Thursday, January 5, 2012

දරුවා පාසලට ගන්න සල්ලි ඉල්ලුවොත් මේ අංකවලට කියන්න

බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අයථා අන්දමින් මුදල් අය කර ගැනීමේ සිද්ධීන් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව එවන් සිදුවීම් පිළිබඳ තොරතුරු සොයා බැලීමට විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. එවැනි තොරතුරක් දැන ගත්තේ නම් 0112-698410 හෝ 075-9222300 අංක අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් ප්‍රධාන ඇමැතිවරයා ඉල්ලීමක් කරයි.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව ආධාර පත්‍රිකා මඟින් ආදිශිෂ්‍ය සංගම් හෝ පාසල් නඟා සිටුවීමේ කමිටු ආදියෙන් මුදල් එකතු කිරීම චක්‍රලේඛ ප්‍රකාරව වරදක් බවද හෙතෙම පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පාසලක අවම මිලක් තීරණය කරමින් මුදල් අය කිරීමක් පිළිබඳ මවුපියන් දැනුවත් කරන රැස්වීමක් විශේෂ විමර්ශන ඒකකය මඟින් වැටලු බවත් එහිදී රුපියල් 15000ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබු බවට හෙළි වූ බවත් රණතුංග මහතා කියයි.


http://www.dinamina.lk/2012/01/05/_art.asp?fn=n1201055

No comments:

Post a Comment