ජයසිරි මුණසිංහ
මෙරට කෘෂි කර්මාන්තය නංවාලීම සඳහා ලෝක බැංකුව රුපියල් මිලියන 650ක මුදලක් ලබා දීමට තීරණය කර ඇත. ග්‍රාමීය ගොවි ජනතාවගේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා මේ මුදල් යොදවන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ආර්ථික උපදේශක හෙන්ඩ්‍රි බගංසන්සියා[Hendri Bogansevcia] මහතා පවසයි. එක්සත් ජනපද අන්තර් ජාතික සංවර්ධන ආයතනයේ [USAID] ආධාර යටතේ වසර 2009 සිට මෙරට ගොවිතැන වැඩිදියුණු කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇතැයි ද ඔහු කීය. මීට අමතරව කලාපීය ආර්ථිකයන් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘති ද [CORE] ක්‍රියාත්මක කැරිණි.
ඒවා බොහෝ සේ ක්‍රියාත්මක වූයේ ගැටුම්වලින් දුෂ්කරතාවයන්ට පත් නැඟෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුන වන ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ උතුªරු මැද පළාතේ අනුරාධපුරය දිසාවේ හා ඌව පළාතින් මොනරාගල වේ. ලෝක බැංකු ආධාර මුදල හා යූ එස් එඩ් ආයතනය යොදා ගෙන නව කෘෂිකාර්මික ක්‍රම හඳුන්වා දීම, වටිනාකමින් වැඩි නව ආර්ථික බෝග වගාව හඳුන්වා දීම, නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම, ඵලදායිතාවය වැඩි කිරීම, ගොවින් පුහුණු කිරීම හා ව්‍යාපෘති සේවා පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.
ඒ සඳහා වූ මූලික යටිතල පහසුකම් නැංවීමට ද මින් අපේක්‍ෂා කැරේ. එක්සත් ජනපද අන්තර් ජාතික සංවර්ධන ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක කළ (කොයාර්) ව්‍යාපෘතියේ අවසන් සම්මන්ත්‍රණයට එක්වෙමින් ලෝක බැංකු උපදේ්ශකවරයා මේ තොරතුරු අනාවරණය කෙළේ ය. මේ අවස්ථාවට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, යූ.එස්.එඩ් ආයතනයේ ප්‍රධානි ජේම්ස් බෙඩිනර්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විදේශ ආධාර සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂ ඇලෙක්‍ෂි ගුණසේකර, ගොවි ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
http://www.dinamina.lk/2012/01/04/_art.asp?fn=n1201042
No comments:
Post a Comment