සුභාෂිනි සේනානායක
සීප්ලේන් පද්ධතිය ජලතර ගුවන් යානා පුළුල් කිරීම කෙරෙහි සිවිල් ගුවන්සේවා අමාත්යාංශයේ අවධානය යොමුව තිබේ.
මේ වන විට පුරා ගමනාන්ත 15ක් ආවරණය වන පරිදි ජලතර ගුවන්යානා මෙහෙයුම් සිදු කෙරෙන අතර යාපනය , ඉරනමඩු, අනුරාධපුර, පාසිකුඩා, මඩකළපුව සහ කල්පිටිය දක්වා ජලතර ගුවන්යානා ඉදිරියේදී යොදවන බව සිවිල් ගුවන්සේවා අමාත්යාංශය පවසයි.
මේ වනවිට විදේශීය සංචාරකයින්ගේ සියයට 65ක ගමන ජලතර ගුවන් යානා භාවිතය කෙරෙහි නැඹුරුව ඇති බවත් දේශීය සංචාරකයින් සියයට 40ක් පමණ සී ප්ලේන් භාවිතා කරන බවත් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා පැවසීය.
යාපනයට පැයකුත් මිනිත්තු 15ක්ද, නුවර එළියට පැය භාගයක් තිස්සමහරාමයට පැයක කාලයක් කොළඹ සිට යාමට ජලතර ගුවන්යානා මගින් ගතවන බවත් ජලතර ගුවන්ගමන් විදේශීය සංචාරකයින් මෙන්ම ව්යාපාරිකයින්ද භාවිතා කරන බවත් ජලතර ගුවන්යානා ව්යාපෘති කළමනාකර පුලස්ති ජයසිංහ මහතා ප්රකාශ කළේය. ජලතර ගුවන්යානයක් ජලාශයකට ගොඩබැස්සවීම තුළින් ජලාශයට සිදුවන්නේ අවම හානියක් බවත් ජලාශය මතුපිට පියාසර කිරීම හේතුවෙන් සිදුවන බලපෑම බෝට්ටුවක් ජලාශයක ගමන් කිරීම මෙන් සියයට පහක පමණ අගයක් බවත් පුලස්ති ජයසිංහ මහතා දිනමිණ සමඟ ප්රකාශ කළේය. මේ වනවිට ජලතර ගුවන්යානා ත්රිකුණාමලය, දඹුල්ල, නුවර , නුවරඑළිය, කාසල්රි , මඩකළපුව ආරුගම්බේ, තිස්සමහාරාම, හම්බන්තොට, දික්වැල්ල, කොග්ගල, බෙන්තොට දක්වා ගමන් ආරම්භ කර තිබේ.
http://www.dinamina.lk/2012/01/05/_art.asp?fn=n1201058
No comments:
Post a Comment