සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය වන පාසල් බෑග් සඳහා SLS 1430:2011 ප්‍රමිති පිරිවිතර ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගෙන තිබේ.
මෙම ප්‍රමිති පිරිවිතර අනුමත වී ඇත්තේ 2011 නොවැම්බර් 09 වැනි දින වුවද එම වසරේ දෙසැම්බර් 31 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ කිසිම පාසල් බෑග් නිෂ්පාදකයෙක් මෙම ප්‍රමිති සහතිකය ලබාගෙන නොමැත.
බෑගයේ බර නිසා කොඳු ඇට පෙළට ඇතිවන පීඩනය අවම කිරීම සඳහා බඳ පටියක් යොදා ඇති අතර, මෙම බඳ පටිය සිරුරේ ප්‍රමාණයට අනුව සකස් කර ගැනීමට පහසු වන සේ එහා මෙහා කළ හැකි ගාංචු හෝ යෝග්‍ය යාන්ත්‍රනයකින් යුක්ත විය යුතු බව ප්‍රමිති ආයතනය සඳහන් කරයි.
කෑම පෙට්ටිය, වතුර බෝතලය සහ අනෙකුත් ද්‍රව්‍ය දැමීම සඳහා වෙන වෙනම ස්ථාන වෙන්කර තිබීමත් මේ බෑගයේ විශේෂ ලක්ෂණය වේ. එමෙන්ම බෑගය කුටීර දෙකකින් යුක්ත විය යුතු බවත්, එක් කුටියක ඇති දෑ අනෙක් කුටිය තුළට නොයන පරිදි සුදුසු ද්‍රව්‍යයකින් බෙදා වෙන්කර තිබිය යුතු බවද ප්‍රමිති ආයතනය පෙන්වා දෙයි. එමෙන්ම බෑගය ශරීරයට ස්පර්ශ වන පිටුපස බිත්තිය උරහිස් පටි හා බඳ පටිය ශරීරයට පීඩාකාරී නොවන ලෙස නිමවිය යුතුව ඇත. මේ අනුව ප්‍රමිතියට අනුකූලව පාසැල් බෑග් නිපදවීම සඳහා අවශ්‍ය නිෂ්පාදකයන්හට මේ ප්‍රමිති පිරිවිතරයට අනුකූලව නිෂ්පාදනය කළ හැකි වන අතර, කැමති නිෂ්පාදකයන්හට විශිෂ්ටත්වයේ ලාංඡනය ලෙස සැලකෙන ඉඹ්ඉ ලාංඡනය ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලබා ගත හැකි වනු ඇත.
මෙම ක්‍රියාවලියේ දී ඉල්ලුම්පත බාරදීමෙන් අනතුරුව සුදුසුකම් ලත් නිලධාරීන් විසින් අදාළ ආයතනය තුළ ක්‍රමානුකූල විගණනයක් සිදු කරන අතර, නියැදි දෙකක් පරීක්ෂා කර අවශ්‍යතාවයන් සඳහා අනුකූල වන්නේ නම් පමණක් එම නිෂ්පාදනය ඉඹ්ඉ ලාංඡනය ලැබීමට සුදුසුකම් ලබනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, අදාළ ක්ෂේත්‍රයන්හි විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ පරීක්ෂණ කටයුතුවල නියැලෙන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් මේ සඳහා පත්කර තිබේ.
http://www.dinamina.lk/2012/01/17/_art.asp?fn=n1201179
No comments:
Post a Comment