Thursday, January 5, 2012

ගෝන මස්‌ අත්අඩංගුවට ගත් අලි පාලන නිලධාරීන්ට පොලිස්‌ සැරයන්වරයාගෙන් තර්ජන

සීගිරිය - සරත් එරමිණිගම්මන

කන්තලේ ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානයක සේවයේ නියුතු පොලිස්‌ සැරයන්වරයෙකුගේ යතුරුපැදියක රැගෙන යමින් තිබූ වියළන ලද ගෝන මස්‌ කිලෝ ග්‍රෑම් පහක්‌ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් උරණ වී ඇති එම පොලිස්‌ ස්‌ථානයේ සෙසු පොලිස්‌ නිලධාරීන් කන්තලේ අලි පාලන ඒකකයේ නිලධාරීන්ට තර්ජනය කරමින් ඔවුන් ක්‍ෂේත්‍ර රාජකාරියේ යෙදෙන අංක ඩබ්ලිව්. පී. එල්. ජී. 0682 දරන කැබ් රථය පරීක්‍ෂාවට ලක්‌ කරමින් මේ වන විට රථ වාහන වැරදි දෙකකට නීතිමය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

පවතින තත්ත්වය තුළ කන්තලේ අලි පාලන ඒකකය මගින් සිදුකෙරෙන රාජකාරි කටයුතු අඩාල වී ඇති අතර සේරුනුවර, සෝමාවතිය, සේරුවාවිලඅල්ල, කන්තලේ යන ප්‍රදේශවල තුවාල ලබා සිටින වන අලින්ට ප්‍රතිකාර කිරීමේ කටයුතුද මේ වන විට අඩාල වී ඇති බව වනජීවී ආරංචි මාර්ග සඳහන් කරයි.


http://www.divaina.com/2012/01/05/provin04.html

No comments:

Post a Comment