අධිවේග ගමනට වාහනය සුදුසු දැයි සොයති
නුවන් කොඩිකාර සහ පණ්ඩුක සමරසේකර
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන රථවාහන පොලිසිය මගින් ක්ෂණික පරීක්ෂාවට ලක්කර ධාවනයට සුදුසු තත්ත්වයේ වාහන පමණක් ඇතුළු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.අධිවේගී මාර්ගයේ මෙතෙක් සිදු වූ අනතුරු වලින් වැඩිම ගණනක් සිදුවී ඇත්තේ එහි වේගයට ඔරොත්තු දෙන අන්දමේ සුදුසු තත්ත්වයක් නොතිබූ වාහන බව නිරීක්ෂණය වී ඇති අතර, අධිවේගී මාර්ගයක ධාවනයට තරම් සුදුසු ටයර්, පැති කණ්ණාඩි, සංඥා එළි, විදුලි ලාම්පු ආදිය මනා ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවතීම අනිවාර්ය බවද අජිත් රෝහණ මහතා ‘දිනමිණ’ කළ විමසීමක දී පැවසී ය.
http://www.dinamina.lk/2012/01/16/_art.asp?fn=n1201162
අධිවේගී පාරට ලබන සතියේ බර වාහන
අකිත පෙරේරා
ලොරි, ට්‍රක් සහ කන්ටේනර් ඇතුළු බරවාහනවලට ලබන සතියේ සිට අධිවේගී මාර්ගයෙහි ධාවනයට අවසර ලබාදෙන බව එහි මෙහෙයුම් සහ නඩත්තු කටයුතු භාර අධ්‍යක්‍ෂ ටී. පී. කේ. බණ්‌ඩාර මහතා "දිවයින"ට පැවසීය.
එම බර වාහනයක් අධිවේගී මාර්ගයේ ගමන් කිරීම සඳහා රු. 1,500 ත් 2,000 ත් අතර මුදලක් ගෙවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වුවත් සුදුසු තත්ත්වයෙන් යුත් වාහන පමණක් අධිවේගී මාර්ගයට ඇතුළු කරන ලෙස ද හෙතෙම සඳහන් කළ අතර එම වාහනයක් මාර්ගය අතරමගදී දෝෂයකට ලක්‌වුවහොත් එය ඉවත් කිරීම ඇතුළු කටයුතු සඳහා මුදල් අයකරන්නට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
http://www.divaina.com/2012/01/17/news09.html
අධිවේගයේ මාර්ග නීති කැඩූ රියෑදුරන් 26 කගේ බලපත්‍ර අරගනී
බණ්‌ඩාරගම - බී. එස්. ජයසිංහ
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන නීති කඩකරමින් ධාවනයේ යෙදුණු රියෑදුරන් 26 දෙනකුගේ රියෑදුරු බලපත්‍ර පොලිසිය භාරයට ගත් බව දක්‍ෂිණ අධිවේගී මාර්ග කොට්‌ඨාසයේ රථ වාහන අංශය කියයි.
පෙරේදා (14 දා) සවස හතරේ සිට හය දක්‌වා කළ මෙම මෙහෙයුමේදී ගැලනිගම පොලිස් මුරපලින් රථ වාහන නීති කඩ කළ රියෑදුරන් දහ නව දෙනකුද, පින්නදුව පොලිස් මුරපළින් රියෑදුරන් හය දෙනෙකු හා කුරුඳුගහහැතැප්ම පොලිස් මුරපලින් එක් රියෑදුරෙකුගේ ද බලපත්‍රයක්‌ද පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම රියෑදුරන්ගේ බලපත්‍ර අධික වේගයෙන් ධාවනය කිරීම, වැරදි ලෙස ඉස්‌සර කිරීම හා වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසිය බාරයට ගෙන ඇත.
දක්‍ෂිණ අධිවේගී මාර්ග කොට්‌ඨාසයේ රථ වාහන අංශයේ අධ්‍යක්‍ෂක පොලිස් පරීක්‍ෂක එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදුකර ඇත.
http://www.divaina.com/2012/01/16/news31.html
No comments:
Post a Comment