Saturday, January 7, 2012

සීලිං විදුලි පංකා සඳහා බලශක්‌ති ක්‍ෂමතා සහතිකය ලබාගත යුතුයි

ශ්‍රී ලංකාව තුළ භාවිත කරන විදුලි උපකරණවල බලශක්‌ති ක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනේ තවත් එක්‌ පියවරක්‌ වශයෙන් සීලිං විදුලි පංකා සඳහා බලශක්‌ති කාර්යක්‍ෂමතා ලේබලයක්‌ ලබා දීමට කටයුතු යොදා ඇතැයි සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ තවදුරටත් සඳහන් අන්දමට සීලිං පංකා ආනයනකරුවන් හා ඒජන්තවරුන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්‌ දෙසැම්බර් 02 දින බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී.

එහි දී සාකච්ඡා කළ අන්දමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය, ප්‍රමිති ආයතනය, විදුලිබල මණ්‌ඩලය හා මොරටුව විශ්වවිද්‍යාලය එක්‌ ව මේ බලශක්‌ති කාර්යක්‍ෂමතා නිර්නායක සකස්‌ කර ඇති අතර විදුලි පංකාවේ කාර්යක්‍ෂමතාව මත තරු ලකුණු 01 සිට 05 දක්‌වා දීමට තීරණය විය. CFC විදුලි පහන් සඳහා පමණක්‌ දැනට ලබා දී ඇති මේ බලශක්‌ති කාර්යක්‍ෂමතා ලේබලය 2012 ජනවාරි මස සිට මෙරටට ආනයනය කර විකුණනු ලබන සියලුම සීලිං විදුලි පංකා සඳහා ලබා ගැනීම අනිවාර්ය වෙයි. එක තරුවක්‌ හෝa ලබාගත නොහැකි වන අකාර්යක්‍ෂම විදුලි පංකා 2012 වසරේ සිට මෙරට වෙළෙඳ පොළේ අලෙවි කිරීම තහනම් වේ.


http://www.vidusara.com/2012/01/04/news3.html

No comments:

Post a Comment