Wednesday, January 4, 2012

Southern Expressway - Public Transport Services begin (4 items)

පනස්‌හයේදී බස්‌ ජනසතු කළා හා සමාන සතුටක්‌ අද මට දැනෙනවා
- ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම



ඇමැති කුමාර වෙල්ගම මහතාගේ සහභාගිත්වයෙන්
දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ලංගම බස්‌ රථ මංගල ගමන
ඇරැඹි මොහොත.......

අධිවේගී මාර්ගයට ලංගම බස්‌ යෙදවීමේ උළෙල

උදේනි චන්ද්‍රසිරි - මහරගම

පනස්‌ හයේදී බස්‌ සේවාව ජනසතු කළා හා සමාන සතුටක්‌ ප්‍රීතියක්‌ අද දින මහරගම ලංගම ඩිපෝවෙන් දක්‌ෂිණ ලංකා අධිවේගි මාර්ගය ඔස්‌සේ ලේලන්ඩ් වර්ගයේ බස්‌ රථ දෙකක්‌ ධාවනය කිරීමේ මංගල අවස්‌ථාව මට දැනෙනවා යෑයි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවැසීය.


ප්‍රවාහන ඇමැතිවරයා මේ බව පැවැසුවේ මහරගම සිට දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා ලංගම ලේලන්ඩ් වර්ගයේ එන්. බී. 1374 සහ එන්. බී. 1375 යන බස්‌ රථ දෙක ධාවනය සඳහා යෙදවීම සම්බන්ධයෙන් ඊයේ (3 දින) පෙරවරුවේදී මහරගම බස්‌ රථ ගාලේ පැවැති උත්සවයේදීය.


මෙම අවස්‌ථාවට ප්‍රධාන නියෝජ්‍ය ඇමැති රෝහණ කුමාර දිසානායක, බස්‌නාහිර පළාත් ප්‍රවාහන ඇමැති උපාලි කොඩිකාර, මහරගම නගර සභාපති කාන්ති කොඩිකාර, මහරගම නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර, ලංගම සභාපති එම්. බී. බින්දුසේන, උප සභාපති එල්. ඒ. විමලරත්න, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.


මේ අනුව පෙ.ව. 6.00 ගාල්ලෙන් සහ මහරගමින් ආරම්භ කරන බස්‌ රථ දෙක දිනකට ගමන්වාර 6 ක්‌ මෙම මාර්ගයේ ධාවනයේ යෙදෙනු ඇත. මෙහිදී මහරගම සිට ගාල්ල දක්‌වා රුපියල් 400 ක්‌ද කොට්‌ටාවේ සිට ගාල්ල දක්‌වා රු. 380 ක්‌ද අයකරනු ලැබේ.


මෙම මාසයේ මැද භාගයේදී පෞද්ගලික බස්‌ රථ දෙකක්‌ සේවයේ යෙදවීමට ක්‍රියා කරන අතර, එක්‌ ගමන් වාරයක්‌ සඳහා පැය එකහමාරක කාලයක්‌ ගතවනු ඇත.


ඉදිරියේදී රීලෝඩ් ක්‍රමය භාවිතා කරමින් ප්‍රවේශ පත්‍ර වෙනුවට රීලෝaඩ් කාඩ් ක්‍රමය බස්‌ මගීන් සඳහා හඳුන්වා දීමට ද ක්‍රියාකෙරෙනු ඇත.
http://www.divaina.com/2012/01/04/news14.html


පරණ බස් දුවන මාර්ගවලට මේ අවුරුද්දේ අලුත් බස්

මහරගම සමූහ ටී. ඩී. සිරිසේන

2012 වසරේදී පරණ බස් දුවන මාර්ගයන් සඳහා නව බස්රථ ලබාදීමේ අදහසක් ඇතැයි ද රජයේ පරමාර්ථය ජනතාවට උසස් බස් සේවාවක් ලබාදීම යයිද ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මගීන් සඳහා ලංගම මගින් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් මහරගම සිට ගාල්ල දක්වා ඇරඹීමේ (මාර්ග අංක E 01) උත්සවයට එක් වෙමිනි. “ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගයේ ප්‍රථම වරටයි මේ ගමන අරඹන්නේ, අද හොඳ වාසනාවන්ත දවසක්. බස් ජනසතු කළ දවස වගෙයි. ජනතාවට හොඳ බස් සේවාවක් සැපයීමට හැකිවීම ගැන ඊට අවස්ථාව පාදාදුන් අතිගරු ජනාධිපති තුමාට ස්තුතිවන්ත වෙනවා” යයිද ඇමතිවරයා කීය.

ලංගම සභාපති එම්. ඩී. බන්දුසේන මහතා

ඉදිරි කාලයේදී දුරකථනයෙන් බස් රථ වෙන්කරවා ගැනීමට මෙන්ම ටිකට් නොගෙන “රීලෝඩ් කාඩ් සිස්ටම්” ක්‍රමයට මගීන්ට බස් රථයේ ගමන් කිරීමට සැලසීමට ද අදහස් කරනවා. අපේ වෙබ් ජාලය දියුණු වෙබ් ජාලයක්. ඒ අනුව සියලු කාර්යයන් කාර්යක්‍ෂමව කරගෙන යනවා. ලංගම බස් රථ 7000ක් දක්වා වැඩි කරනවා. අපි පාඩු ලබනවා කීවාට අපි කරන්නේ සේවාවක්. පාසල් යන දරුවාගේ සිට ගමේ එලවළු, පළතුරු ඇතුළු නිෂ්පාදන නගරයට ගෙන එන ගැමියා දක්වා ප්‍රවාහනය කරමින් කටයුතු කරන්නේ අපියි. ඒ සේවය තුළින් ජනතාව ලබන ආදායම රටේ ආදායමක් ලෙසයි අපි සලකන්නේ.

මහරගම නගරාධිපතිනී කාන්ති කොඩිකාර මහත්මිද කථා කළාය. මේ අවස්ථාවට නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක, බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර යන මහත්වරුද සහභාගි වූහ. බස් රථයේ ගමන් කිරීම සඳහා අළුයම සිට ජනතාව පෙළ ගැසී සිටි අතර, මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරද්දී පීත්ත පටියක් කපා බස් රියට නැගි ඇමැතිවරයා බස් රථය ධාවනය කරවීය. සෑම පැය දෙකකට වරක් බස් රථයක් පිටත් වන අතර, පෞද්ගලික අංශයටද බස් රථ දෙකක් ධාවනයට දෙන බැව් ඇමැතිවරයා පැවැසීය.'


http://www.dinamina.lk/2012/01/04/_art.asp?fn=n1201044


SLTB launches luxury bus service on Southern Expressway



By Don Asoka Wijewardena

Transport Minister Kumara Welgama yesterday inaugurated a new SLTB luxury bus service between Maharagama and Galle on the Southern Expressway. The new service commenced at 6.00 a.m. from the Maharagama Bus Stand while at the same time a bus commenced operating from Galle to Colombo.

The new service will operate once in two hours both ways, the Transport Ministry said.

When contacted, Minister Welgama said that the new SLTB bus service would ease passenger congestion between Colombo and Galle. He said he would increase the number of luxury buses on the route depending on the demand. The Lanka Private Bus Owners’ Association (LPBOA) had also agreed to operate buses on the Southern Expressway at a 60 percent ratio.

He added that each luxury bus costs Rs.10.1 million. It consists of 42 seats and one could reach the destination within an hour.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=42474


Super luxury bus service begins operations on Expressway

Irangika RANGE

The first super luxury bus introduced by the Sri Lanka Transport Board (SLTB) on the Southern Expressway began operations yesterday morning from Maharagama.

This bus service will daily operate from the Maharagama and Galle bus stands from 6 am to 5 pm. A bus will be operated in both directions every two hours.

The imported buses have 42 seats and have TV facilities, safety seat belts, automated doors and windows with digital name plates as well. Seat belts are mandatory for all passengers.

A passenger will pay Rs 380 at the start of the journey from the Kottawa entry/exit point. Rs 400 will be charged, if a passenger begins the journey from Maharagama.

Transport Minister Kumara Welgama said at the launching ceremony at Maharagama that luxury buses were purchased by the SLTB with a concern for passenger safety. The value of a 42-seat super luxury bus is Rs 11 million.

He said the SLTB has granted the route allocation of 40 percent, while private buses were granted the balance 60 percent of route allocations by the NTC.

The number of buses operating on the Expressway will be increased according to passengers' needs.

http://www.dailynews.lk/2012/01/04/news23.asp

No comments:

Post a Comment