අමල් උඩවත්ත
බැර ලෝහ වර්ග ඇතුළු පරිසරයට හානිකර බලපෑම් ඇති කරන විද්යුත් අපද්‍රව්‍ය හෙවත් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය නිසි කළමනාකරණ ක්‍රමවේදයකට අනුගත කිරීමට වසර 2010 දී ආරම්භ කිරීමෙන් පසු මෙරටට විද්යුත් උපකරණ ගෙන්වන අලෙවි කරන හා එකලස් කරන සමාගම් 14ක් සමග ගිවිසුමක් මධ්‍යම පරිසර අධිකාරිය අත්සන් කරන ලදී. ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2011.12.19 වැනි දින පැවැත්විණි.
මෙහි දී ඔස්‌ටේ්‍රලියාවේ ග්‍රීෆික් සරසවියේ අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනිල් හේරත් විසින් ආරාධිත දේශනය, ආසියානු කලාපයේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ගැටලුව හා අභියෝගතා යන මැයෙන් පවත්වන ලදී. මෙදින වැඩසටහනේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍ෂෙත්‍රයේ කටයුතු කරන සමාගම් තම වැඩපිළිවෙළ පිළිබඳව කරුණු දැක්‌වී ය. එසේ ම සමස්‌ත පරිසර පද්ධතිවලට ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා ගස්‌වැල් සතුන්ට හා ජලයට සිදු වන හානි අවම කිරීමට පියවර ගත යුතු බැවින් ගෘහස්‌ථ මට්‌ටමින් හෝ සේවා ස්‌ථාන මඟින් දෛනිකව ජනනය වන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ඒවා එකතු කරන ආයතනවලට ලබා දීමට ද දැන් හැකියාවක් ඇත. මේ සම්බන්ධව වැඩි විස්‌තර මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය අංශයේ 011-2873449 යන දුරකථන අංකයෙන් විමසිය හැකි ය.
http://www.vidusara.com/2012/01/04/news1.html
No comments:
Post a Comment