැරූ මීගමුවේ පදිංචිකරුවකුට දඩ

කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිදුකුල

කැස්බෑවුන් දෙදෙනකු මරා මස්කර අලෙවියට සූදානම් කරමින් සිටි තැනැත්තකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. වරද පිළිගත් චූදිතට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා රු: 15000ක දඩයක් ගෙවන ලෙස නියෝග කළේය. මෙසේ දඩ ගෙවීමට නියෝග ලැබුවේ මීගමුව පදිංචිකරුවකුට ය.

සැකකරු කුඩාපාඩුව වෙරළ තීරයේදී කැස්බෑවුන් දෙදෙනකු මරා මස්කර අලෙවි කිරීමට සූදානම් වන බවට මීගමුව පොලිසියේ පාරිසරික ඒකකයට තොරතුරක් ලැබුණි. පාරිසරික ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිල් ප්‍රනාන්දු, පොලිස් සැරයන්වරුන් වන 19061 මර්වින්, 1117 බන්දුල, පොලිස් කොස්තාපල්වරුන් වන 82687 ලියනගේ 33011 විපුල, පොලිස් කොස්තාපල් රියැදුරු 78763 අනුරුද්ධ යන නිලධාරි කණ්ඩායම මේ වැටලීමට සහභාගී වූහ.


http://www.dinamina.lk/2012/01/04/_art.asp?fn=r1201044

No comments:

Post a Comment