Wednesday, January 4, 2012

විල්පත්තු වනෝද්‍යානයට යාබදව මහා පරිමාණ ගංජා හේනක් වටලති

සැකකරුවන් 2ක් අත්අඩංගුවට

අනුරාධපුර මධ්‍යම විශේෂ අමිල ප්‍රභාත් වනසිංහ

රාජාංගණය පොලිස් වසමේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව මිරිස් හේනක් පවත්වාගෙන යන මුවාවෙන් ගංජා හේනක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු රාජාංගණය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. රාජාංගණය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇති අතර, හොඳින් වැඩුණු ගංජා පැල විශාල ප්‍රමාණයක් තිබූ බවත්, එක් පැලයක් අඩි තුනක් පමණ වන බවත් පොලිසිය පවසයි.


ගංජා හේන වැටලු රාජංගනය පොලිස් ස්ථානාධිපති පො. ප. කපිල දිසානායක මහතා ඇතුළු පිරිස ගංජා පැළ පරීක්ෂා කරන අයුරු. ඡායාරූපය – අනුරාධපුර මධ්‍යම විශේෂ


අක්කරයක පමණ භූමි ප්‍රමාණයක මේ වගාව සිදුකර තිබූ බවද පොලිසිය පවසයි. වැටළු ගංජා හේනේ පැළ සියල්ල විනාශ කර දමන බවද රාජාංගනය පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න හා තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් රාජාංගනය පොලිසියේ ස්ථානාධිපති පො. ප. කපිල දිසානායක,, උ.පො.ප. ජයනන්ද, සැරයන් වරුන් වන 28004 තිලක්, 54287 පියරත්න, 48074 කාලිංග, පොලිස් කොස්තාපල්වරුන් වන 40235 වසන්ත, 47922 පි‍්‍රයන්ත යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත.


http://www.dinamina.lk/2012/01/04/_art.asp?fn=u1201047

No comments:

Post a Comment