අමල් උඩවත්ත
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන 2003 අංක 22 දරන බීජ පනත පිළිබඳව මහජනයා දැනුවත් කරන බැව් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ තවදුරටත් සඳහන් අන්දමට මේ පනතට අනුව බීජ හා පලතුරු පැළ නිපදවන්නන් අනිවාර්යයෙන් ම ලියාපදිංචි විය යුතු ය. ලියාපදිංචිය අවලංගු වූ අය නැවත එය අලුත් කරගත යුතු ය.
වසර 2003 අගෝස්‌තු 01 දින ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත මේ 2003 අංක 22 දරන පනතින් ශ්‍රී ලංකාව තුළ වාණිජ මට්‌ටමින් හුවමාරු වන බීජ හා රෝපණ ද්‍රව්‍යවල පිළිගත් ප්‍රමිති තහවුරු කර ගුණාත්මක බවින් යුත් බීජ හා රෝපණ ද්‍රව්‍ය ගොවීන් වෙත ලබා දීම සඳහා ගන්නා නීතිමය පියවර සඳහන් වෙයි.
රට තුළ හානිකර කෘමි රෝග හා වල් පැළෑටි ආදිය සංක්‍රමණය වීම මේ පනතින් වැළකී ඇති අතර බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක බව රැකෙන පරිදි නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, හා බෙදාහැරීම යන සියලු ම කටයුතු මෙමඟින් ආවරණය කෙරේ. කෘමි රෝග හා වල් පැළෑටි ව්‍යාප්ත වීමෙන් ඇති විය හැකි අස්‌වනු හානිය වළක්‌වා ගැනීමෙන් රට තුළට එවැනි හානිකර දේ ඇතුළු වීමටත් එමඟින් ගොවියා ආරක්‌ෂා කරගැනීමටත් හැකි බව එහි සඳහන් වෙයි.
http://www.vidusara.com/2012/01/04/news2.html
No comments:
Post a Comment