Thursday, January 12, 2012

කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලය අසල කසළ කාමරය ප්‍රදේශවාසීන්ට හිරිහැරයක්

අම්පිටිය සමූහ - සිසිර ජයනාත් පීරිස්


මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුණ්ඩසාලය ප්‍රා. ලේ. කොට්ඨාසයේ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිට ඇති ළමා උද්‍යානයත් ළමා උද්‍යාන මායිමේ පිහිටා ඇති කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව පිහිටුවූ කසළ කාමරයත් ය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රදේශයේ කුඩා දරුවන් වෙනුවෙන් ස්්ථාපිත කළ මේ ළමා උද්‍යානය අසලම ඇති කසළ කාමරය, උද්‍යානයට පැමිණෙන දරුවන් හා දරුවන් රැගෙන එන වැඩිහිටියන්ගේ සෞඛ්‍යයට බලවත් හානියක් සිදුකරන බැව් බලධාරීන්ට ප්‍රදේශවාසීන් විසින් අවස්ථා ගනනක දී දැනුම් දෙනු ලැබ ඇතත් ඊට අවධානය යොමු නොවීයයි එම ජනතාව දිනමිණ ට පැවසූහ.

කසළ කාමරය, උද්‍යානය පිහිටුවීමට පෙර හා පසුව ඉදිකළාද යන්න කිසිවකුට මතක නැතිවුවත් කසළ කාමරයට දමන කැළි කසළ දින ගණන් පල්වීමත්, බල්ලන් කපුටන් කසළ තැන තතැන විසුරුවා හැරීමත් ළමා උද්‍යානයට පැමිණෙන අයටත්, ඒ අසල පදිංචි කරුවන්ටත් බලවත් හිරිහැරයකි.


http://www.dinamina.lk/2012/01/12/_art.asp?fn=r1201123

No comments:

Post a Comment