Thursday, January 5, 2012

මීගමුවේ උද්‍යානයක් ඩෙංගු මදුරු රජදහනක්

කොච්චිකඩේ විශේෂ – ඩී. මිහිදුකුල


මීගමුව රාජපක්‍ෂ උද්‍යානය ඩෙංගු මදුරුවන්ට පහසුවෙන් ජීවත්වීමට වාසස්ථාන සපයා ඇති ස්ථානයකි.

ඩෙංගු මදුරුවන් බෝවීමට අවශ්‍ය සියලුම පහසුකම් එහි ඇත. දුරාචාර කටයුතු බහුලව කෙරෙන ස්ථානයක් වශයෙන්ද ප්‍රසිද්ධියක් ලබා තිබේ.

පසුගියදා මීගමුව පොලිසියේ පාරිසරික ඒකකය එය පරීක්‍ෂා කරන විට ඩෙංගු මදුරු කීටයන් බහුලව සිටින ස්ථාන හා බෝවන ස්ථාන කීපයක් හඳුනාගනු ලැබීය.

පසුගියදා මෙම උද්‍යානය ඉදිරිපිට නිවෙසක උසස් පෙළ සිසුවියක් මිය ගියේ ඩෙංගු රක්තපාත උණ වැළඳීමෙනි. මෙහි ඩෙංගු මදුරුවන් හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුවුණු බව බොහෝ දෙනා පැවසූහ.

එහෙත් එදා, තුර බලධාරීන් නිහඬය. අවට නිවැසියන් කීප දෙනකුටද මේ වන විට ඩෙංගු උණ වැළඳී ඇත. ජීවිතයත් මරණයත් අතර සටන් වදිමින් දැඩි සත්කාර ඒකකවල සිට ප්‍රතිකාර ගන්නා අයද සිටිති. මීගමුව රාජපක්‍ෂ මල් උද්‍යානය අයත් වන්නේ මීගමුව මහ නගර සභාවටය. එබැවින් කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස එම බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලති.

http://www.dinamina.lk/2012/01/05/_art.asp?fn=r1201055

No comments:

Post a Comment