Tuesday, January 17, 2012

Plastic crates mandatory for veggies, fruits from 15th January (3 items)

එළවළු සහ පලතුරු කූඩවලින් වෙළෙඳ පොළට
ගොවීන් හා ව්‍යාපාරිකයන් සූදානම් බව වෙළෙඳ අමාත්‍යාංශය කියයි


විජයානි එදිරිසිංහ සහ රක්ෂණ ශි‍්‍රයන්ත

එළවළු සහ පලතුරු සඳහා ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමේ නීතිය ඊයේ (15) සිට ක්‍රියාත්මක විය. මීට මසකට පෙර අනිවාර්ය කෙරුන එම නීතිය ඊයේ (15) දක්වා මසක කාලයකින් කල් තැබුණේ ව්‍යාපාරිකයන් සහ ගොවි ජනතාව ඒ සඳහා හුරුවන තෙක් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.

මේ වන විට ඔවුහු වැඩි පිරිසක් කූඩ භාවිතයට හුරු වී සිටිති.

දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, පුත්තලම ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් කොළඹට එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා ප්ලාස්ටික් කූඩ යොදාගැනීමට සූදානම්ව තිබුණි.

එම ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් පවසා සිටියේ ගොවි ජනතාව සහ ව්‍යාපාරිකයන් කූඩ භාවිතයට එකඟව සිටින බවයි.

කූඩ භාවිතය නීතියක් වශයෙන් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරනවාට වඩා ගොවීන් සහ ව්‍යාපාරිකයන් විසින්ම එහි වාසිදායක තත්ත්වය තේරුම් ගෙන ඊට යොමු වී කටයුතු කරනු ඇති බව රජයේ බලාපොරොත්තුව බව වෙළඳ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය. මෙම කූඩ නීතිය බලපැවැත්වෙන්නේ එළවළු වර්ග දහයක් සහ පලතුරු වර්ග දහයක් සඳහා පමණි.

තවද ගොවිපළේ සිට ආර්ථික මධ්‍යස්ථානය දක්වා එළවළු සහ පලතුරු ගෙන එන ගොවීන්ටද සුළු ප්‍රමාණයක් (කිලෝ සීයක්) ප්‍රවාහනය කරන අත් ට්‍රැක්ටර්, ත්‍රිරෝද, යතුරුපැදි, පාපැදිවල ගෙන යන වෙළඳුන්ට ද මෙම කූඩ නීතිය බලපවත්වන්නේ නැත.


http://www.dinamina.lk/2012/01/16/_art.asp?fn=n1201161


කූඩ නීතිය අනිවාර්ය කළත් ඇරැඹුමේදී ලිහිල් පිළිවෙතක්‌
ශ්‍යාම් නුවන් ගනේවත්ත

එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමේදී ඊයේ (15 දා) සිට යළිත් ප්ලාස්‌ටික්‌ කූඩ නීතිය අනිවාර්ය කළත් ආරම්භයේදී ඒ පිළිබඳ නීතිය දැඩිව ක්‍රියාත්මක නොකර ලිහිල් පිළිවෙතක්‌ අනුගමනය කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය විසින් මේ අනුව ප්ලාස්‌ටික්‌ කූඩ නීතිය කඩකරන්නේ දැයි සොයා බැලීමට, පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියට දැනුම් දීමක්‌ නොකළ බවද එම අමාත්‍යංශයේ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (15) දා "දිවයින" ට කීවේය.

මේ මගින් ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතයට හුරුවීමට වෙළෙඳුන්ට සහ ප්‍රවාහනකරුවන්ට තවදුරටත් අවස්‌ථාව සලසා දෙන බවද හෙතෙම කියා සිටියේය. එසේ වූවද නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන පූර්ණ අධීක්‍ෂණයෙන් සිටින බවද ඔහු කීවේය.

ඊයේ (15 දා) සිට ක්‍රියාත්මක සංශෝධිත ගැසට්‌ නිවේදනය අනුව ප්ලාස්‌ටික්‌ කූඩ නීතිය අලුතින් ක්‍රියාත්මක වන අතර ගොවීන්ට මේ නීතිය අදාළ නොවේ.

ප්‍රමාණවත් පරිදි අදාළ ප්ලාස්‌ටික්‌ කූඩ රටපුරා බෙදා හැරීමට රජය පියවර ගෙන ඇති අතර අවශ්‍ය අයට තවදුරටත් ප්ලාස්‌ටික්‌ කූඩ සපයා ගැනීමට අවස්‌ථාව සලසා ඇති බවද හෙතෙම තවදුරටත් "දිවයින" ට කීවේය.

http://www.divaina.com/2012/01/16/news07.html


කූඩ නීතිය සමඟ ඊයේ දඹුල්ලට ලැබෙන එළවළු අඩුවෙයි

සීගිරිය - සරත් එරමිණිගම්මන

එළවළු සහ පලතුරු ප්‍රවාහනයේදී ඇසුරුම් භාවිත කිරීම අනිවාර්ය කිරීමේ සංශෝධිත නීතිය පෙරේදා (14 දා) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ වෙළෙඳපොළ කටයුතු සියයට 50 කින් පමණ අඩාල වූ බව එහි ව්‍යාපාරිකයෝ මෙන්ම ගොවීන් ද කියා සිටියහ.

උඩරට සහ පහතරට ප්‍රදේශවලින් පෙර දිනයන්හි ලොරි රථ 600-800 ක්‌ අතර සංඛ්‍යාවක්‌ පැමිණිය ද ඊයේ (15 දා) පැමිණියේ ලොරි රථ 300 ක්‌ පමණ වන බව සතොස ආරක්‍ෂක අංශ පැවැසුවේය.

ඇසුරුම් අත්‍යවශ්‍ය නොවන වට්‌ටක්‌කා, කොහිල, පතෝල, මෑකරල්, දඹල, ගෝවා, ලීක්‌ස්‌ වැනි එළවළු වර්ග බහුල වශයෙන් වෙළෙඳපළට ළඟාවී තිබිණි. උඩරට ප්‍රදේශවලින් පැමිණෙන බෝංචි, කැරට්‌, ගෝවා, බීට්‌, ලීක්‌ස්‌ ආදී එළවළු වර්ග ලැබුණේ ඉතාමත් සුළු වශයෙනි. රජරට ප්‍රදේශවලින් ලැබෙන වම්බටු, මෑකරල්, පතෝල, බණ්‌ඩක්‌කා, පිපිඤ්Æ, මාළුමිරිස්‌, අමුමිරිස්‌, තක්‌කාලි ආදිය ද අඩු ප්‍රමාණයක්‌ ලැබී තිබිණි.

පිට පළාත්වලින් එළවළු මිලදී ගන්නට පැමිණෙන වෙළෙඳුන්ගේ සංඛ්‍යාව ද විශාල ලෙස අඩු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පැවසූහ.


http://www.divaina.com/2012/01/16/news17.html

No comments:

Post a Comment